ගෑනුන් සූරන නිට්ටෑවන්

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ගෑනුන් සූරන නිට්ටෑවන්

    ගෑනුන් සූරන නිට්ටෑවන්

    nittawa.jpg

    සියවස් දෙකකට පසු නිට්ටෑවා යළිත් කරළියට පැමිණ තිබේ. ‍ලේඛනගත ප්‍රවාදයක් ලෙස පමණක් අප දැන සිටි නිට්ටෑවාගේ වාසභූමිය නැගෙනහිර පළාතේ කුඩුම්බිගල ප්‍රදේශයේ බව රටට පතළ කතාවකි. එහෙත් පසුගිය දෙසතියේ පළවූ පුවත්පත් සහ විකාශනය වූ ප්‍රවෘත්ති වැඩසටහන් සලකා බැලීමේදී නිට්ටෑවා සමස්ත ලංකා මට්ටමෙන් සමාජගතව ඇත්දැයි යන සැකය පවා අපට ඇතිවේ. ඒ දිගාමඩුල්‍ලේ කුඩුම්බිගලින් මතු නොව වයඹ පළාතේ කුලියාපිටියෙන් සහ රජරට විල් බැඳි දනව්වෙන් පවා නිට්ටෑවන් දුටු බවට පුවත් පළවීමත් සමගය.

    රට සිව් කොණ නිට්ටෑවන් දර්ශනය වන බවට වූ පුවත් නිසා මානව විද්‍යාඥයන්ගේ පමණක් නොව හුදී ජනයාගේද මානව විද්‍යාත්මක කුතුහලය මෙන්ම නිට්ටෑවන් පිළිබඳ උනන්දුව දලුලා වැඩෙන්නට විය එකී කූට ප්‍රාප්තිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් “නිට්ටෑ වත” සොයා නැගෙනහිර පළාතේ කළ සංචාරය දැක්විය හැක. ස්වර්ණවාහිනි රූපවාහිනි සේවය විසින් සංවිධානය කළ මේ ගවේෂණ චාරිකාව මෑත ඉතිහාසයේ “නිට්ටෑවත”
    ගවේෂණය සඳහා විද්වත් දායකත්වය දැක්වූ එකම අවස්ථාව ලෙස දැක්විය හැක.

    මෙකී චාරිකාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය සේපාල සමරසේකර ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගි විය. එහිදී රැස්කළ දත්ත විශ්‍ලේෂණය කිරීම මානව විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එකී විශ්‍ලේෂණයන් පිළිබඳ අප හා අදහස් දැක්වූ මහාචාර්යවරිය පවසා සිටියේ නිට්ටෑවා යනු හුදු කල්පිතයක් ලෙස සලකා බැහැර කළ නොහැක්කක් බවය.
    ලංකාවේ වානර මානව ලක්ෂණ සහිත පුද්ගලයකු ලෙස විග්‍රහ කෙරෙන නිට්ටෑවා ලිඛිත මූලාශ්‍රවල හමුවන සත්වයෙක්.

    19 වැනි සියවසේ ලෝපුරා මානව විද්‍යාව පිළිබඳ උනන්දුව ඇති වුණා. ඊට සමගාමීව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තම යටත් විජිත දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමට එකී රටවල සංස්කෘතිය හදාරන්නට උත්සාහ ගත්තා. ඒ සමගම මානව විද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව වැනි රටවලට ගොස් එහි සංස්කෘතික පදනම හදාරන්නැයි බ්‍රිතාන්‍යයෙන් බල කළා හියුනෙවිල් කියන පරිපාලනය නිලධාරියා ලක්දිවට පැමිණෙන්නෙත් ඒ අනුවයි. රජරට ප්‍රදේශයේ ආදායම් පාලකවරයකු ලෙස සේවය අරඹන ඔහු පසුව තැ‍ප්‍රෝබේන් වැනි සඟරාවලට ලිපි ලියනවා. නිට්ටෑවා පිළිබඳ මතය හාපුරා කියා සමාජ ගතවෙන්නේ ඔහුගෙන්” මහාචාර්ය යසාංජලි පියතිලක පවසන්නීය.
    නිට්ටෑවන් පිළිබඳ පුවත් නෙවිල්ට පවසන මුදලිඳු ද සිල්වා ඒ පිළිබඳ වැඩිමනක් කතා දන්නා “කොරලියා” නම් වැද්දා ඔහුට හඳුන්වා දෙන්නේය. හියුනෙවිල්ට නිට්ටෑ තොරතුරු ගලා එන්නේ කොරලියාගෙනි.

    “හියුනෙවිල් ලංකාවට එන කාලයේ මම කියූ පරිදි ආසියානු රටවල මානව වර්ග, අභිචාරවිදි ඇදහිලි ක්‍රම ගැන බ්‍රිතාන්‍ය තුළ ලොකු උනන්දුවක් ඇතිව තිබුණා. මේ නිසා නැගෙනහිර පළාතේ ඇවිද එක් රැස්කරගත් තොරතුරු ඔහු තැ‍ප්‍රොබේන්, වැනි සඟරාවලට ලිපි ලෙස සැපයුවා. නිට්ටෑවා ලාංකික ජනකතාවලින් මිදී ලෝකයට ගියේ හියු නෙවිල් ලියූ ඒ ලිපිවලින්” මහාචාර්යවරිය පවසන්නීය.

    හියුනෙවිල්ට නිට්ටෑ තොරතුරු කියා පෑ ප්‍රධානියා කොරලියාය. එහෙත් කොරලියාද නිට්ටෑවන් දැක තිබූ අයෙක් නොවේ. ඔහුට ඇත්තේ ඔහුගේ සීයා ඒ පිළිබඳ කියූ කතාවල මතකයය. ඒ අනුව නිට්ටෑ සංහාරය සිදුවූ බව කියන ‍ලේනම ගල්ලෙන් මොනවාදැයි නිච්චියටම පැවැසීමට කොරලියාට නොහැකි වී තිබේ. හියුනෙවිල්ට අමතරව නිට්ටෑවන් පිළිබඳ සෙවුවෝ බොහෝය. ඒ අතර නොඩ්‍රික් ෆිච් නමැත්තාද වෙයි. නෙවිල්ට කොරලියා මෙන්ම ෆෙඩ්‍රික්ට තොරතුරු සපයන්නේ “දීසංහාමි” නම් වැද්දෙකි. දීසංහාමි පවසන පරිදි ඔහුගේ සීයා ‍ලේනම නිට්ටෑ සංහාරයට එක්වූවෙකි. එහෙත් ඔහුටද ‍ලේනව පිහිටා ඇති ගල්ලෙන් අතරින් නිට්ටෑද සංහාරය සිදුවූ ගල් ලෙන කුමක්දැයි හරිහැටි පැවැසීය නොහැකි වී ඇත.

    පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ඇදුරන් පිරිසක් නිට්ටෑ වත සොයා නැගෙනහිරට යන්නට හේතුවද නිට්ටෑ පුරාවෘත නැගෙනහිර කේන්ද්‍ර කර විසිරි තිබිමය.

    “නිට්ටෑවන් දුටුබවට ප්‍රවෘත්ති පළවන නිසා මේ පිළිබඳ ගවේෂණයකට නැගෙනහිර පළාත සුදුසු බව අපි තීරණය කළා. ඒ අනුව ජ’පුර සරසවියේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචර්ය සේපාල සමරසේකර ප්‍රමුඛ කණ්ඩායම පසුගියදා නැගෙනහිර පළාතේ තොට්ටම කියන ගමට ගියා.” මහාචාර්ය යසාංජලී ජයතිලක පවසන්නීය.
    ස්වර්ණවාහිනි මාධ්‍ය කණ්ඩායම හා සිවිල් ආරක්ෂක සෙබළුන්ද කැටිව තොට්ටම ගිය ජපුර මානව විද්‍යා අධ්‍යාපන අංශයේ සාමාජිකයන්ට එහිදී නිට්ටෑවන් දුටු බව කියන උදවියගේ කතාද අසන්නට ලැබුණි. ඒවා විමසීමේදී තහවුරු වූ ප්‍රධාන කරුණ වනුයේ මේ අය දුටු නිට්ටෑවා හියු නෙවිල් පවසන නිට්ටෑවාට වඩා වෙනස් බවය.

    එදා මුළුමනින්ම නග්නව සිටි නිට්ටෑවා අද වන විට සම් කැබැල්ලකින් විලිවසාගන්න තැනට ශිෂ්ට වී තිබිම ඊට හොඳ උදාහරණයකි. තොට්ටම වරාලන්ද අවට ගැමියන්ගේ තොරතුරු ලබාගැනීමෙන් පසු වනයට ඇතුළු වූ ජපුර පර්යේෂකයෝ දින දෙකකට ආසන්න කාලයක් මහවනය පීරා බැලූහ. ඔවුහු එහි ඇති ගල්ලෙන් ගණනාවක් පරීක්ෂා කළෝය. එහෙත් වන සතුන් හැර නිට්ටෑවකුගේ සලකුණක් දැකගන්නට ඔවුනට නොහැකි විය. එසේ නම් නිට්ටෑ පුවත හුදු මිථ්‍යාවක් නොවේදැයි අපි මහාචාර්ය යසාංජලී ජයතිලකගෙන් විමසා සිටියෙමු. ඇය පවසනුයේ එය මිථ්‍යාවක් ලෙස බැහැර කළ නොහැකි බවය.

    “මානව විද්‍යාව තුළ ජනප්‍රවාද වැනි දේ එකවරම බැහැර කරන්න බෑ. නිට්ටෑවා කාටවත් තවම හමු වී නෑ. එහෙත් අනාගතයේ ‍පොසීල සාධක මගින් හෝ එවැන්නෙක්් සිටින බව තහවුරු වෙන්න පුළුවන්. ඊයේ හෝ පෙරේදා තහවුරු නොවූ දේවල් හෙට හෝ අනිද්දා කැණීමකින්. ‍පොසිල විද්‍යාත්මකව තහවුරු විය හැකියි. අනික් කාරණය නැගෙනහිර පළාතෙන් නිට්ටෑවා පිළිබඳ ලැබෙන පැරණි සාක්ෂි එක වගේ ඒවා වීමයි. හියුනෙවිල්, ෆෙඩ්‍රික් ෆිච්, ඩබ්ලිව්.ඩී. ඔස්මන් වැනි පර්යේෂකයන් සියල්ල නිට්ටෑවා පිළිබඳ දරන්නේ එක මතයක්. කොරලියා හා දීසංහාමි කියන ආදිවාසීන් තොරතුරු එක සමානය. පරස්පරයක් තියෙන්නේ මෑත භාගයේ ලැබෙන තොරතුරුවලයි.'' ඈ පවසන්නීය.

    කෙසේ වෙතත් වැදි ජනයා සමග සමීප සබඳතා රාශියක් පැවැත්වූ වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් පවසන්යේ නිට්ටෑවා මිනිසෙකු නොව කලකට පෙර නැගෙනහිර පළාතෙන් වඳව ගිය රතු වලසා නම් වලස් විශේෂ බවයි. එහෙත් බෙහෝදෙනකු පවසනුයේ වනගත ජීවිතයේ සුලබව හමුවන වලසුන් සහ මිනිස් විශේෂයක් හඳුනාගැනීමට වැදි ජනයාට බැරිවිය. නොහැකි බවයි. එසේනම් නිට්ටෑවා ඉන්දුනීසියාවෙන් හමුවූවා යැයි කියන හෝමෝ ෆොලොරෝන් සීස් නම් ආදි මානව විශේෂයට අයත්ද යන තර්කය කෙනෙකුට නැගිය හැක. එහෙත් නූතන හෝමෝ සේපියන් මානවය සමග වසර ලක්ෂ ගණනාවකට පෙර සිටි හෝමෝ ෆොලොරොස්සිස් මානවය එකට වසන්නේ කෙසේ දැයි කියන තර්කයට පිළිතුරු සැපයීමට අපට සිදුවේ.

    කෙසේ වෙතත් අප නිට්ටෑවා ආදි මානව කොටසක් ලෙස සලකා ගැටලුවට විසඳුම් සොයද්දී වර්තමානයේ රට සිව්දෙසින් වාර්තා වන “නිට්ටෑවන්” ආදි මානවයන්ට වඩා විකෘති ආශාවන් සහිත නූතන කාමාතුරයන් දැයි අපට සිතෙන්නේය. ඒ ඔවුන් බොහෝදෙනෙකුගේ හැසිරීම රාත්‍රියේ පැමිණ කාන්තාවන් අතපතගා පැන යන ග්‍රීස් යකුන් සමාන බව පෙනෙන නිසාය. කුලියාපිටිය විලච්චිය ආදි ප්‍රදේශවලින් දුටු බවට පැවැසෙන නිට්ටෑවුන් කාන්තාවන් කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වීම නිසා එවැනි සැක ඇති වෙයි.

    නිට්ටෑවන් සමූල ඝාතන කළා යැයි පැවැසෙන වැදි ජනයාගේ වත්මන් නායකයා වන ඌරුවරිගේ වන්නිලඇත්තෝද නිට්ටෑවන් ලංකාවේ ජීවත් වූ බව පිළිගනී. එහෙත් තම වර්ගයා ඔවුන් සමූල ඝාතනය කළ බව ඔහු පිළිනොගනී. බි.බි.සී. ආයතනයට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු පවසනුයේ “එක තැනකට එකතු කර ගිනි තබා මරන්න ඒ ඇත්තෝ මීයෝ වගේ සත්තු නොවන බවයි. එමෙන්ම නිට්ටෑවන් වැදි දරුවන් කා දැමූ බවද ඔහු ප්‍රතික්‍ෂේප කරයි.

    කෙසේ වෙතත් ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දිවි ගෙවූ ප්ලෙනි මෙගස්තිනස් වැනි සංචාරක සටහන් තබන්නන් පවා ශ්‍රී ලංකාව සහ දකුණු දිග ඉන්දියාවේ වනාන්තර බදව දිවි ගෙවූ සයිනොසෙපිලි නම් අබිරහස් ජීවියෙකු පිළිබඳ සඳහන් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ජීවත් වූ බව කියැවෙන් නිට්ටෑවට අර්ධ මිනිස් ලක්ෂණ සහිත බව වාර්තා නොවේ. එහෙයින් නිට්ටෑවා යනු ආදි මානව වර්ගයක්ද, සත්ව විශේෂයක්ද, නොඑසේනම් ජනප්‍රවාදයේ එන ප්‍රබන්ධයක් පමණක්ද යන්න තහවුරු කරදීම මානව විද්‍යාඥයන් අත ඇති වගකීමකි.


    අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එක්කෝ කැලාව ඇතුලේ ගංජා කපනවා නැතිනම් නිදන් හාරනවා. දැන් මේක උඩ දාලා ගේම ගැහුවකි.. මතකනේ "ග්‍රීස්පියා"
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සමහර ගෑණු හොර මිනිස්සු එක්ක එක එක පඳුරු අස්සෙ ලැගල ඇඟ පත හීරුනාම මිනිහ ගේම ඉල්ලයි කියන බයට ඔය වගේ බින්න දෙසාබානව... එතකොට මිනිහත් වෙන වැඩ තියල හුරතල් කොර කොර ඉන්නවනේ...
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    සමහර ගෑණු හොර මිනිස්සු එක්ක එක එක පඳුරු අස්සෙ ලැගල ඇඟ පත හීරුනාම මිනිහ ගේම ඉල්ලයි කියන බයට ඔය වගේ බින්න දෙසාබානව... එතකොට මිනිහත් වෙන වැඩ තියල හුරතල් කොර කොර ඉන්නවනේ...

    :lol::lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    ප...යාගේ වත්ත වටෙත් නිට්ටෑවුන් කැරකිලා

    ත්‍රෙඩ් එකක තියෙන වැදගත් කම නිසා බම්ප් එකක් දැම්මාමාත් මොන ප...යාද මේ රෙප් කපන්නේ... ඌ උපදින්න මාස 10කට කලින් උගේ වත්ත වටෙත් නිට්ටෑවුන් කැරකිලා මගේ හිතේ....
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    සමහර ගෑණු හොර මිනිස්සු එක්ක එක එක පඳුරු අස්සෙ ලැගල ඇඟ පත හීරුනාම මිනිහ ගේම ඉල්ලයි කියන බයට ඔය වගේ බින්න දෙසාබානව... එතකොට මිනිහත් වෙන වැඩ තියල හුරතල් කොර කොර ඉන්නවනේ...


    රෙප් +++







    තැන්කියු...
     
    Last edited:
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    සමහර ගෑණු හොර මිනිස්සු එක්ක එක එක පඳුරු අස්සෙ ලැගල ඇඟ පත හීරුනාම මිනිහ ගේම ඉල්ලයි කියන බයට ඔය වගේ බින්න දෙසාබානව... එතකොට මිනිහත් වෙන වැඩ තියල හුරතල් කොර කොර ඉන්නවනේ...

    උඹ වෙනමම කෝණෙකින් ඒ දිහා බලල වගේ...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ත්‍රෙඩ් එකක තියෙන වැදගත් කම නිසා බම්ප් එකක් දැම්මාමාත් මොන ප...යාද මේ රෙප් කපන්නේ... ඌ උපදින්න මාස 10කට කලින් උගේ වත්ත වටෙත් නිට්ටෑවුන් කැරකිලා මගේ හිතේ....


    ඕක හැමෝටම වෙනව මගෙත් රෙප් කපාගෙන ගිහින්..
    හේතුව නොදනී... උඹ කිව්ව විදියට ජාතකවුන එකෙක්ම තමයි...