ගෑස්‌ පිරිමසා ගන්නේ කොහොමද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ගෑස්‌ පිරිමසා ගන්නේ කොහොමද?

gas-cookers.jpg

අපට ආහාරපාන පිළියෙළ කිරීමේදී යොදා ගත හැකි ලාභදායකම ඉන්ධනය ලෙස හඳුන්වා දිය හැක්‌කේ ඛඡ ගෑස්‌ය. ඒ අනුව දර හැරුණු විට අපගේ ගෘහනියන් වැඩි දෙනෙකු විශේෂයෙන් නාගරික ගෘහනියන් භාවිත කරන්නේ ඛඡ ගෑස්‌ය. ඛඡ ගෑස්‌ සිලිsන්ඩරයක්‌ වැඩි කලක්‌ භාවිතයට ගත හැකිවීමද ගෘහනියන් ඉන්ධන ලෙස ගෑස්‌ යොදා ගැනීමට හේතුවකි. ඒ නිසා ඒ පිළිබඳව නිසි දැනීමක්‌ අවබෝධයක්‌ ගෘහනියන් තුළ තිබීම වැදගත්ය.

ගෑස්‌ උඳුනක කාර්යක්‌ෂමතාවය

ඔබගේ නිවසේ විදුලි බිල අවම කර ගැනීමට ඔබට විකල්ප මාර්ග අනුගමනය කරන්නට සිදුවෙයි. ඔබ විදුලි බලය භාවිතයෙන් ඉවුම් පිහුම් කරන්නේ නම් ඒ වෙනුවට දර හෝ ගෑස්‌ යොදා ගැනීම වඩාත් සුදුසුය. ගෑස්‌ උඳුනක කාර්යක්‌ෂමතාවය 40%-60% අතර පවතියි. ඒ නිසා එකි කාර්යක්‌ෂමතාවය ඒ අයුරින්ම තබා ගැනීමට උඳුනෙන් නිකුත්වන දැල්ල නිල්පාට දැල්ලක්‌ ලෙස තබා ගැනීම කළ යුතුය.

එසේ නොමැතිව ගෑස්‌ උඳුනෙන් කහපාට දැල්වේනම් එය අකර්යක්‌ෂමතාවය හෙළි කරන්නකි. කහ දැල්ලක්‌ නිකුත් වේ නම් ගෑස්‌ උඳුනේ වලින් ඇති වා කවුළු නිසියාකාරව සකසා නිල් දැල්ලක්‌ ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්‌තිය නිල් දැල්ලට වඩා අඩුය.

උඳුන පිරිසිදුව තබා ගන්න

ගෑස්‌ උඳුන පිරිසිදුව තබා නොගැනීමෙන් උඳුන දැල්ල පිටවන සිදුරු කුණු රොඩුවලින් වැසී ඇති විට ගෑස්‌ දහනය අකර්යක්‌ෂම වේ. එමෙන්ම එම සිදුරු විශාල වී හෝ කැඩී ඇත්නම් එම කොටස (බර්නරය) අලුතින් සවිකරන්න.

ආහාර පිසිමේ ක්‍රම

ආහාර පිසීමේ ක්‍රම බෙදා දැක්‌විය හැකිය. නියත තාපාංකය යටතේ ආහාර පිසීම (තැම්බීම) සහ ජලය තාපාංකයට වඩා වැඩි නියත උෂ්ණත්වයක්‌ යටතේ ආහාර පිසීම (බැදීම හා පිළිස්‌සීම) තැම්බීමේදී ජලය නටන උෂ්ණත්වයට පැමිණි පසු කොපමණ තාපය වැඩි කළද ආහාරවල උෂ්ණත්වය වැඩි කළ නොහැකිය. එවනි අවස්‌ථාවක කළ යුත්තේ නටන උෂ්ණත්වයේ තබා ගැනීමට අවශ්‍ය තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක්‌ ඉතිරි කර ගත හැකිය. ධාන්‍ය වාර්ග පිසීමට ප්‍රථම ජලයේ පොඟවා ගැනීමෙන් එවන් ආහාර ඉක්‌මනින් පිසගත හැකිවේ. ඒ තුළින් විශාල ගෑස්‌ ප්‍රමාණයක්‌ ඉතිරි කර ගත හැකිය. පිසීමට ගන්නා ආහාර ප්‍රමාණයට සරිලන භාජන තෝරා ගැනීමද ඉතා වැදගත්වේ.

ආහාර ස්‌වල්පයක්‌ සකසා ගැනීමට විශාල භාජන තෝරා ගැනීමෙන් එම බඳුන් රත්වීමට විශාල ගෑස්‌ ප්‍රමාණයක්‌ අවශ්‍ය වෙයි. එමෙන් ම උඳුනේ ප්‍රමාණයට වඩා භාජන ද තෝරා නොගත යුතුයි. මන්ද එසේ වීමෙන් උඳුනෙන් නිකුත්වන තාපය වැඩි ප්‍රමාණයක්‌ නිකරුනේ වාතයට මුසුවේ. එය ආකාර්යක්‌ෂම පරිභෝජනයකි.

ආරක්‌ෂාව

ඛඡ ගෑස්‌ පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්‌සමින් කළ යුතුය. ඇතැම් විට සුළු අත් වැරැද්දකින් ඔබේ ජීවිතය මෙන්ම නිවසද ඔබට අහිsමි විය හැකිය. මේ නිසා ගෑස්‌ පරිභෝජනයේදී මේ කරුණු කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න.

ගෑස්‌ කාන්දුවීම

ඛඡ ගෑස්‌ වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රථම ඒවාට විශේෂ සුවඳක්‌ මිශ්‍ර කරයි. මේ නිසා ගෑස්‌ කාන්දු වීමක්‌ හොදින් හඳුනා ගත හැකිය. නිවසේ මුළුතැන්ගෙයි ගෑස්‌ සුවඳක්‌ පැමිණියහොත් එහි දොර ජනේල හොදින් විවෘත කරන්න. (ලයිටර් සිගරට්‌ වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න. ගෑස්‌ සිලින්ඩරය මුළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස්‌ උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක්‌ යොදා ගැනීම ආරක්‌ෂාකාරි ක්‍රමයකි. ගෑස්‌ කාන්දුවුවද ඒ අවට පරිසරය විශාල නිසා අනතුරු සිදුනොවේ. එමෙන් ම ගෑස්‌ සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන් ම නිවසේ තැන්පත් කර තබන අවස්‌ථාවලදී එය උස අතට සිටිනසේ තැබිය යුතුය. එක්‌ සිලින්ඩරයක්‌ අවසන්ව අලුත් සිලින්ඩරයක්‌ භාවිතයට ගනිද්දී රෙගියුලේටරය හා ගෑස්‌ උඳුන කරා ගෙන යන නලය පළුදු වී ඇද්දැයි බැලිය යුතුය.

මෙසේ කිරීමෙන් අනතුරු අවම කරගත හැකිය. එවිට ඔබේ නිවසේ දෛනිකව ආහාර පිසීමට ජලය උණුකරවා ගැනීමට ගෑස්‌ භාවිතයෙන් ඒ සඳහා යන සියලුම වියදම අඩු කරගත හැකිය. ඔබ වෙනදාට වඩා වැඩි කාලයක්‌ ගෑස්‌ සිලින්ඩරය භාවිත කළහොත් එය ඔබේ ආර්ථිකයටත් රටේ ආර්ථිකයටත් බලපෑමක්‌ කරනු ඇත. වසරින් වසර ගෑස්‌ පරිභෝජනය ඉහළයයි. ගෑස්‌ ආනයනයටද වියදම වැඩිවේ. ඔබ ඉතිsරි කරන දෙය රටේ අභිවෘදධි යට යොදා ගත ගත හැකියි.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මොකද්ද බන්z නිකන් බම්පියක් වත් දාල යමන්කෝ අනිත් එවුන්ටත් බලන්න
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ගැස් ටැංකියට සවිකරන රෙගුලේටර පරන එකක් නම් අලුත් එකක් ගන්න ඒක ගොඩක් ඒ ගනිද්දි ඒකෙ ඇතුලෙ තියෙන පින් එක ප්ලාස්ටික් එකක් ගන්න ඒක ගොඩක් හොදයි ලු සාමන්‍ය ඒවල තියෙන්නෙ තබ හෝ යකඩ කැල්ලක් ගිනි ගැනිමකදි ප්ලාස්ටික් කැල්ල උනුවෙලා ගිහින් ගෑස් එන එක නවතිනවා හැබැයි ඒ රෙගියුලේටරය රු 1900ක් විතර වෙනවා:dull:
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ගැස් ටැංකියට සවිකරන රෙගුලේටර පරන එකක් නම් අලුත් එකක් ගන්න ඒක ගොඩක් ඒ ගනිද්දි ඒකෙ ඇතුලෙ තියෙන පින් එක ප්ලාස්ටික් එකක් ගන්න ඒක ගොඩක් හොදයි ලු සාමන්‍ය ඒවල තියෙන්නෙ තබ හෝ යකඩ කැල්ලක් ගිනි ගැනිමකදි ප්ලාස්ටික් කැල්ල උනුවෙලා ගිහින් ගෑස් එන එක නවතිනවා හැබැයි ඒ රෙගියුලේටරය රු 1900ක් විතර වෙනවා:dull:

මචන් ස්තුතියි මේ ගැන කියල දුන්නට. මම ගත්තෙ තඹ පින් එකක් තියෙන රෙගූලේටරයක්. ඔය වගක් දැනගෙන හිටියෙ නෑනෙ. මේක අයින් කරලා උඹ කියන ජාතියේ එකක් ගන්න ඕන. :yes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් ස්තුතියි මේ ගැන කියල දුන්නට. මම ගත්තෙ තඹ පින් එකක් තියෙන රෙගූලේටරයක්. ඔය වගක් දැනගෙන හිටියෙ නෑනෙ. මේක අයින් කරලා උඹ කියන ජාතියේ එකක් ගන්න ඕන. :yes:
මම කලින් ගත්තෙන් 650ක එකක් පස්සෙ හර්ඩ්වෙයර් එකෙ ඉන්නෙයාලුවෙක්ගෙ අයියා කෙනෙක් මිනිහා තමයි සීන් එක කිව්වෙ අනිත් එක 1900ක් උනා කතාවෙ ඇත්තක් තියෙනවා වැගෙ නැත්නම් එහෙම කියන්නෙ නැ නෙ :yes:

ඕක ගත්තෙත් බන් අපෙ ගෙදර පැත්තක දාල තිබුන ගැස් ටැංකිය රෙගියුලේටරෙත් එක්කම පාවිච්කි නොකර අවුරුදු 2ක් විතර පස්සෙ ඕක(ගලවන්න බැ හිරවෙලා) කඩෙන් අලුත් එකක් ගේන කොට අරුන් ඒක කොහොම හරි ගලවල අම්මා කුස්සියෙ ඉන්නකොට ඕකෙ උඩ පියන ගලැවිලා විසි වෙලා ගැස් යනවා අම්මටත් කරගන්න දෙයක් නැතිව මට කතාකර,වෙලාවට මම හිටියෙ ඕෆ් කරන්න විදියකුත් නැ අන්තිමට ටැංකියෙන් රෙග් එක ගැලෙව්වා ගින්දර එහෙම කිට්ටුවක තිබුනා නම් මහ විනාසයක් වෙන්නෙ ඒකයි දැන් හොදම එකක් දාන්න හිතුවෙ:yes:
 
:yes: ඔව් මචන් ගෑස් එක්ක සෙල්ලම් බෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් පලාතම ඉවරයි. ඕවට අහුවෙන්නෙත් අපේ රත්තරo අම්මලා අක්කලා නoගිලා. ඒක තමා භයානකම දේ.