ගෑස් පිරිමසා ගන්නේ කොහොමද?
අපට ආහාරපාන පිළියෙළ කිරීමේදී යොදා ගත හැකි ලාභදායකම ඉන්ධනය ලෙස හඳුන්වා දිය හැක්කේ ඛඡ ගෑස්ය. ඒ අනුව දර හැරුණු විට අපගේ ගෘහනියන් වැඩි දෙනෙකු විශේෂයෙන් නාගරික ගෘහනියන් භාවිත කරන්නේ ඛඡ ගෑස්ය. ඛඡ ගෑස් සිලිsන්ඩරයක් වැඩි කලක් භාවිතයට ගත හැකිවීමද ගෘහනියන් ඉන්ධන ලෙස ගෑස් යොදා ගැනීමට හේතුවකි. ඒ නිසා ඒ පිළිබඳව නිසි දැනීමක් අවබෝධයක් ගෘහනියන් තුළ තිබීම වැදගත්ය.
ගෑස් උඳුනක කාර්යක්ෂමතාවය
ඔබගේ නිවසේ විදුලි බිල අවම කර ගැනීමට ඔබට විකල්ප මාර්ග අනුගමනය කරන්නට සිදුවෙයි. ඔබ විදුලි බලය භාවිතයෙන් ඉවුම් පිහුම් කරන්නේ නම් ඒ වෙනුවට දර හෝ ගෑස් යොදා ගැනීම වඩාත් සුදුසුය. ගෑස් උඳුනක කාර්යක්ෂමතාවය 40%-60% අතර පවතියි. ඒ නිසා එකි කාර්යක්ෂමතාවය ඒ අයුරින්ම තබා ගැනීමට උඳුනෙන් නිකුත්වන දැල්ල නිල්පාට දැල්ලක් ලෙස තබා ගැනීම කළ යුතුය.
එසේ නොමැතිව ගෑස් උඳුනෙන් කහපාට දැල්වේනම් එය අකර්යක්ෂමතාවය හෙළි කරන්නකි. කහ දැල්ලක් නිකුත් වේ නම් ගෑස් උඳුනේ වලින් ඇති වා කවුළු නිසියාකාරව සකසා නිල් දැල්ලක් ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා අඩුය.
උඳුන පිරිසිදුව තබා ගන්න
ගෑස් උඳුන පිරිසිදුව තබා නොගැනීමෙන් උඳුන දැල්ල පිටවන සිදුරු කුණු රොඩුවලින් වැසී ඇති විට ගෑස් දහනය අකර්යක්ෂම වේ. එමෙන්ම එම සිදුරු විශාල වී හෝ කැඩී ඇත්නම් එම කොටස (බර්නරය) අලුතින් සවිකරන්න.
ආහාර පිසිමේ ක්‍රම
ආහාර පිසීමේ ක්‍රම බෙදා දැක්විය හැකිය. නියත තාපාංකය යටතේ ආහාර පිසීම (තැම්බීම) සහ ජලය තාපාංකයට වඩා වැඩි නියත උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීම (බැදීම හා පිළිස්සීම) තැම්බීමේදී ජලය නටන උෂ්ණත්වයට පැමිණි පසු කොපමණ තාපය වැඩි කළද ආහාරවල උෂ්ණත්වය වැඩි කළ නොහැකිය. එවනි අවස්ථාවක කළ යුත්තේ නටන උෂ්ණත්වයේ තබා ගැනීමට අවශ්‍ය තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. ධාන්‍ය වාර්ග පිසීමට ප්‍රථම ජලයේ පොඟවා ගැනීමෙන් එවන් ආහාර ඉක්මනින් පිසගත හැකිවේ. ඒ තුළින් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. පිසීමට ගන්නා ආහාර ප්‍රමාණයට සරිලන භාජන තෝරා ගැනීමද ඉතා වැදගත්වේ.
ආහාර ස්වල්පයක් සකසා ගැනීමට විශාල භාජන තෝරා ගැනීමෙන් එම බඳුන් රත්වීමට විශාල ගෑස් ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එමෙන් ම උඳුනේ ප්‍රමාණයට වඩා භාජන ද තෝරා නොගත යුතුයි. මන්ද එසේ වීමෙන් උඳුනෙන් නිකුත්වන තාපය වැඩි ප්‍රමාණයක් නිකරුනේ වාතයට මුසුවේ. එය ආකාර්යක්ෂම පරිභෝජනයකි.
ආරක්ෂාව
ඛඡ ගෑස් පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්සමින් කළ යුතුය. ඇතැම් විට සුළු අත් වැරැද්දකින් ඔබේ ජීවිතය මෙන්ම නිවසද ඔබට අහිsමි විය හැකිය. මේ නිසා ගෑස් පරිභෝජනයේදී මේ කරුණු කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න.
ගෑස් කාන්දුවීම
ඛඡ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රථම ඒවාට විශේෂ සුවඳක් මිශ්‍ර කරයි. මේ නිසා ගෑස් කාන්දු වීමක් හොදින් හඳුනා ගත හැකිය. නිවසේ මුළුතැන්ගෙයි ගෑස් සුවඳක් පැමිණියහොත් එහි දොර ජනේල හොදින් විවෘත කරන්න. (ලයිටර් සිගරට් වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න. ගෑස් සිලින්ඩරය මුළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස් උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක් යොදා ගැනීම ආරක්ෂාකාරි ක්රමයකි. ගෑස් කාන්දුවුවද ඒ අවට පරිසරය විශාල නිසා අනතුරු සිදුනොවේ. එමෙන් ම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන් ම නිවසේ තැන්පත් කර තබන අවස්ථාවලදී එය උස අතට සිටිනසේ තැබිය යුතුය. එක් සිලින්ඩරයක් අවසන්ව අලුත් සිලින්ඩරයක් භාවිතයට ගනිද්දී රෙගියුලේටරය හා ගෑස් උඳුන කරා ගෙන යන නලය පළුදු වී ඇද්දැයි බැලිය යුතුය.
මෙසේ කිරීමෙන් අනතුරු අවම කරගත හැකිය. එවිට ඔබේ නිවසේ දෛනිකව ආහාර පිසීමට ජලය උණුකරවා ගැනීමට ගෑස් භාවිතයෙන් ඒ සඳහා යන සියලුම වියදම අඩු කරගත හැකිය. ඔබ වෙනදාට වඩා වැඩි කාලයක් ගෑස් සිලින්ඩරය භාවිත කළහොත් එය ඔබේ ආර්ථිකයටත් රටේ ආර්ථිකයටත් බලපෑමක් කරනු ඇත. වසරින් වසර ගෑස් පරිභෝජනය ඉහළයයි. ගෑස් ආනයනයටද වියදම වැඩිවේ. ඔබ ඉතිsරි කරන දෙය රටේ අභිවෘදධි යට යොදා ගත ගත හැකියි.