පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගැස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර දී ඇත.
ඒ අනුව ලාෆ් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් 1,856 දක්වා රුපියල් 363කින්ද, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 743ක් දක්වා රුපියල් 145කින්ද ඉහළ දැමීමට අවසර හිමිවෙයි.
එම සමාගම විසින් ගෑස් ආනයනය නතර කරන ලද්දේ ගෑස් මිල වැඩිකිරීමක් අත්‍යවශ්‍ය බව කියමිනි.
කෙසේ වෙතත් ලිත්‍රො ගෑස් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව රජය සදහන් කරයි.
https://lankacnews.com/ගෑස්-මිල-363-කින්-ඉහල-දමයි/
ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක්
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් කළ ඉල්ලීම් සහ ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොලට නිකුත් කිරීමෙන් පාරිභෝගිකයන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවීමට සාපේක්ෂව අනිවාර්යෙන් ගෑස් මිල වැඩි කිරීමක් කළ යුතු වුවත් ජනතාව මත පීඩනය විතැන් කිරීමට රජය කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා කීය.
පාරිභෝගික අධිකාරී පනතේ විධිවිධාන අනුව ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150 ක් ද, වෙළෙඳපොලට අළුතින් හඳුන්වා දුන් එල්.පී. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම්වලින් නිශ්චිතව දැක්විය යුතු බවත් කී අමාත්‍යවරයා ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවුවත් මෙරට වෙළෙඳපොලේ ගෑස් මිල වැඩි කරන්නේ නැති බව වෙළෙඳ අැමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (20) ගෑස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
පසුගිය කාල සීමාව තුළ ගෑස් සමාගම් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීම් කළා. ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීමේ සිදුවීමත් සමඟ පාරිභෝගිකයා වෙත සිදු වීමට ගිය අසාධාරණ නවතා දැමුවා. වෙළෙඳ අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළට අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියා. නමුත් මෙරට වෙළෙඳපොළේ ගෑස් මිල කිසිසේත්ම වැඩිකිරීමට ඉඩ දෙන්නේ නැහැ.
පවතින ලෝක වෙළෙඳපොළ යථාර්ථය අනුව සත්‍ය වශයෙන්ම රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ මෙම ගෑස් සමාගම් වැඩි වියදමක් දරමින් ගෑස් ආනයනය කරනවා. මෙරට වෙළෙඳ පොළේ ගෑස් මිල ඒ අනුව වැඩිවිය යුතුයි.ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඬලය පාරිභෝගිකයාට එම මිල වැඩි වීමේ පීඩනය ඇති නොකොට, මුදල් අමාත්‍යාංශය හා ඒකාබද්ධව ගෑස් මිල පාලනය කිරීමට කටයුතු කළා.
ඉදිරියේදී ද කිසිදු ගෑස් හිඟයක් ඇති නොවීමට ගෑස් සමාගම් කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියේදී රජයේ මැදිහත් වීමෙන් ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. කුමන තත්ත්වයක් මත හෝ පාරිභෝගිකයා මත අනවශ්‍ය පීඩනයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ.’’
------
Post added on Aug 12, 2021 at 1:09 PM