ගිංතොට සිංහලුන්ට ගැහුවේ unp එකේන්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගිංතොට සිංහලුන්ට ගැහුවේ unp එකේන්

    ගාල්ල ගිංතොට පසුගිය දින ඇතිවූ උණුසුම්කාරී තත්වය බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙම ගැටුම නිසා ගිංතොට නගරයේ ප්‍රදේශ කිහිපයකටම පසුගිය දින පොලිස් ඇඳිරි නීතිය පවා පනවා තිබුනා.

    කෙසේ වෙතත් ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රිවරයකු බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය මේ බව වාර්තා කර තිබුනා.

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටි බව කියන මෙම හිටපු මන්ත්‍රිවරයා රිය අනතුරක් මූලික කරගනිමින් මෙම ගැටලුකාරී තත්ත්වය සිය ආධාරකරුවන් හරහා නිර්මාණය කර ඇති බවද එම පොලිස් නිළධාරීයා උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා.

    ඉකුත් 16 සහ 17 දෙදින රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ නිවාස සහ දේපළ, වෙළෙඳසල් ආදියට පහර දීමේ සිද්ධියට මොහු සෘජු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු ලද හෙයින් එම ප්‍රාදේශීය දේශපාලනඥයා දැනට අත්අඩංගුවට ගෙන සිටින බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා මාධ්‍යයට පවසනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රිවරයකු බව කියන මොහොමඩ් කීයාස් (කයිප් හුසේන්) නමැත්තෙකි. මේ වනවිට මොහු ඇතුළු 10 දෙනකු ගිංතොට සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සදහන්.

    එසේම මෙම නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම තවදුරටත් පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

    ඉකුත් 17 වැනිදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූවන් 13 දෙනකු මේ වනවිට ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.


    src=http://nethgossip.lk/article/28420
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේ රටේ කාලකන්නි හොර හොර දේශපාලුවෝ ඔක්කොම පන පිටින් පුච්චලා මේ රටේ හොරකම නතර කරන විරුවෙක් බිහිවෙවා.හැමෝටම ලස්සනට ජීවත් වෙන්න. හොදින් ඉන්න අවස්තාව උදා වේවා.මිනිස්සුන්ගේ සල්ලි හොරා කන මහ කාලකන්නි බල්ලෝ විනාස වෙවා.මුන්ගේ බොරු මිනිස්සුන්ට අවබෝද වෙවා. මිනිස්සුන්ට එය අවබෝද වෙවා.මගේ රට මගේ බිම මේ සතුන්ගේන් සතුරන්ගෙන් බේරේවා.