ගින්දර වගේ ඇගක්.....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,825
    31,010
    113
    ගින්දර වගේ ඇගක්.....


    මෑතකදී කළ සමීක්‍ෂණයකදී කාන්තාවන් ගෙන් අසා තිබුණා පිරිමියෙකුගේ සරාගී බව තීරණය කරන වැදගත්ම​ අංගය කුමක්ද කියා.ඉන් 80%ක්ම කාන්තාවන් පවසා තිබුණේ ඒ හොඳින් වැඩුනු මාංශ පේශි බවයි.20% පමණ පවසා තිබුනේ ශිෂ්ණයේ ප්‍රමාණය බවයි.

    මොකද මෙච්චර පිරිමින් ගේ මාංශ පේශි සරාගී.බොහෝ දෙනා සිතන්නේ එය තවම අපේ යටි සිත් තුළ පවතින ආදි කල්පික මානවයාගේ සිතුම් පැතුම් කියලයි.

    අපේ මුතුන් මිත්තන් වනාන්තර වල දඩයම් කරමින් ජීවිත රැක ගන්නා විට පිරිමින් ගේ උස හා මාංශ පේශි ඉතා වැදගත් වුනා.ඔවුන්ට තමා වැඩිම ආහාර ප්‍රමාණයක් රැස් කර ගත හැකි වූයේ.ඔවුන්ට කැමති වූ කාන්තාවන්ට තමයි දිගු කාලයක් දරුවන් හදමින් ජීවත් වීමට හැකි වූයේ.එනිසා පරිණාමය විසින් එම කැමැත්ත කාන්තා සිත් තුළ අද දක්වාම පවත්වාගෙන එනවා.
    සමීක්‍ෂණ වලට අනුව අදත් කාන්තාවන් වඩාත්ම කැමති උස​,පළල් උරහිස් සහිත මාංශ පේශි හොඳින් වැඩුණු පිරිමින්ට​.ඒ කියන්නේ තවමත් යටි හිතෙන් ඔවුන් සොයන්නේ හොඳ ආදිකල්පික දඩයම් කරුවෙක්ව​.

    (පිරිමින් ගත්තොත් ඔවුන් තවමත් කැමති පුළුල් උකුලක් හා පිරුණු ලැමක් ඇති කාන්තාවන්ට​.බොහෝ දෙනා හිතන විදියට ඒකට පරිණාමික හේතුව නම් එවැනි කාන්තාවන්ට තමයි අපහසුවකින් තොරව ඔහුගේ දරුවන් ප්‍රසූත කිරීමටත් ඔහුගේ දරුවන් පෝෂණය කිරීමටත් හැකි වුනේ.එමගින් මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු වුනා.)

    හොඳින් වැඩුණු මාංශ පේශි සරාගී බව ඇති කරනවා විතරක් නෙවෙයි ගොඩක් ලෙඩ අඩු කරනවා.මාංශ පේශි පරිවෘත්තීය වශයෙන් ඉතා සක්‍රිය පටක​.එනිසා අනවශ්‍යය මේද හා සීනි එමගින් ඉක්මනින් දහනය කරනවා.හුඟක් ලෙඩ ඉන් අඩු වෙනවා.එනිසා මාංශ පේශි වර්ධනය කර ගත හැකි නම් ඒක අනාගතයට හොඳ ආයෝජනයක්.

    කවුරුත් දන්න විදියට මාංශ පේශි වර්ධනට නම් තමන් එදිනෙදා ජීවිතයේ ආදිකල්පික දඩයම් කරුවො වගේ බර වැඩ කරන්නේ නැත්තම් ඉතින් Resistance Exercise කරන්න ඕන​.සරලව කියනවා නම් weights එක්ක exercise කරන්න ඕනෑ.ඇත්තටම මේකට වයස් සීමාවක් නෑ.

    අද හුඟ දෙනෙක් මේකට උනන් දුයි.ඒකට නම් ඉතින් ප්‍රධාන හේතුව තමයි මාධ්‍යය​/TV/Films.ඒ වායේ පෙන්නන ඔක්කොම කොල්ලෝ හොඳට ඇඟ හදා ගත්ත උන්.මොනවා උනත් ඒක හොඳ trend එකක්.

    ඉතින් ඇඟ හදා ගන්න කැමති අයට Tips ටිකක් මෙන්න​.

    ඇඟ හදා ගන්න නම් exercise අනිවාර්යයි.හොඳම දේ පුළුවන් නම් gym එකකට යන එක​.හැබැයි යන වැඩේ හරියට කරන්න වෙනවා.
    අද TV එකේ දිග Ad දදා Exercise machines විකුණනවා.ඒවායින් නම් එච්චර වැඩක් වෙන්නේ නෑ.ඒවයින් exercise ලැබෙන්නේ muscle group එකකට හෝ සීමිත ගානකට විතරයි.එවායේ ඉන්න models ලට රැවටිලා pocket එකනම් ඒවයින් අඩු වෙයි.
    Exercise equipment ගන්න හිතනවා නම් හොඳම දේ තමයි Dumbbell දෙකක් ගන්න එක​.එයින් ඇඟේ හැම මාංශ පේශියටම exercise ලැබෙනවා.ගානත් අඩුයි,තියා ගන්නත් ලේසියි.

    Gym යනවනම් හරි Resistance exercise කරනවනම් හරි අනිත් දේ තමයි නිවැරදි කෑම​.මාංශ පේශි හැදෙන්න ඕන ප්‍රෝටීන්.ප්‍රෝටීන් බහුලව ඇති කෑම මතක ඇති නේද​?ඔව් ඒ තමයි මස්,මාළු,කිරි,බිත්තර හා පරිප්පු,සෝයා වගේ ඒවා.
    ආසියාවේ ආහාර වේලක ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍යයෙන් බටහිර ආහාර වේලකට වඩා හුඟක් අඩුයි.අපි වැඩිපුර කන්නෙ පිෂ්ඨය​.පිෂ්ඨය​වැඩිපුර ගත්තා කියලා මාංශ පේශි හැදෙන්නේ නෑ.වෙන්නෙ තෙල් තට්ටුව වැඩි වෙන එක විතරයි.
    කෑමෙන් ප්‍රෝටීන් හුඟක් ගන්න බැරිනම් දැන් ප්‍රෝටීන් supplements තියෙනවා.ප්‍රෝටීන් supplement ගන්න හිතනව නම් ගන්න ඕනෙ Whey protein කියන වර්ගය​.ඒ වගේම ගන්න කලින් හොඳට කියවල බලන්න Whey protein ප්‍රතිශතය​.ප්‍රතිශතය වැඩිම එකක් තමයි ගන්න ඕනෙ.කාබෝහයිඩ්‍රේට් වැඩි supplement වලින් වැඩක් නැහැ.ඒවාගේම Vitamin හා අනෙක් supplement වලිනුත් එච්චරම වැඩක් වෙන්නේ නෑ.
    Resistance exercise කරල පැය බාගයක් වගේ ඇතුලත supplement එකක් ගන්න පුළුවන්නම් හොඳයි.නැත්තම් චොකලට් කිරි පැකට් එකක් බොන්න​.ඒකත් හොඳ supplement එකක්.සමහරු නම් කියනවා බිත්තර හා කෙහෙල් ගෙඩි දාල බීමක් හදල බොන්න​.ඒක හොඳ supplement එකක් වුනත් බොන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
    හැබැයි කොච්චර ප්‍රෝටීන් කෑවත්,supplements ගත්තත් හරියට exercise නොකළොත් ඇඟ හැදෙන්නේ නම් නෑ.සමහර විට තෙල් තට්ටුව වැඩි වෙයි
    සමහරු ඇඟ හදාගන්න හෝමෝන/Anabolic steroids භාවිතා කරනවා.ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.එයින් අතුරු ආබාධ ගොඩක් ඇති වෙන්න පුලුවන්.උදාහරණ විදියට තට්ටය පෑදීම​,මද සරු බව​,වෘෂණ කුඩා වීම​,අක්මාවේ ආබාධ දක්වන්න පුළුවන්.
    උස වැඩි කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කරන දෙයක් වැඩි විය පැමිණීමට පෙර (ඒ කියන්නේ පළමු ශුක්‍ර මෝචනයට කලින්)කරන්න වෙනවා.ඊට ටික කාලයකට පස්සේ අස්ථි වල Growth plates සවි වෙනවා.ඊට පස්සේ නම් මොකක් කළත් උස වැඩි කර ගන්න නම් බෑ...


    -උපුටාගැනීම තරුණයා-
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,063
    1
    11,096
    113
    Mage nan හොඳින් වැඩුනු මාංශ පේශි tiyenne Badee...Pimbila tiyenawa madi nokiyanna
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,010
    113
    Mage nan හොඳින් වැඩුනු මාංශ පේශි tiyenne Badee...Pimbila tiyenawa madi nokiyanna

    උඹේ බඩේ හොදින් වැඩුනු මාංශපේෂි තියෙන්නෙ පැක් 6ක් විදිහටද ලොකු එක පැක් එකක් විදිහටද???:D:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹේ බඩේ හොදින් වැඩුනු මාංශපේෂි තියෙන්නෙ පැක් 6ක් විදිහටද ලොකු එක පැක් එකක් විදිහටද???:D:P

    :rofl::rofl::rofl:
    දාන්න ආව කෙමෙන්ට් එකටත් කෙළ උනා හිනා ගිය පාර..
    ඔය කියන්නේ තනි රවුම් පැක් එකක් ගැන වෙන්න ඕනේ..:P


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,010
    113


    :rofl::rofl::rofl:
    දාන්න ආව කෙමෙන්ට් එකටත් කෙළ උනා හිනා ගිය පාර..
    ඔය කියන්නේ තනි රවුම් පැක් එකක් ගැන වෙන්න ඕනේ..:P



    :yes::yes::yes::D:D:lol::lol:
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    පැක් 6ක් තියගන්න එක අමාරු නිසා මාත් 6ම රවුම් කරලා එකක් හදාගත්තා..:lol::lol::lol:
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    Big-belly-1.jpg


    මෙන්න යකෝ Muscles:lol::lol: