ගින්නෙන් උපන් සීතල නැරබීමට ගියෙමි.............
රෝහණ විජේවීර ගැන කතා කිරීමත්, ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය කතා කිරීමත්,මද්‍යස්ථ මතයක් දැරීමත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ලෙස හංවඩු ගැසීමට හේතු වන නිසාම මෙය ප්‍රථමයෙන්ම කියා යුතුය."මම ජවිපෙ පාක්ෂිකයෙක් නොවෙමි". එසේම ඔය සමාජවාදය නමැති අර්ථ ක්‍රමයද ඒ මතින් ගොඩනැගෙන අනෙකුත් සමාජ ක්‍රමයන් පිළිබදවද එතරම් හොද මතයක් මට අදත් නැත.මොළවලින් තවමත් රදළ වැඩවසම් යුගයක ජිවත් වෙන මිනිසුන් ඉන්න රටක සමාජවාදය නම් සංකල්පය පිලිබද සිතීමවත් මටනම් කළ නොහැකිය.
එසේම මම කුමන ආකාරයක වුවත් හිංසනය ඉතා පිළිකුල් කරන අතර ඒ තුලින් ගොඩනැගෙන ත්‍රස්තවාදයටද වෛර කරමි...ඊට හේතු ඇත..ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ක්‍රියා පිළිබද මට අත්දැකීම් රැසක් ඇත.ඒ නිසාම අදත් මම ප්‍රභාකරන්ට පුදුමාකාර ලෙස වෛර කරමි. නමුත් 1989 උපන් මට රෝහණ විජේවීර,එහෙමත් නැත්නම් පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර යනු හුදු අකුරු මත සිරවී සිටි මිනිසෙක් ලෙස පමණි...මම ඔහු දැක නැත,එසෙම ඔහුගේ විප්පලව පවා අත්දැක නැත..මෑත ඉතිහාසයේ ඔහු ගැන ලියැවූ පොත පත අසුරු කළ මට ඔහු වෛරයෙන් පිරි මිනිසෙකි...ඉතා සොදුරු නිර්මාණශීලී තරුණ තරුණියන් 60000කගේ ලෙයින් තෙත්කළ අධම මිනිසෙකි...අවස්තාවදියකි.මානුෂිය ගුණදම් නොදත් තම බිරිදට නොසැලකූ අධමයකි.ගැහැණියගේ සතුටක් නොසෙවු දරුවන් රොත්තක් පමණක් දුන් පිරිමියකි.ඒ නිසාම ඔහුගේ බිරිය වූ චිත්‍රාංගණී විජේවීර පිලිබද මට වුයේ අනුකම්පාවකි.
1943 මාතර කොටුවේගොඩ උපන් ඔහු මට මුණ ගැසුනේ 71,88,89 කැරැල්ලේදී ජීවිතය බේරා ගැනීමට වෙහෙසුනු අපේ තාත්තාගේ ජිවිත කතා අස්සේදිය.මේ කැරලි අස්සේ තාත්තා මිය යාමට ඉඩ තිබුනායැයි සිතමින් විජේවීරට වෛර කළ තරමනම් අනන්තය.
සැබවින්ම මම ඔහුට වෛර කළ යුතුය.ඉන් අනතුරුව මට විජේවීර නම් විප්ලවාධියා මුණ ගැසෙන්නේ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් විසින් රචිත 71 කැරැල්ල නම් කෘතියෙනි.1971 අප්‍රේල් කැරැල්ල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ එක්තරා සන්ධිස්ථානයක් වන අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම තරුණ නැගිටීමද වෙයි.මෙම කැරැල්ලේදී රාජ්‍ය බලය අල්ලා ගැනීම වෙනුවෙන් කරන ලද උපක්‍රමය වූයේ රටේ පොලීස් ස්ථානවලට එකම අවස්ථාවේ පහර දීමය. එසේම එවකට අගමැතිණිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණිය සහ හමුදාපතිවරුන් මෙන්ම ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනෙකුම තම භාරයට ගෙන රටේ ආරක්ෂක අංශ සහ පරිපාලනය අකර්මණ්‍ය කිරීමටත් සැලසුමක් සකස් වී තිබුණි.නමුත් මෙය අසාර්ථක උත්සහයක් වුයේ අවිදිමත් සැලසුම් සහ නිසි පුහුණුවක් නොමැති වීම මෙන්ම තවත් බොහෝ කාරණා හේතු කොටගෙනය.
71 කැරැල්ල පිලිබදවත් ඒ හා සම්බන්ද පුද්ගලයන් පිළිබද කරුණු කියවීමේදී රෝහණ විජේවීර, අපරාද කරුවෙකු ලෙස මගේ මනසේ තවත් දරුණු ලෙස පැලපදියන් වුයේ ඔහුගේ විමුක්ති අරගලය නිසා පිඩා විදි අහිංසක මිනිසුන් පිළිබද කියවීමෙනි.1971 මාර්තු 13 විජේවීර සිරභාරයට ගෙන යාපනය රිමාන්ඩ් බන්ධනා ගාර කළ අතර ඉන් අනතුරුව ඔහුගේ අනුගාමිකයන් 1971 අප්‍රේල් 05 පාන්දර 05ට වැල්ලවාය පොලිස් ස්ථානයට පහර දෙන ලදී.තරුණ ජිවිත රැසක් බිලිදුන් අසාර්ථක තරුණ අරගලයක් කෙටි කාලයකට එසේ නිමා විය.
රෝහණ විජේවීර පිළිබද ඇතැම් කියවීම් වලදී මට ඔහු මානසික වියාධියකින් පෙළුණු පුද්ගලයෙක් ලෙසද හමුවී ඇත.ඒ වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් ලියන ලද රෝහණ විජේවීර මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් තුලින්.ඔහු මෙම ලිපිය නම් කොට තිබුණේ රෝහණ විජේවීර ඝාතකයෙක්ද ? ලෙසයි.විජේවීරගේ මනස අරගලයක් කරා ගෙනයාමට හේතු වූ බොහෝ කරුණු එහි ඇතුලත් වී තිබිණි.එය සැබවින්ම ආකර්ශනීය ලිපියක් විය.
විජේවීර නම් චරිතය ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ආර්ථික ගැටළු, කුල පීඩනය හා සමාජ විෂමතා වලින් පීඩා විද ඇත.එසේම ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙක් වූ අතර උපතින්ම ඔහුගේ දත් බොල්ලෑ වී තිබිණි.ඒ නිසාම ඔහු හීනමානයට ගොදුරු වී සිටි චරිතයක් විය හැකි බව එම ලිපියෙහි සදහන් විය.
1947 විජේවීරගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට එජාප මැරයන් පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත්කිරීම විජේවීරගේ මනසට ඉතා වද දෙන්නක් විය. ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විජේවීර ඉතා දරුණු ලෙස විශ්වාස කරන ලදී.ඔහු ඒ බව එළිපිට පවා ප්‍රකාශ කර තිබිණි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා සරසවියට ඇතුලත් වීම ඔහුගේ ජිවිතයේ ජිවිතයේ හැරයුම් ලක්ෂය විය හැක.මේ කාලවකවානුවේදී ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම පොහොසත් නොවීම සහ තවත් බොහෝ ගැටළු රාශියකට මුහුණ දීමට ඔහුට සිදු විය.එනිසාම විජේවීරට ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය සමත් වීමටද නොහැකි විම ඔහුගේ හීනමානය උග්‍ර වීම සහ ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු දෙස ඉතා වෛරයෙන් බැලීමටත් පවතින දේශපාලනය ක්‍රමය විවේචනය කිරිමට කිරීමට හේතු වූවා විය හැක.
එසේම ඒ වනවිට පැවති බොහෝ සමාජ ආර්ථික ගැටළු නිසාත් විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විදි අතර මේ නිසා විවේකය පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යැවූ බව ඔහු සම්බන්ද ලිපිවල සදහන් වේ.විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙක් වන සෝමපාල කරුණාසේන විජේවීර බැලීමට ගිය විට විජේවීර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කළ බවත්,තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් පවසා තිබේ.
විජේවීර නම් චරිතය සොයාගෙන යාමේදී මෙවැනි සිද්ධීන් ඉතා වැදගත් වෙන්නේ පසුකාලීනව ඔහුගේ දේශපාලන තීන්දු තීරණවලට මෙවැනි සිද්දීන් ඉතා ඍජුව බලපෑ නිසාවෙනි. විජේවීර සම්බන්දව ඉතිහාස කතා බොහෝ වෙයි.ඔහු, ඔහුගේ සමීප මිතුරන් පවා ඝාතනය කළ බව එහි සදහන් වෙයි. මෙසේ ඉතිහාසයේ බොහෝ කරුණු ලියවී ඇති නමුත් එහි සත්‍ය අසත්‍ය භාවය සහ ඔහු එසේ ඔහුගේ සමීප මිතුරන් ඝාතනය කිරීමට අණ දුන්නනම් ඔහු එසේ කළේ මන්දැයි දන්නේද ඔහු පමණි.
මට ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ විජේවීරට එරෙහිව මතක් තිබිණි.ඒ මේ රටට අහිමි කළ ඒ 60000ක මොළ සම්බන්දයෙනි.මම අදටත් විශ්වාස කරන මතයක් ඇත,නම් ඒ 71,88,89 යුගවලදී රටට අහිමි වූයේ මේ රටේ යමක් කළ හැකි,වෙනස අගය කළ සහ වෙනස්ව සිතන උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ය.එසේ මේ රටට අහිමි වූ බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වීම මේ ජාතියේම කෙදවාචකයකි.අද මේ රට මේ තත්ත්වට කඩා වැටීමට එය හේතුවක් වූ බව විශ්වාස කරණ මම, 60000 තරුණ තරුණියන් මරණයට දක්කාගෙන ගිය විජේවීරට කොහොම වෛර නොකර ඉන්නද? කෙසේ වෙතත් මෙය කිව යුතුමය රෝහණ විජේවීර නම් මිනිසා පිළිබද පොතපතින් අවස්ථාවාදී දේශපාලකයෙක් ලෙස මගේ මනසේ ඇදී තිබුණා විනා, ඔහු හා සම්බන්ද සමාජ ප්‍රශ්න සොයා බැලීමට මට අමතක විය.එය විජේවීරගේ ඉතිහාසය සොයන කෙනෙකු නොකළ යුතු දෙයකි.මම හිතන විදියට මේ රටේ බහුතයකට අමතක වුයේද එය විය හැක. ඉන් අනතුර එළබෙන්නේ විජේවීරගේ ජිවිතයේ මෙන්ම දේශපාලන ජිවිතයේද ඉතා වැදගත් කාල සීමාවකි.
බලලොබි දේශපාලන බත් බැලයන්ගේ අවස්ථාවාදී කෝලාහලය, 1983 කළු ජුලිය.මෙයට ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම සහ වාමාංශික පක්ෂයක් වූ සහ විප්ලවවාදී පක්ෂයක් වූ රෝහණ විජේවීරගේ පක්ෂය තහනම් වීම යන කාරණා 88,89 තරුණ නැගිටීමට ඉතා ඍජු ලෙස බලපෑම් කරණ ලදී.ජේ,ආර්ගේ ආණ්ඩුව මේ කෝලාහලය නිසා පක්ෂ තුනක් තහනම් කිරීමට තීරණයක් ගත් අතර කොමිනිස්ට් පක්ෂය, සමජවාදී පක්ෂය,සහ ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයි.මේ වෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස රෝහණ විජේවීර ජනාධිපති මැතිවරණයේදී ලක්ෂ දෙකහමරකටත් වඩා ජන්ද ලබාගෙන රටේ තුන්වන බලවේගය වී ජේ.ආර්ගේ ආණ්ඩුවට අභියෝගයක් වී සිටියේය.ජේ.ආර්ගේ කුහක දේශපාලනයේ ආරම්භය එය විය.ඔහුගේ මේ අත්තොනෝමතික තීන්දු තීරණ රටේ අහිංසක ජිවිත වලපල්ලට ඇද දමන්නට සමත් විය.
ජේ.ආර් විසින් බිත්තියට හේත්තු කළ බුද්ධිමත් තරුණයන්ගේ අවසාන පිපිරිම 88,89 ලෙස හැදින්විය හැක.....
හෝරා දෙකකට හෝ දෙකහමාරකට අසන්න කාලයක් මම ගින්නෙන් උපන් සිතල ජවනිකා දෙස බලා සිටියේ මේ විජේවීර නම් යහපත් හෙටක් දුටු මිනිසාට ඉතිහාසයක් අහිමි කළ නරුමයන්ට ශාප දෙමිනි.
83 පක්ෂ තුනෙහි තහනමෙන් පසු මාස කිහිපයකින් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ පවතී රටේ තුන්වෙනි බලවේගය ලෙස ජනතාව තෝරාගෙන තිබු ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් පක්ෂ දෙකෙහි තහනම ඉවත් කිරීමට ජේ.ආර්ගේ ආණ්ඩුව තීරණය කරණ ලදී.ඊට හේතුව උතුරේ ජාතිවාදී අරගලයට සහය දැක්වීම ලෙස ජේ.ආර්ගේ ආණ්ඩුව සදහන් කළ අතර ජාතින් අතර පවතින ගැටලුවට විසදුම රට බෙදීම නොවන බව තරයේ විශ්වාස කළ විජේවීරට රාජ්‍ය ත්‍රස්තවාදී ලේබලයක් ඇලවීම ජේ.ආර්ගේ නිර්ලජ්ජිත දේශපාලනයට කදිම උදාහරණයකි.
සැබවින්ම රෝහණ විජේවීරනම් ඔහුට හීනයක් තිබිණි.තවද ඔහු සතුව තිබු ජාතික ආලය පිළිබද කතා කිරීමට 89 උපන් මා දැනුමෙන් පොහොසත් නොවන බවත් දනිමි.නමුත් ඔහුට අභියෝග හමුවේ නැගී සිටීමට අවැසි ශක්තිය ඕනෑවටත් වැඩියෙන් තිබිණි.ඔහු තුළ රුසියාවෙන් ලැබූ අධ්‍යාපනයේ පන්නරය විය.එසේම ඔහු වෙනස විශ්වාස කළ අපුර්ව මිනිසෙක් විය.සැබවින්ම අනෙක විද කම්කටලු මැද අසාධාරනකම් හමුවේ නිර්භීතව නැගී සිටීමට ඔහු පන්නරය ලැබූ පුද්ගලයෙක් විය.ඒ 1989 නොවැම්බර් මස බොරැල්ල කනත්තේදී වෙනසක් සෙවූ තරුණයන්ගේ විප්ලව පුළුස්සා දමා මරණ තුරු ඔහු සතු ඒ නිර්භීත විප්ලවවාදීයගේ ජවය නොසෙල්වී තිබෙන්නට විය.
ආයුද සන්නද්ධ විප්ලව මම කිසිසේත්ම නිවැරදියි නොකියමි.ජාතිවාදී අරගල මෝරන තැනට වැඩ කළ ජේ.ආර්ගේ අත්තනෝමතික ව්‍යාජ විසදුම් සහිත ඉන්දුලංකා ගිවිසිමට විරුද්දව එදා තරුණ ප්‍රගතිශීලි ජනතාව නැගී සිටීම මර්ධනය කිරීමට ජේ.ආර් ආණ්ඩු බලය යොදා ගන්නට විය.ඉතා මිලේජ්ජ දේශපාලනයේ ගොදුරු බවට දැන උගත් තරුණයන් පත් විය.තමන් දුටු සුන්දර රට ගොඩ නැගීමට නොදුන් ඒ කසල ජඩ දේශපාලනට එරෙහිව එදා ප්‍රගතිශීලි තරුණයන් සන්නධවිය.තරුණයන් ඒ තැනට පෙලබුවේද ජේ.ආර්ගේ හොටු ආණ්ඩුව බව මම තරයේ විශ්වාස කරමි.
මෙයද කිව යුතුමය ඉතිහාසය ලියැවෙන්නේ ජයග්‍රාහකයන්ය.විජේවීර දෙවරක් පරාජය වූවෙකි.ඔහු සහ 60000 තරුණයන් දුටු සුන්දර සිහිනය අත්තනෝමතික, ජඩ ,බලලෝබී,මිලේච්ඡ කුහක දේශපාලනය පරාජය කරන ලදී. චේට, ෆිදෙල්ට, ලෙනින්ට, මාවෝට ඉතිහාසයේ වීරාඛ්‍යානයන් බවට පත් වන්නට හැකියාව ලැබුණේ ඔවුන් ජයග්‍රාහකයන් වූ නිසාය.ඒ විප්ලවවාදීන් දිනා දුන් රටවල අද වැජබෙන්නේ ඒ විප්ලවයේ අරුණලු නිසාවෙනි..ඒ තරුණයන්ගේ වෙනසක් දැකීමේ සිහිනය නීසාවෙනි.ඒ අයෝමය ශක්තිය නිසාවෙනි.ඔහුන් පරාජය වූවානම් අද චේ, ෆිදෙල්, ලෙනින්, මාවෝ යන නම් ඉතිහාසයේ අදුරු යුගලෙස ලියවෙන්නට ඉඩ තිබිණි.
දක්ෂ පාලකයන් රටට අහිමි වීමේ ප්‍රතිපලය පාර්ලිමේන්තුව වචනාර්ථයෙන් සිමෙන්තියෙන් ගොඩ නැගුනු බිල්ඩිමක් පමණක් සිතා සිටින මැරයන්ගෙන්,දුෂකයන්ගෙන්,කුඩු කාරයන්ගෙන් සහ එකී මෙකි මෝඩයන්ගෙන් පිරි යාමය.සුන්දර රටකට මෙන්ම අහිංසක මිනිසුන්ට මෙවැනි විනාශයක් කළ කාලකණ්ණි දේශපාලුවන්ගේ වළවල්වලට හෙන ඉල්ලීම සාධාරණය.මේ අහස පොලොව ඉහිලුම් දෙනවා පුදුමය.
එසෙම විජේවීරගේ සහ දැණ උගත් තරුණයන්ගේ වෙනස දැකීමේ සිහිනය පන පිටින් පුළුස්සා දැමු පාලකයන් ජිවිතේ සැදෑ සාමය ඉතා සුවදායක ලෙස වයින් විදුරුවක පහස ලබමින් ගෙවදමන්ට විය.ඔහුන් රටක් අදුරු කර ජාතියේ ගෞරවය ලබමින් පිත්තලෙන් කැටයම් දැමූ වටිනා දැව මිනී පෙට්ටියක අවසන් ගමන් යන්නට ඇත.දේශයට සැබවින්ම ප්‍රේම කෙරූ ඒ සුන්දර තරුණයන් දර සෑ උඩ,ටයර් සෑ උඩ දුක් විද අවසන් ගමන් යන්නට ඇත...උන්ගේ ඔලුවලට ඇණ අසන්නට ඇත්තේ අලුත් හෙටක් ඉල්ලු වරදට විය හැක...උන්ගේ මරණයේ අදෝනාවෙන් පිරිලා තියෙන මේ අහස පොලොවට කඩා නොවැටීම පුදුමයකි..
විජේවීර නම් ඒ සුන්දර මිනිසා විශ්වාස කල සුබ සිහිනය මමද විශ්වාස කරමි.නමුත් ඔහු එම විප්ලවය හැසුරු ආකරය ප්‍රශ්න සහිතය.මිනිසුන් මරා දැමීම තුලින් විප්ලවයකට් ජය ළගා කර ගත නොහැකි.එසේම මේ විප්ලවය අවසාන භාගය වන විට විජේවීරට පවා තරුණයන්ගේ ආවේගය පාලනය කර ගැනීමට නොහැකි වීම තත්තවය තවත් අදුරට ගෙන යන ලදී..
සැබවිනම ඒ සමය ගින්නෙන් උපන් සීතල සමයකි...සැබවින්ම එය ගින්නෙන් උපන් හිරිගඩු පිපෙන සිතලකි.ඒ හිතල උණුහුමට තිබුනානම් තවමත් තරුණයන් විප්ලව කරන්නේ නැත.වෙනසක් සෙවූ සුන්දර තරුණයන්ගෙන් පිරි මේ රට පාරාදීසයක් වෙන්නට ඉඩ තිබිණී.මට හැගෙන දෙයක් ඇත.හිම මිදුණු ඒ සිතල යට තවමත් ගිනිපුපුරු ගසනවා විය හැක...උදාහරණ අරුලානන්දම් අරුන්.................ඉස්පාසුවෙන් ඔහුගේ කතාවද අසන්න...සිතන්න,වටහා ගත යුතු බොහෝ දෑ එහි ඇත....
(සැළකිය යුතුයි කරුණු==
01) පවතින ජවිපෙ දේශපාලනය ධාරාවට කඩේ නොගිය බව
02) සිනමා පටයේ තිර පිටපත,අධ්‍යක්ෂණය,කැමරාකරණය,නළු නිළිවරණය සහ පසුතල,ඇදුම් නිර්මණය සහ විශේෂයෙන්ම සිනමා පටය ක්‍රිකට් මැච් එකක හයිලයිට් පෙන්නනවා වගේ වාර්තා ස්වරුපයෙන් පෙන්වීම වැනි කාරණා මා සාකච්ඡාවට නොගත් බව(මා සාකච්ඡා කරණු ලැබුවේ සිනමාව වටා ගොඩ නැගුණු සත්‍ය කතාව පිළිබද පමණක් බව වටහා ගන්න..)සිනමා පටයේ ගුණදොස් වෙනම සාකච්ඡා කළ යුතුව ඇත..)
ඉමා....

Last edited: