ගිනි අවියෙන් ආදරය පැතීම!

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගිනි අවියෙන් ආදරය පැතීම!

    අනේ කාලේ වනේ වාසේ කිවුවලු!

    ගිනි අවියක් පෙන්වා තරුණියකගෙන් ආදරය ඉල්ලූ ‘ආදර මැරයෙකු’ කෝට්ටේදී අත්අඩංගුවට

    ගිනි අවියක් පෙන්වා තරුණියක සමග ආදර සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය කෝට්ටේ ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී යතුරු පැදියකින් තවත් පුද්ගලයෙකු සමග පැමිණි සැකකරු ගිනි අවියක් පෙන්වා ආදරය ඉල්ලා ඇති බව ය.

    එම තරුණියගේ ගමන් බෑගය සහ ජංගම දුරකතනය ද සැකකරු පැහැරගෙන ‍ගොස් ඇති අතර පසුව අදාළ භාණ්ඩ ලබා දී සිය අදහසට තරුණිය කැමති කර ගැනීමට උත්සහ දරා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    පොලීසිය සඳහන් කළේ, පසුව සැකකරු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව ය.

    ඔහු සමග පැමිණි බව කියන අනෙක් පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවෙකු බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.


    Bang__There_Goes_My_Love_Gun_by_under18carbon.jpg


    උපුටා ගැනීම
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වාරියපොළ සීන් එකෙන් පස්සේ, කොල්ලෝ ගිණි අවි රැගෙන යන එකෙත් වැරැද්දක් නෑ..
    තම තමන්ගේ ආරක්ෂාවට කියලා කියන්න බැරි යෑ..