ගිනි පොලී කන බැංකුවේ මහත්-හොරු
ගිනි පොලී කන බැංකු සහ දාඩිය දාගෙන ටයි පටි පළඳින බැංකුවේ මහත්-හොරු - ජනතා සාක්කිය
(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.17, ප.ව.11.00) බැංකුවල ලොක්කෝ පසුගිය වසරේ ලාභය මෙච්චරයි 200% කින් වැඩි වෙලා. මේ වසරේ පළමු කාර්තු 2 ලාභය මෙච්චරයි ආදී වශයෙන් පත්තරවල පිටු ගණන් පෙන්නුවද එම ලාභයෙන් කොටසක් ජනතාව මුලාකොට කූඨ ලෙස සොරා ගෙන ඇතිබව දන්නේ අතලොස්සකි. බැංකුකරණය යනු සත්භාවයෙන් හා නොසැලිකිලිමත් කමින් තොර ගෞරවනීය ක්‍රියාවලියකි.
එහෙත් වර්තමානයේ බැංකු පොලී අනුපාත ඉහල ගිය විට සියලුම ණය පොලී අනුපාත පරිගණක ඇසුරෙන් ඉහල දැමීමට සියලුම බැංකු ඉතා දක්ෂය. ඒ සඳහා ඉතා හොඳ තාක්ෂණයක් ඔවුන් සතුය. බැංකු පොලී අනුපාත පහල වැටෙද්දී අපේ තැන්පතුවල පොලිය එවලේම අඩු කරන තාක්ෂණයක් සහිත බැංකු අපේ ණය පොලී අනුපාත අඩු කිරීමට මැලිකමක් දක්වයි. 2011 සිට මේ රටේ ඉඩමක් ඇපයට තියා ලබාගෙන ඇති ණය සඳහා 12% ට වඩා අයකරයි නම් ඔවුන් බැංකු නොව පොලී මුදලාලිලා ය.
මිත්‍රශීලි හදවතක් නැතැයි කියන එක්තරා පෞද්ගලික බැංකුවක් නිවාස ණය ලාභීන්ගෙන් පසුගිය කාලය පුරා 15.5% ක ගිනි පොලියක් අයකර ගෙන ඇති අතර එය බරපතල අපරාධයකි. මහ බැංකුවේ අධීක‍්ෂණ අංශයේ සෘජු මැදිහත් වීමක් අවශ්‍යය.
නිවාස ණයක් ගන්නේ ගෙයක් හදන්න ය. ඒ කියන්නේ නිවසක් නැති අය ය. වසර 10ක් 15ක් ණය ගෙවිය යුතු අතර බැරි වුනහොත් පත්තරයේ දමා විකිණීමේ අයිතිය බැංකුව සතුය. ව්‍යාපාර ණයක් නොගෙව්වත් ඒ සන්තෑසියම ය.
පසුගිය වසර 3 ක කාලය තුළ ඔඛේ දේපළ ඇපයට තබා ලබාගත් ණය වල පොලිය උපරිමය 11% - 12% අතර හෝ ඊට අඩු විය යුතු ය. ඔබ ණය ගත් දිනය ඊට අදාළ නැත. යම් ආකාරයකින් ඊට වඩා වැඩි පොලියක් අය කර ඇත්නම් ණය නිලධාරියා හමුවී ඔබේ ඉල්ලීම ලිඛිතව බාර දෙන්න. ඉන් සාධාරණයක් ඉටුනොවන්නේ නම් මහ බැංකුවේ ඔම්බුඩ්ස්මන් හෙවත් දුක්ගන්නාරාලට ඔබෙන් අයකර ඇති ගිනි පොලී අනුපාත පිළිබඳ ලිඛිතව ලියන්න. ඔබ නොදන්නේ වුවද එය ගණුදෙනුකරුවන්ගේ අයිතියකි.
මෙම ගිනිපොලී අයකර ගන්නා බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවට අධීක‍්ෂණ බලය සතුය. පසුගිය කාලයේ සක්විතිලා බිහිකල ගෝල්ඩන් කී, F&G සහ සෙලින්කෝ ශ්‍රී රාම් ගණුදෙනුකරුවන් වස බිව්වේ ද මහ බැංකුව නිසාමය. අසම්මත ලෙස ගණුදෙනුකරුවන් රවටා ගිනි පොලී අයකර ගත් බැංකුවලින් ජනතාවට නැවතත් එම මුදල් ලබා දීමේ වගකීම මහ බැංකුව ක්‍රියාත්මක කරනතුරු ජනතා සාක්කිය නිරන්තර අවධානයෙන් පසුවේ.
සීතලට නොව දාඩිය දාගෙන කැපී පෙනීමට ටයි පටි පළඳින බැංකුවල සිටින මහත්හොරුන්ගේ ලැයිස්තුවද අදාළ බැංකු ද ජාතියට හෙළි කිරීමට ඉදිරියේදී අපට සිදුවනු ඇත.
නිරෝෂන් පාදුක්ක විසිනි
---------------------------
by (2015-04-17 22:50:14)

Last edited: