ගිනි_අවිය_සහ_මාලක
පසුගියදා කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ රථ ගාලේදී ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිසක් විසින් යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයකුට සහ ඔහුගේ සහායක නිලධාරියාට පහර දී පැහැරගෙන ගිය ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලක සිල්වාගේ රියදුරා විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
ඒ සම්බන්ධයෙන් රියදුරා පොලිසියට පවසා ඇත්තේ ගැටුම සිදුවන අවස්ථාවේ බිම වැටී තිබූ මෙම ගිනි අවිය සහ ජංගම දුරකථනය තමන් රැගෙන ගිය බවයි.
කෙසේ වෙතත් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව ඇත්තේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දී ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුය.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මාලක සිල්වා සහ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.