ගිහියන්ට භාවනාව අනවශ්‍යද?
ගිහියන් වන අප තරුණ වයසේදී, නිතර පන්සල් යන්නේනම්, භාවනා කරන්නේනම්, සිල් රකින්නේනම්, අප හා සිටින ගිහි මිතුරු මිතුරියන්ද, වැඩිහිටි නෑදෑයින්ද, ඇතැම් විට අපව හාස්‍යයට ලක් කරනවා; නැත්නම් ඇයි ගිහින් මහණ වෙන්නෙ නැත්තෙ කියා අසමින් අප අපහසුතාවයට පත් කරන්න උත්සහ කරනවා. මේ යහපත් පුරුදුවලින් අප ඈත් කිරීමට උත්සහ කරනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණක්ද? ඇතැම් අය හිතන්නෙ එහෙමයි-මොකද, බොහෝ සූත්‍ර දේශනාවල, බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අමතා දේශනා කළ බව දක්වා ඇති නිසා.
මෙයට පිළිතුර උන් වහන්සේම දේශනා කර තිබෙනවා. මා මෙය උපුටා ගත්තේ කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගේ "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" කියන පොතෙන්.
"වරක් අසිබන්ධක පුත්ත ගාමිණි නම් පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසීය.
ඔබ වහන්සේ සකල සත්ව ප්‍රජාව කෙරෙහිම කරුණාවෙන් වසත්නම්, ඇතැම් කෙනෙකුට මනාකොට විස්තර කරමින් ධර්මය දෙසීමටත්, ඇතැමෙකුට එසේ නැතිව ධර්මය දෙසීමටත් හේතුව කුමක්ද?
එවිට බුදුන් වහන්සේ ඔහුගෙන් මෙසේ විමසූ සේක.
ගොවියෙකුට කුඹුරු 3ක් තිබේයයි සිතමු. ඉන් එකක් ඉතා සරු සාරය; දෙවැන්න මඳක් සරුය; තෙවැන්න නිසරුය. එසේනම් ගොවියා පළමුව වපුරන්නේ කිනම් කුඹුරද?
එයට ගාමිණි මෙසේ පිළිතුරු දුනි.
ගොවියා පළමුව වපුරන්නේ ඉතාම සරු සාර කුඹුරයි. දෙවනුව තරමක් සරු කුඹුරයි. තෙවනුව නිසරු කුඹුරයි. නිසරු කුඹුර වපුරන්නටත් පුලුවනි; නොවපුරන්නටත් පුලුවනි. වපුරතොත් වපුරන්නේ අඩු තරමින් ගවයන්ට හෝ ආහාර පිණිස පවතීයයි සිතාගෙනය.
බුදුන් වහන්සේ මේ පිළිතුර පාදක කොටගෙන, තමන් වහන්සේ ගේ දේශන රටාව මෙසේ පැහැදිලි කළ සේක.
මාගේ පැවිදි ශ්‍රාවක පිරිස ගිහි ජීවිතය අත හැර, මා සරණ කොට වෙසෙත්; ධර්මය මනාකොට පිළි පැදීමට පහසු ලෙස මහණ දම් පුරත්. ඔවුහු සරුසාර කෙත බඳුය. ඔවුන් උදෙසා මම පළමු කොට දහම් දෙසමි.
මගේ ගිහි ශ්‍රාවක පිරිසද මා සරණ කොටගෙන වසත්. (ගිහි ජීවිතයේදී මුලු මනින් කෙලෙස් නිවන මග ගමන් කිරීම අපහසුය. ) ඒ නිසා ඔවුන්ට මම දෙවනුව දහම් දෙසමි.
ගොවියකුට නිසරු කුඹුර යම් සේද, මට අන්‍ය ආගමික තීර්ථකයින්ද එසේය. නමුත් මම ඔවුනටද ධර්මය දෙසමි. ඒ මන්ද, ඔවුන් යම් තරමකට හෝ ධර්මය අවබෝධ කර ගතහොත්, එය ඔවුනට බොහෝ වැඩ පිණිස පවත්නා හෙයිනි."
බොදුනුවන්ගේ අවසාන පැතුම සසර ගමන කෙළවර කිරීමය. නමුත් අප වැඩි දෙනෙක් ලෞකික ජීවිතයට බැඳී ඇති නිසා පැවිදි වී, ලෝකෝත්තර නිවන් මග ගමන් කිරීමට තරම් අප්රමාදී නොවෙමු. නමුත් හැකි අයුරින් මේ මග ගමන් කිරීමට ගිහි අපටද හැකිය. නිවන් මග යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අනාගාමී භාවය තෙක් යාමට ගිහි බව බාධාවක් නොවේ. එය ප්‍රමාදයට හේතුවක් පමණි.
බුදුන් වහන්සේගේ නිවන් මාර්ගය ගිහි අප සඳහාද වලංගුය.