ගිහි පැවිදි බෞද්ධයිනි ශාසනය ඉවරයි.!
ගිහි පැවිදි බෞද්ධයිනි ශාසනය ඉවරයි.! සුද්දන්වත් නොකළ අයුරින් සංඝ සතු දේපොල, සංඝ සභා සහ නායක හිමිවරු නීතියෙන්ම මැදමූලන දෙපතුලට යටත් කෙරෙන කුමන්ත්‍රණය රනිල් හෙළිකරයි--------
රාජපක්ෂ රෙජීමය විසින් රටේ සියළුම ආයතන මැදමූලන පවුල යටතට ගෙන ඇති අතර දැනට ඉතිරිව ඇති විශාල දේපොල සම්භාරයක් සහිත විහාර දේවාල පල්ලි සියල්ලද මැදමූලන පවුලට යටත් කර ගැනීමේ කූඨ කුමන්ත්‍රණය ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ හෙළි කෙළේය. මේ අනුව මැදමූලනයන්ට අවශ්‍ය ආකාරයට පන්සල් බිහිකර ගත හැකි අතර දැනට සිටින විහාරාමාධිපති වරුන් ආදී නායක පූජ්‍ය පක්ෂය එළවා දමා තමන්ට අවශ්‍ය අය ඒ වෙනුවට පත් කර ගත හැකිවෙනවාද ඇත.
රනිල් මේ බිහිසුනු අනතුර ගැන හෙලිකෙළේ කිතලගම හේමසාර නා හිමියන්ට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනමමින් මහරගම තරුණ සේවා සභාවේ පැවැති උත්සව සභාවේදී ය. බුද්ධ ශාසනයට ඇතිවන ව්‍යයසනය විස්තරාත්මක පැහැදිලි කළ රනිල් වික්‍රමසිංහ මෙසේ කීය.
''අපි අද මෙතැනට ආවේ අපේ ස්වාමීන් වහන්සේ ගේ සන්නස් පත්‍රය එහෙම නැත්නම් අක්ත පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවයටයි. බස්නාහිර පළාතේ සංඝනායක තනතුර පිරිනමමින් මේ අක්ත පත්‍රය පිරිනැමීමට තීන්දු තීරණ ගත්තේ සංඝ සභාවයි. ඒ සඳහා සාක්කි දරන්නේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ සභාවයි.
පන්සලක් ඇති කළත්, විහාරයක් ඇති කළත්, එය කළ යුත්තේ සංඝ සභාව මගිනුයි. එයට සාක්කි දරන්නේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ සභාවයි. අතීතයේ සිටම පැවැත ආයේ මේ සම්ප්‍රදායයි. විහාරස්ථාන ඇති කිරීම, ඒවාට භික්ෂූන් වහන්සේලා යොමු කිරීම, විහාරාමාධිපති තනතුරු සඳහා සුදුස්සන් පත් කිරීම, නායක පදවි ලබා දීම ආදී සියළු කටයුතු සිදුකිරීමේ බලය ඇත්තේ ඒ ඒ සංඝ සභා වලටයි.
අප දන්නවා එදා වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ එදා එක එක ස්ථාන වල විහාරස්ථාන ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේලා යෙදවූ ආකාරය. පැරණි කැළණි රජමහා විහරස්ථානය යලි ආරම්භ කරන්න යෙදැවූයේ මැපිටිගම පරපුරේ සංඝයා වහන්සේලායි. අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, අනෙක් පාර්ශව මෙන්ව අනුනිකායනුත් දිගටම අනුගමනය කෙළේ මේ පිලිවෙතයි. මේ සම්ප්‍රදායයි.
1815 වසරේ බි්‍රතාන්‍යයන් සමග උඩරට ගිවිසුව ඇතිකළ අවස්ථාවේදීවත් මේ සම්ප්‍රදායන් වෙනස් කෙළේ නෑ. අපි ව්‍යවස්ථාවටත් මේ පිලිවෙත ඇතුලත් කරළයි තියෙන්නේ. නමුත් වර්තමානයේ මේ පිලිවෙත, මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට කෙටුම්පතක් සකස් කර තිඛෙනවා. ඒ ගැන මේ සභාවේ සිටින දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාගේත්, බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමාගේත් අවධානය යොමු කරන්න කැමැතියි.
මේ කෙටුම්පත අනුව විහාර හා දේවාලගම් පනතේ 3 වන වගන්තිය සංශෝධනය කර අලූතින් උප වගන්ති දමා තිඛෙනවා. මේ කෙටුම්පත මගින් යෝජනා කෙරෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් වෙනුවට, කොමසාරිස් ජෙනරාල් තනතුරක් ඇති කරන්නයි.
දැනට තිඛෙන බෞද්ධ කටයුතු කොමසාරිස් කියන තනතුර ඇති කෙළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ තනතුර ඇති කරන්න තුන් දෙනෙක් මුල් වුනා. ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, සංස්කෘතික ඇමැති ඊ.එල්.පී හුරුල්ලේ ඇමැති තුමාත්, මමත්. ඒ තුන්දෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ මම විතරයි. මම තායිලන්තයේ ආකෘතිය පදනම් කරගෙන තමයි මේ තනතුර නිර්මාණය කිරීමට යෝජනා කෙළේ.
ඒ අනුව 1978 දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අධ්‍යක්ෂ යන නමින් හැඳින්වීම නොකළ යුතු බව ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා. මොකද, ඒ නිලධාරියාට විධායක බලතල ලබා දීම සුදුසු නැති නිසා. ඒ නිලධාරියා වැඩ කටයුතු කළ යුත්තේ මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් හා එකඟත්වයට යටත්වයි. ඒ නිසා මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට අධ්‍යක්ෂ වශයෙන් නොව කොමසාරිස් වශයෙන් හැඳින්විය යුතු යැයි තීරණය කෙරුනා. මේ කොමසාරිස් මුලින්ම කටයුතු කෙළේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේයි. පසුව බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ. දැන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අලූත් කෙටුම්පත අනුව, මේ කොමසාරිස් තනතුර කොමසාරිස් ජෙනරාල් වශයෙන් නම් කොට අලූත් බලතල රාශියක් ලබාදී තිඛෙනවා.
කෙටුම්පතේ පළමු උප වගන්තිය අනුව, විහාරස්ථාන ලියා පදිංචි කිරීමේ බලය බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට පවරනවා. විහාරස්ථාන ලියා පදිංචි කිරීමේ නීත්‍යාණූකූල බලයක් මේ නිසා කොමසාරිස් ජෙනරාල් වරයාට පැවරෙනවා. තුන්වැනි උප වගන්තිය යටතේ අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටින්නට කොමසාරිස් ජෙනරාල් වරයාට පුළුවන්. ඒ තොරතුරු ලබා 4 වැනි උප වගන්තිය අනුව සහතිකයක් නිකුත් කිරීමට කොමසාරිස් ජෙනරාල්ට පුළුවන්.
එහෙම වුනාම සාක්ෂි ආඥා පනත යටතේ නිල සාක්ෂිය වෙන්නේ මේ සහතිකයයි. සංඝ සභාවේ ලේඛන, සන්නස් පත්‍ර, අක්ත පත්‍ර මොනවා තිබුනත්, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ කුමක් කීවත් නීත්‍යාණුකූල ලේඛනය වන්නේ කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කරන සහතිකයයි. ඒ කියන්නේ විහාරස්ථානයක් පිලිබඳ තීරණ ගැනීමේ බලය සංඝ සභාවේ සිට, නැතිනම් ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගේ සිට මේ බෞද්ධ කොමසාරිස් ජෙනරාල් වරයා කියන අලූත් තනතුරට පැවරෙනවා. එතකොට සංඝ සභාවේ තිඛෙන බලතල නැතිවෙනවා.
මේක සම්පූර්ණයෙන් අපේ සම්ප්‍රදාය, නීතිය පමණක් නොව ව්‍යවස්ථාව ද කඩ කිරීමක්. පන්සල් ලියාපදිංචි කිරීමේ මූලික බලතල තිඛෙන්නේ සංඝ සභාවටයි. ආණ්ඩුව කළ යුත්තේ ආගමික ආයතන ලියාපදිංචි කිරීමේ බලතල තමන් වෙත පවරා ගැනීම නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ හැම නිකායකින්ම තොරතුරු හා සාක්ෂි රැගෙන විහාරස්ථාන ලේඛන ගත කිරීමයි. විහාරස්ථාන වේවා, අන්‍යාගමික දේවස්ථාන, කෝවිල් හෝ පල්ලි වේවා ඒවා පිලිබඳ තොරතුරු රැස් කොට ලේඛන ගත කිරීමත්, ඒවාට උදව් උපකාර කිරීමත් ආණ්ඩුවේ යුතුකමක්.
නමුත් මේ කෙටුම් පත නීති ගත කරනවා නම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. කොමසාරිස් ජෙනරාල් වරයාට ඕනෑ නම් පුළුවන් කියන්න, පන්සලක් ඇති කරනවානම්, විහාරාමාධිපති තනතුරක් පිරිනමනවා නම්, ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍යයි කියලා. ඒ අනුව පන්සලක් ඇති කරලා, සංඝයා වහන්සේ කෙනෙක් ඒකට යොදවලා කිසිම සංඝ සභාවකට අයිති නොවන පන්සල් ඇති කරන්නත් පුළුවන්. විහාරාමාධිපති ධූරයන්ට ප්‍රාදේශීය සභාවට හෝ කොමසාරිස් ජෙනරාල්ට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා නම් කරන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක නීතිය ඉදිරියට ගියත් එතැනදී පිලිගන්නේ සංඝ සභාවේ හෝ අක්ත පත්‍රය නොවෙයි. කොමසාරිස් ජෙනරාල්වරයාගේ සහතිකයයි. ඒ නිසා මේ කෙටුම්පතේ තියෙන භයානක කම ගැන අප අවධානය යොමුකළ යුතුයි.
පන්සලක්, විහාරස්ථානයක් ලියාපදිංචි කරන බලතල සංඝ සභාවට නැතිව, නිලධාරියෙක් අතට ගිය විට, ඒ නිලධාරියා ඉන්නේ අපේ මහනායක ස්වාමීන් වහන්සේලාට, අපේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාට ඉදිරියෙන්.
සංඝ සභාවේ බලතල ආණ්ඩුවේ නිලධාරීන් වෙත ලබා දීම සුදුසු නැහැ. එය සම්ප්‍රදාය බිඳ දැමීමක්. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. අලූත් කෙටුම්පත නිසා තිඛෙන බලතල ටිකත් සංඝ සභාවට නැතිවන බව මල්වත්ත මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කෙළේ මේ නිසයි. ඉතින් මේ ගැන අවධානය යොමු කර මේ තත්ත්වය වළක්වා ගත්තේ නැතිනම්, තව නොබෝ කලෙකින් මෙවැනි නායක උත්සව වලදී, මහානායක ස්වාමීන් වහන්සේලා වෙතින් අක්ත පත්‍ර ලබා දීම වෙනුවට කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් ගැසට් පත්‍ර ලබාදීමක් අපිට දකින්නට සිදුවේවි.''