ගීතයට සහ ටෙලිනා‍ට්‍යයට පාලනයක් - පනත ලගදී&#351

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ගීතයට සහ ටෙලිනා‍ට්‍යයට පාලනයක් - පනත ලගදී&#351

    1] :no::no::no:ටෙලි නාට්‍යයක්‌ නම් මුල් පිටපත රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු
    2] අතර නාට්‍ය නිර්මාණය කිරීමෙන් පසුවද එය නැවත රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතුය.
    3] ගී පද මාලා රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතු අතර
    4] සංගීතය සංයෝජනය කිරීමෙන් අනතුරුවද එහි උචිත අනුචිත බව සළකා බැලීම සඳහා රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතු බව සංස්‌කෘතික අමාත්‍යාංශය කියයි.
    SOURCE : Lanka Truth 2012 පෙබරවාරි 18 වෙනි සෙනසුරා
    අප්පට බොල ඩෙඟ ඩෙඟ.....මෙන්න මරුම වැඩක්....! මේ කතාව ඇත්තනම් සිංදුවක් ලියලා, නාට්ටියක් කරලා ඉවරයි.
    සිංදුවක් ලියනවානම් ඉස්සෙල්ලාම පදමාලාව ලියාගෙන ලංකාවේ කොහේ හිටියත් කළා කළා පොලෝසියට බඩගාලා ඒක දෙන්න ඕනෑ. එතනට රජතුමා පත්කරන දත් හැලුනු, ලොං හැලුනු, කළාව පමණක් නොදත් ලෙවකෑම පමණක් දන්නා බත් බැලයෝ ඒක මාසයක් දෙකක් කල් අරගෙන කියෝලා බලලා හොඳයි කියලා හිතෙනවානම් අනුමත කරයි.
    ඉක්මණට අනුමත කරගන්න ඕනෑනම්.."ආයුබෝ වේවා මහරජාණෙනේ..." කියන කෑල්ල සෑම ගීපදමාලාවකටම ඇතුලත් කල යුතුය.
    රැප් එකක් නම්, රැප් කරන කෑල්ලට "සුද්දට හෙණ ගහපිය...කොටියට හෙණ ගහපිය....මහරජ මහරජ මහරජ අප විරුවාය...." වගේ කෑල්ලක් දෙකක් රිංගෙව්වානම් ඔන්න ෆටාස් ගාලා ඇප්රූවල් ලැබෙයි. නැහ්නං ඉතින් හුටස් තමයි.
    මියුසික් දැම්මට පස්සෙත් ආයෙත් ගිහිල්ලා පෙන්නන්න ඕනෑ...මොකද පදමාලාව ව:ිතරක් නෙමෙයිනෙ ආයුබොවං මියුසික් වුනත් දෙසද්‍රෝහී.....කොටි හිතවාදී....සිංහල බෞද්ධ විරෝධී වෙන්න පුලුවන්නේ ඉතින්....
    නාටිටියකට ඇප්රූවල් ඉක්මණට ඕනෑනම් ප්‍රධාන චරිතය මැරවින්ට දෙන්න ඕනෑ. ඕකා ලීඩ් කරන නාටිටියක් පරක්කුවුනොත් මිනිහා කළා පොලීසියේ සරම් ගළවනවානේ....
    සහෝදර සහෝදරියනි, මේවා ඇහෙනකොට මට එකක් හිතෙනවා...මුන්ට දැන් හොඳටෝම පිස්සු...