ගීතාගේ රැස්වීමේ කතා කරන්න ගිහින් ගුටි කය&#3538

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ගීතාගේ රැස්වීමේ කතා කරන්න ගිහින් ගුටි කය&#3538

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.
වරාය හා මහාමාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කරමින් සිටියේය.
‘ඇමැතිතුමා කතා කරන්න කලින් මට හමුවෙන්න ඉඩක් දෙන්න‘ ඔහු ඉල්ලා සිටියේය.
‘හරි හරි රැස්වීම ඉවරවෙලා අපි කතා කරමු‘ . අමැති කීවේය.
එහෙත් සුමතිපාල නම් වු එම පුද්ගලයා දිගින් දිගටම කතා කරන්නට විය.
ඇමැතිගේ කතාවට දිගින් දිගටම බාධා ඇති විය.
සුමතිපාල :‘අපි හැමදාම තමුන්නාන්සේලාගේ කතා ඇහුවා.දැන් අපේ කතාව අහන්න.අපි එදා ඉදලා හොද ශ්‍රී ලංකා කාරයෝ .අපට සමෘද්ධියත් නෑ .කන්නත් නෑ.ඉන්නත් නෑ.මේ දරුවා තියාගෙන ඉන්නේ මහ පාරේ.‘
එසේ කී සුමතිපාල දරුවා වඩා ගත්තේය.රැස්වීම සංවිධානය කළ බෙන්තර ඇල්පිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායිකා දකුණු පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ආසනයෙන් නැගිට්ටාය.තවත් කිහිප දෙනකු සමඟ එහි පැමිණියාය.එම පිරිස සුමතිපාල රැස්වීමෙන් එළියට රැගෙන ගියේය.එසේ රැගෙන යද්දීත් ඔහුගේ කතාව නතර වුයේ නැත.ඔහුට කම්මුල් පහරක් වැදුණේය.
දරුවාද භීතීයට පත් වු බව එය දුටුවෝ කියති. ඔහුට පහර දුන්නේ නිල ඇඳුමක් ඇද සිටි කෙනෙකියි එහි සිටි අය කියති.
කාගේ හෝ පිල්ලියක් එවලා යැයි තව පිරිසක් කීහ.ඔහුද බිරියද දරුවාද පොලිසියටරැගෙන යනු ලැබුහ.
පොලීසිය ටික වේලාවකින් ඔහු ද දරුවා ද බිරිය ද මුදා හළේය.

 
  • Like
Reactions: wdk

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කම්මුලට ගහන්න නෙවෙයි පොල්ලකින් ගහන්න තිබ්බේ :rofl: සුට්ටෙ පක්ෂයක් බඳාගෙන රටට වැඩ කරන අයට චන්දෙ දෙන්නැතුව කුඩුකාරයන්ටයි ගනිකාවන්ටයි පත් කෙරුවට.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගිණි කෑවම අඟුරු රෙන්න වෙන බව සුමතිපාල මහත්මයා දැන ගන්න ඕන
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කම්මුලට ගහන්න නෙවෙයි පොල්ලකින් ගහන්න තිබ්බේ :rofl: සුට්ටෙ පක්ෂයක් බඳාගෙන රටට වැඩ කරන අයට චන්දෙ දෙන්නැතුව කුඩුකාරයන්ටයි ගනිකාවන්ටයි පත් කෙරුවට.
    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන්වත් සුමතිපාලයො මේක උන් කියන විදිහට පක්ශෙ මාරු කොරපිය, ආ අමතක උනා ඒ මනුස්සය එලකිරි ලොග් වෙන්නෙ නැනෙ :rofl::rofl: