ගීයක අරුත විඳිමු...

Lucifr

Member
May 22, 2017
159
37
0
Panadura
ගීයක අරුත විඳිමු...

පවනට සැලෙනා දොඹමල් සුවදින්..

දරැවකුට මවගේත් පියාගේත් දෙදෙනාගේම ආදරය කරැණාව අවශ්‍යයි...

මවක් නැති අඩුව පියකුට පුරවන්න වුවහොත්...?

පවනට සැලෙනා දොඹමල් සුවදින්..
ආදර හසරැල් මුවට නැගේදෝ..
සවනට කොදුරා පවසන වදනින්..
ආදර හැගුමන් හිතට දැනේදෝ...

සුලං හමන විට දොඹ මල් සුවද දැනෙනව ඒත් ආදර හසරැල් මුවට නැගෙනවද? කනට ලංවෙලා කොදුරන වදන් වලින් සිතට ආදර හැගුම් දැනෙනවද? ඇය තමාත් තම කුඩා පුතණුවත් හැරදා ගිහින් දැන් ඉන්නෙ මල් ඇතිරැ සුව යහනක..

මල් ඇතිරැ ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආල වඩයි දෝ..
මා ඇකයේ හිද පොඩි පුතු හඩනා
ඒ දුක්බර හඩ ඔබට ඇසේදෝ....

මල් ඇතිරැ සුව යහනක ඇය දෙනෙත් අඩවන් කරගෙන ආල රැගුම් පානව, ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා හඩන දුක්බර හඩ ඇයට ඇසෙනවාද.. යන්නෙන් මව් සෙනෙහස අහිමිව ගිය සිය පුතු කිරි ඉල්ලා හඩද්දී පියකුට ඇතිවන වේදනාව මැනවින් විදහා දැක්වෙයි, මෙය නැලවිල්ලක් නොව පියකුගේ වේදනාවයි..

ඇකයේ සිට මා පුතු හඩනා සද
ලේ කිරි වී දැයි නොදනිමි මා ලග
අසරන දෙනෙතින් පුතු දෙස බැලු සද
දුටුවේ වැගිරැනු කදුලු පමණි ලද...

ඔහුගේ ඇකයේ සිටින පුතු කිරි ඉල්ලා හඩන විට ඔහුගේ ලේ කිරි වේද..? රචකයා මෙය ගැටලුවට නගයි.
ඔහු අසරණව තම කුඩා පුතු දෙස බලන විට ඔහු දකින්නේ තම කුඩා පුතුගේ කදුලු පමනයි..

මෙම ගීතයෙන් සැමියා හා දරැවා තනිකර ගිය මවක් නිරැපනය වුවත්, රචකයා පිය සෙනෙහස ද අපූරැවට මතුකර තිබෙනවා ...

මෙය රචනා වී ඇත්තේ රචකයාගේ ජීවිතයේ ඇතිවු කම්පනයක ප්රඵිපලයක් ලෙසින් යැයි සැලකේ.. මෙය රචකයා වන ධර්මසිරි බණ්ඩාරනායක ගේ පලමු සහ අවසන් ගීය ලෙසද දැක්වේ.. ඔහු මෙය අබිනික්මන ලෙස නම් කරනවා.

කේමදාසයන්ගේ වේදනාබර සංගීතය හා ටී.එම් . ජයරත්නයන්ගේ හඩ, මෙහි හැගුම්බර බව තව තවත් උද්දීපනය කරයි..

පද රචනය: ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය: පේමසිරි කේමදාස
ගායනය: ටී. එම් . ජයරත්න

~~ලහිරු විජේතුංග~~
Source=
http://geeyaka-arutha.blogspot.com
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නියමයි මේ වගෙ ලස්සන සින්දු ඇහෙනකොට ඉරාජ්ල වගේ සින්දු කන එවුන්ව අමුවෙන් කන්න හිතෙනව ..
     
    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    නියමයි මේ වගෙ ලස්සන සින්දු ඇහෙනකොට ඉරාජ්ල වගේ සින්දු කන එවුන්ව අමුවෙන් කන්න හිතෙනව ..

    Aniwa machan,me sindu kawadawat epa wennet na,parana wennet na.:yes::yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ වගේ ගීත අද බිහිවෙන්නෙම නැති තරම්..
    ස්තුතියි අප සමග බෙදා ගත්තට මචං..!
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    දන්න කෙනෙක් ඉන්නවනම් මා ඔබත් එක්ක සුහද කතාවක් සින්දුවේ තේරුමත් දාන්නකෝ. ඒකෙන් අපිට ඇහෙනවට වඩා දෙයක් කියනව කියලා හිතෙනව

    good thread.:yes::yes:
    bump
     
    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura

    Tnx Macho:D:D:D

    දන්න කෙනෙක් ඉන්නවනම් මා ඔබත් එක්ක සුහද කතාවක් සින්දුවේ තේරුමත් දාන්නකෝ. ඒකෙන් අපිට ඇහෙනවට වඩා දෙයක් කියනව කියලා හිතෙනව

    good thread.:yes::yes:
    bump

    Tnx Bro:D:D:D

    mama asama sinduvak...paduve peththakata vela rasa kara kara ahanna puluhan

    Aniwa machan:D:D:D
     
    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    දන්න කෙනෙක් ඉන්නවනම් මා ඔබත් එක්ක සුහද කතාවක් සින්දුවේ තේරුමත් දාන්නකෝ. ඒකෙන් අපිට ඇහෙනවට වඩා දෙයක් කියනව කියලා හිතෙනව

    good thread.:yes::yes:
    bump

    Mekamada kiyala mata sure na machan:confused::D:rolleyes:

    මා ඔබත් එක්ක සුහද කතාවක්...

    මෙම ගීතයෙන් කියවෙන දෙදෙනා කලකට පෙර පෙම්වතුන්වී සිටි අය. කුමක් හෝ හේතුවක් නිසා වෙන්වෙන්න වෙලා. දවසක් අහම්බෙන් මේ දෙදෙනා මුන ගැසෙනවා. දෙදෙනා කතාබහ කරන්නේ ආගිය විස්තර මිසක් ඔවුන්ගේ ප්‍රෙමය ගැන නොවෙයි. ඒය ගීත රචකයා හඳුන්වන්නේ 'මා ඔබත් එක්ක සුහද කතාවක්' කියයි. නමුත් ප්‍රෙමය අමතක කල නොහැකියි. ඔවුන්ගේ නෙත් යාවෙන විට නෙත් වලින් පැරනි ආදරය මතක් කර ගන්නවා.

    දෙදෙනාටම කතාව දිගට පවත්වාගෙන යෑමට අවශ්යයි. මෙනිසා ආගිය තොරතුරු වලින් කතාව දික්ගස්සා ගන්නවා. ඒ සමගම නෙත් වලින් පැවසෙන ආදර කතාව නවත්වන්නෑ. පැරනි දේවල් ටික ටික මතක් කරන අතර එවිට සමහර දේ පවසන්නේ රහසිනි. ඒ එය අන් අයට ඇසීම වැලැක්වීමටම නොව දෙදෙනාට ඇති සතුට ප්‍රකාශ කිරීමටයි.ඒ අතරේ ඉඟි කිරීමටද ඔවුන් පසුබට වෙන්නේ නෑ. තව දුරටත් තොරතුරු කතා කිරීමට පෞද්ගලිකත්වය ඇති ස්ථානයකට යෑමට පවා ඇරයුමක් ලැබෙනවා. දෙදෙනා මේ කරන්නේ වරදක් නොවන බව දෙදෙනාම පිලිගන්නවා.

    මෙය සිතුවිලි අතීතයට රැගෙන යාමක් මෙන්ම පෙර ඇසුරු කල ආකාරයටම යෞවන පෙම්වතුන් විලසින් ඇසුරු කිරීමට දෙදෙනාම රුචිකත්වයක් දැක්වීමකි.

    වර්ථමානයේ ඔවුන් දෙදෙනා සිටින තත්වය මොහොතකට අමතක කරමින් පැරනි ප්‍රේම ලෝකය වෙත දෙදෙනාම පිය නැගූ අවස්තාවක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකියි.

    ~~තේජන අබේදීර~~

    Source=http://geeyaka-arutha.blogspot.com
     
    Thanx bn.