ගුණරත්නම් Missing

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    premakuara-exclusive.jpg


    ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී වෙන්ව ගිය කැරලිකාර කණ්ඩායමට අප‍්‍රකටව නායකත්වය දෙන ‘කුමාර්’ හෙවත් පේ‍්‍රමකුමාර ගුණරත්නම් පැහැරගැනීමකට ලක්ව ඇතැයි ජන අරගල කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.
    ඊයේ රාත‍්‍රියේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදී මෙම සිද්දිය සිදු ඇති බවත් පවසන ඔවුන් අප්‍රේල් 06 වැනිදා සවස ගොඩගම පිහිටි සිය නිවස බලා යමින් සිටි ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දිමුතු ආටිගලද පැහැරගැනීමට ලක්වී ඇතැයි පවසයි.
    මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ වලින් අප කල විමසීමකදී ඔවුන් පැවසූවේ එවන් සිද්ධියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි. අරුදහන් වූ දෙදෙනා තම අත්අඩංගවට පත්ව ඇතැයි එල්ල කරන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඔවුන් කියා සිටී.
    සිද්ධිය පිළිබඳව එම පාර්ශ්වයේ පිරිස් කලබලයට පත්ව ඇති බවද මේ සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීමටද බොහෝ දුරට ඉඩකඩ ඇති බවද ජන අරගල ආරංචි මාර්ග පවසයි.
    ජවිපෙ ජන අරගල කණ්ඩායම විසින් පිහිටුවා ගන්නා ලද නව පක්‍ෂය වන ‘පෙරටුගාමී සාමජවාදී පක්‍ෂයේ’ මංගල සමුළුව හෙට දිනයේදී සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.


    Code:
    lankacnews
     

    Similar threads