Dr. Janaka Wannaku
4s FteuhSlbpSorScnscuhaurydgumor ed2mu0r20 ·ලෙඩ නොවී ඉන්න කන්න ඕන මොනවද..?
.............................
"රූප්වාහිනියේ වෙලද දැන්වීම් යන කිසිම කෑමක් කන්න එපා...."
................................
ඇයි...?
කොකා කෝලා ගැන ඇඩ් යනවා....තැබිලි ගැන ඇඩ් යන්නෙ නෑ...
ජෑම් ගැන ඇඩ් යනවා..පලතුරු ගැන ඇඩ් යන්නෙ නෑ...
මාගරින් ගැන ඇඩ් යනවා පොල්තෙල් ගැන ඇඩ් නෑ....
නූඩ්ල්ස් ගැන ඇඩ් යනවා බත් ගැන ඇඩ් යනවාද?
සැමන් ටින් ගැන ඇඩ් යනවා....මාලු කාපන් කියලා කියනවද..???
සොසේජස් ගැන ඇඩ් යනවා ...මස් ගැන ඇඩ් යනවද....?
සුප් කැට ගැන ඇඩ් යනවා....කොල කැද ගැන මුකුත්ම නෑ....
ගොටුකොල මැල්ලුම් ගැන කවදාවත් ඇඩ්ස් ගියාද..?
මයිලෝ ගැන ඇඩ්ස් ගියාට පොල්පලා ගැන අහලවත් තියෙනවද.....?...
මේ එකක් වත් ආහාර නෙවෙයි....ආහාර වගේ හදපු රසායනික ද්‍රව්‍ය....
රසකාරක ...සහ සීනි....
අද අපි ඔක්කොම සටන් කරන දියවැඩියාව , පිලිකා, හෘද රෝග සහ මහත ට ප්‍රදාන හේතුව මේ රසායනික ද්‍රව්‍ය ගුලි...
....................................
ඔබ ආහාරයට ගන්න ඕන...මොනවද එතකොට...
ගහක හැදෙන
ගෙඩියක්,
කොලයක්,
අලයක්,
මුලක්, ගසක කද
හෝ
ගසක කොටසක්...
දුවන සතෙක්,
පියාඹන කුරුල්ලෙක්,
පීනන මාලුවෙක්,
හෝ බිත්තරයක්,,,,
හෝ ස්වබාවිකව පවතින දෙයක්
ආහාරයට ගන්න....
.........
අපේ ශරීරය හැඩගැහිලා තියෙන්නේ ස්වබාවික ආහාර වලට මිසක් රසායනික බෝම්බ ගිලින්න නෙවෙයි.....
මේ ආහාර බොහොමයක් ලංකාවෙ වෙලදපොලට ඇතුලු උනේ 1977 විවෘත ආර්තිකයත් එක්ක.
ඒ වගේමයි...අපි ඔක්කොම ලෙඩ වෙන්න ගත්තෙත් ඔය විවෘත ආර්තිකයත් එක්කමයි.....
දැන් ඒක ආපහු හරවන්න පරක්කු වැඩියි....
ඒත් මතක තියා ගන්න ඔබ කටේ දාගන්නේ මොකක්ද කියලා තීරනය කිරීමේ අයිතිය ඔබ සතුව තියෙනවා...
ඒ නිසා අවුරුදු සීයකට කලින් ඔබේ සීයා හෝ මුත්තා නොකාපු කිසිම දෙයක් ඔබත් ආහාරයට ගන්න එපා....
Dr. ජානක වන්නකු
GreenFit
0714485994


