ගුණ විදිහට පිටින් කමු

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගුණ විදිහට පිටින් කමු

ගුණ විදිහට පිටින් කමු

attachment.php


අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා සුරක්ෂිතභාවය ගෙන අපි දෙවරක් හිතන්න ඕනි. අද අපි ඔබව දැනුවත් කරන්නේ අවන්හලකට ගිහින් ආහාර තෝරාගන්න විදිහ ගැනයි.

මෙනු පත ගැන විමසන්න
අවන්හල් වල පිළියෙළ කරන ආහාර අධික මේදයෙන් යුක්තයි. ඒ නිසා ආහාර ඇනවුම් කරන්න කලින් මෙනු පත කියවා බලා ඒ පිලිබදව වේටර් කෙනෙකුගෙන් විමසා බලන්න. එවිට කැලරි ප්‍රමාණය අඩු අහාර මොනවද කියල ඔබ තීරණය කල හැකියි.

අතිරේක ද්‍රව්‍ය වලින් දුරස් වන්න
අවන්හල් වල පිළියෙළ කරන ආහාර වලට කුළු බදු වලට අමතරව විවිධ කෘතීම රසකාරක හා සෝස් වර්ග එකතු කරනවා.එම නිසා ආහාර ඇනවුම් කිරීමේදී කෘතීම රසකාරක එකතු නොකරන ලෙස ඉල්ලා සිටින්න. එසේ ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇති බව මතක තබා ගන්න.

සීනි අධික අහර වලින් වැළකෙන්න
පිටතින් ගන්න තිබෙන අතුරුපස බොහෝ විට අධික පැණි රසයකින් යුක්තයි. ඒ නිසා අවන්හලකදී අතුරුපස ඇණවුම් කිරීමේදී නැවුම් පලතුරු, කිරි පැණි වගේ දෙයක් ගන්න.

ස්වභාවික අහාර වල මුල් තැන දෙන්න
ආහාර තෝරා ගැනීමේදී ධාන්‍ය වර්ග, එළවලු, පලතුරු සලාද වලට මුල්තැන දෙන්න.ටින් කල ආහාර, පැකට් කල ආහාර ගැනීමෙන් හැකිතාක් වලකින්න. ඒ වගේම බීම වර්ග තොර ගැනීමේදී ස්වභාවික පලතුරු බීම වර්ග ඇණවුම් කරන්න අමතක කරන්න එපා. කෘතීම පැණි බිම වලින් සම්පුර්ණයෙන්ම ඉවත් වනවානම් එය වඩාත් ගුණදායකයි.​

Source: thewoman.lk
 

Attachments

  • 227808_830fa300f96f68119e9d66c15d5ad04f6439c30c.jpg_facebook.jpg
    227808_830fa300f96f68119e9d66c15d5ad04f6439c30c.jpg_facebook.jpg
    91.8 KB · Views: 200
  • Like
Reactions: TheRockSays