ගුද මාර්ගයට වායු පීඩන බටයක් ඇතුළු කල පුද්&#348

May 25, 2018
43
18
0
ගුද මාර්ගයට වායු පීඩන බටයක් ඇතුළු කල පුද්&#348

අධිපීඩන වායු බටයක් ගුද මාර්ගයට ඇතුළ් කිරීම හේතුවෙන් දින 9 ක කාලයක් හොරණ මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර
ලබමින් සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරගම - රයිගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.

බංඩාරගම - රයිගම ප්‍රදේ‍ශයේ දැව පදම් කිරීමේ කර්මාන්ත ශාලාවක මොහු සේවය කර ඇති අතර එහි සේවය කල තවත් සේවකයින්
දෙදෙනෙක් වායු බටය රැගෙන උසුළු විසුළු කරමින් සිට එක්වරම මියගිය පුද්ගලයාගේ පිටුපස ප්‍රදේශයට ඇතුළු කර තිබෙනවා.

මෙහිදී ගුද මාර්ගයට අධිපීඩන වායු ධාර ඇතුළුවීමෙන් ඇතිවූ පීඩනයත් සමඟ බඩවැලක් පුපුරායාමෙන් අසාධ්‍ය තත්ත්වයට
පත්වූ අදාල පුද්ගලයා රෝහල් ගත කළ අතර ඊයේ(05) ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් පසුව අදාල සේවකයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර ඇත.


 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඇතුල් කරනකම් මේ මනුස්සයාට දැනිලා නැද්ද ?