ඔය ප්‍රේත තල වලද සිටින සමහරුන්ට බොහෝ බලවත් වැඩ කරන්න පුළුවන්.
දැන් පිකාසෝ වගේ කෙනෙක් ලෝකෙම ප්‍රසිද්දයිනේ ඕවා එලෙසෙම කොපි කරන්න ඔය බුතයන්ට පෙරේතයන්ට හැකියාවල් තියනවා. එයාල සමහර පුද්ගලයන් හරහා එහෙම දේවල් කරනවා එහෙම කරලා ඒ බුතය සතුටක් ලබනවා . මේ මිනිසාව මේ පෙරේතයන් බොහෝ ප්‍රසිද්ද කරනවනවා. නමුත් ඔබ හොදට සොයා බලන්න ඒ හැමදේම ටික කාලයයි . මොකද ඔය පෙරේතයන්ටත් එකෙන් ලබන සතුට ටික කාලයයි විදින්න පුළුවන් , අපිට උනත් ඕනිම දෙයක් ගෙදරට ගෙනාපු ගමන් විතරනේ අගේ ..
ඉතින් ඔය ලංකාවෙත් දේවාල වලට ගියාම තමන්ගේ මල ගිය හිතවත්තු ගෙන්නනව කියා කට්ටඩියෝ ඉන්නවා . සියලුම විස්තරත් කියනවා නමුත් එතන ඉන්නේ ඔබේ මල ගිය හිතවතා නෙමෙයි බොහෝ වෙලාවට එතන සිටින පෙරේතයෙක් හෝ බුතයෙක් ඔබගේ සිතින්ම ඔබේ දේවල් සොයා ගන්නවා . පෙරේතයන්ට හැකියාවක් තියනවා ඔබගේ සිත දුර්වල අවස්ථාවල ඔබේ සිතත් සමග සම්බන්ද වෙන්න
අන්න ඒ හින්ද ඔහොම තැන් වලට ගිහින් ඔබේ ඤාතින් ගෙන්වා ගන්න හිතන්නවත් එපා . අනිවාර්යෙන්ම ඔය බුතයෝ පෙරේතයෝ ඔබේ දුර්වලතා වලින් ප්‍රයෝජනයක් ගන්නේ. ඔබේ මලගිය හිතවතුන්ට කල හැකි උපරිම උදව්ව නම් අප්‍රමාණව පින් පැවරීමය .
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .... මුලාවෙන් මිදෙත්වා .......