ගෝඨාගේ මාපිළා කතාවට තිගැස්සෙයි
"නාගයාගෙන් බැරි වුනොත් මාපිලාගෙන් හරි තරග කර ඉක්මනින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ අගමැති ධුරයට ගෙන එනවා" යි ගෝඨා පසුගියදා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයේ වෙනදා නොතිබුනු කෝපයක් ගැබ් වී තිබූ බව ඔහු ගැන දන්නා කා හටත් නිසඟයෙන් වැටහෙනු ඇත. ඔහුගේ කෝපයට එක් හේතුවක් බැසිල් පිළය. බැසිල් පිළ තක්සේරු කළ ආකාරයටම මේ වන විට අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේ රැස් බහිමින් තිබේ.
බැසිල්ලාගේ තක්සේරුව වූයේ දැනටමත් ජනාධිපතිවරණයකින් ජය ගැනීමට අඩු ඡන්ද ලක්ෂ 10 ක් පමණ ප්‍රමාණයක් බැවින් එය සොයා ගැනීම විනා මෛත්‍රීපාල සිරිසේනගේ උගුල් වල වැටීම නොවේ. ඔවුන් පළාත් පාලන ඡන්දයේ අවසන් ඡන්ද ප්‍රචාරය කෙළේ ‘මහින්ද අගමැති කරන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න‘ කියා ය. දැන් පොහොට්ටුව දිනවා තිබේ. ඒ ජනතාව බලාගෙන ඉන්නේ දැන් දැන් ‘මහින්ද අගමැති වෙයි‘ කියා ය. නමුත් මේ වෙලාවේ, වසර 2 කට අගමැති කමක් බාර ගැනීමට මහින්දලාගේ ඒකාබද්ධයට නොහැකිය. ගත්තත් ණය වැඩියෙන්ම ගෙවන්නට තිබෙන වසර දෙක ලබන වසර දෙක බැවින් ජනතාවට පීඩනයක් නොදී ආණ්ඩුවක් කරගෙන යන්නටද බැරිය. විශේෂයෙන්ම සිරිසේන ජනාධිපති යටතේ සිරිසේන බලයට ගෙනා යූඇන්පියට ආණ්ඩුවක් කරගෙන යන්නත් බැරි නම් තව මහින්ද අගමැති වී කරන්නේ කෙසේද? එසේ වුවහොත් දැන් තිබෙන ජයග්‍රහණය පවා වසර දෙකකින් කෙළ වී යන්නේ ය. අනෙක් අතට විශ්වාස භංගය පරාජය වුවහොත් ඡන්දයෙන් පසු මහින්ද අගමැති කරන්නට පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු සුන් වන්නේ ය. මේ දේශපාලන නාඩි ඇල්ලීම මත බැසිල්ලා මේ වෙලාවේ විශ්වාසභංගයකට අකමැති විය. එහෙත් විමල්ලා බලාපොරොත්තු වූ ආකාරයටම බැසිල් පිළ සිය ග්‍රහනයට ගැනීමට ඔවුන් සමත්වූයේ විශ්වාස භංගය කරළියට ගෙන එමිනි. එයින් බැසිල් පිළේ හා ගෝඨා පිළේ ගැටුමද තීරණාත්මක සංධිස්ථානයකට පැමින ඇත. එහි ආසන්නම සිදුවීම සිදුවී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුව තුළදීමය.
විමල් ප්‍රසන්න ගෝරිය..
පාර්ලිමේන්තුවේ සිය කාමරය තුළ රැස් වූ ඒකාබද්ධයේ පිරිස අතර ගැටුමක් හටගෙන ඇත. ඒ දැඩි බැසිල්-මහින්දවාදියෙක් වන ප්‍රසන්න රණතුංග හා සහ උග්‍ර ගෝඨාවාදියෙක්වන විමල් වීරවංශ යන දෙදෙනා අතරය. ප්‍රසන්න මෙහිදී විමල්ට දොස්නඟා ඇත්තේ "විමල් ඇයි ඔයාල අපේ අවසරයක් නැතිව දෝෂාභියෝගයට අපි අත්සන් කර ලියවිල්ල කතානායකට බාරදෙන්න කලින් ප්‍රසිද්ධ කළේ. ඔයාල ලියවිලි දෙකකට අත්සන් අරගෙන තියෙනවා. මොනවද මේ ඔයාලගෙ හොර වැඩ. සුසන්ත පුංචි නිළමේ අත්සන් කරළා තියෙන්නේ දෙවෙනි ලිස්ට් එකේ. මුල් එකේ එයාගෙ අත්සන නෑ. මේවගේ කැත වැඩ කරන්න එපා මන්ත්‍රීතුමා" යනුවෙනි.
එවිට විමල්ද " මොනවද කැත වැඩ. මහින්ද අස්සන් කළාද ලිස්ට් එකට. අර බිමල් කිව්ව වගේ ඒක බාර දෙන්න කතානායක ළඟටත් අපි අරගෙන ගියේ මස් කඩේට ගෙනියන හරකා වගේ තමයි. අපි තමයි මේ බලවේගෙ හැදුවේ. වැඩේ නැඟලා යනකොට තමයි එයත් වේදිකාවට ආවේ. අනිත් එක්කෙනා (බැසිල්) ඇමෙරිකාවෙ ඉඳලා ඇවිල්ල පොහොට්ටුවක් අටවලා දැන් එනව මෙතන අයිතිවාසිකම් කියන්න. මගෙන් අහගන්න එපා" යි කියත්ම, “මොනවද යකෝ අහගන්න එපා කියන්නෙ, කියපන් බලන්න“ කියමින් ප්‍රසන්න විමල්ට පහර දෙන්නට ඉදිරියට පැන්නේ ය. එවිට ගම්මන්පිළ පැන විමල් පසෙකට ඇදගෙන ගිය ඇති අතර ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්නව අනෙක් පසට ඇදගෙන ගියෝ ය. ඔවුන් සමඟ පොර බඳිමින්ම ප්‍රසන්න, " තොපි ඔක්කොම සිරාත් එක්ක එකතු වෙලා අපට කෙළවන්නයි හදන්නේ. බලා ගනියව් ඔක්කෝටම හු.....වා“ යැයි බැන වැදුනු අතර පසුව ප්‍රසන්න කාමරයෙන් පිටව ගියේ ය. මේ අනපේක්‍ෂිත ගැටුමෙන් ගෝඨා පිළ ව්‍යාකූල වී ගියේ ය.
ගෝඨා ‘මාපිළා‘ පෙන්නුවේ ‘පොහොට්ටුවට‘ වදින්නයි
මේ ගැටුම ඇති වූ වහාම එළියට පැමිනි ප්‍රසන්න රණතුංග, මහින්ද අමතා එදින රාත්‍රියේම සාකච්ඡාවක් සූදානම් කෙළේය. එයට සහභාගී වූයේ මහින්ද සමඟින් බැසිල් පිළ පමනි. ගෝඨා පිළද එදිනම රාත්‍රියේ වෙනත් ස්ථානයකදී සාකච්ඡාවක් පැවැත්වී ය. ගෝඨා පිළේ සාකච්ඡාව තුළදී මහින්දානන්ද, ගම්මන්පිළ, විමල්, රතන හා ඩලස් ඉතා දැඩිව පෙන්වා දී ඇත්තේ බැසිල් පමනක් කේන්ද්‍රීය කරගනිමින් පහර දිය යුතු බවයි. මහින්ද සිටින්නේ තමන් ගේ පිළේ බවට හැඟවෙන පරිදි ඉදිරි සැලසුම් සකස් කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත් නොසිතන අයුරින් විශ්වාසභංගය පරාජය වන බවද සියල්ලන් ගේම ඒකමතික අදහස වූයේ ය.
මේ සියල්ලෙන් වියරු වැටුනු ගෝඨා, " ඔය බැසිල් තමයි එදත් මාව පාවා දුන්නේ. රතුපස්වල සිද්ධියේදී බැසිල් ගිහිල්ලා ෆාදර්ස්ලා හමුවෙලා සමාව ගත්තා. ඊට පස්සේ ඇවිල්ලා පල්ලියේ බිත්තිවලත් ලේ තිබුනා ය, වෙඩි තියපු හැටියි අරව මේව ඔක්කෝම අයියගෙ කනේ තිබ්බෙත් ඔය මිනිහ තමයි. බලනව අයිෂේ මේ මිනිහට ඕන වෙලා තියෙන්නේ මාව හිරේ දාන්නම නේ" යි කෑ ගසමින් බැන වැනුනේ ය. මේ සාකච්ඡාවෙන් පසු දිනක අධිකරණයට ගොස් එන අතර මාපිළා ලකුණෙන් වුවත් මහින්ද දිනවිය හැකි බව ගෝඨා කීවේ බැසිල් පිළටද කරන අනතුරු ඇඟවීමක් ලෙසිනි. පළාත් පාලන මැතිවරණය දිනුවේ පොහොට්ටුවේ හෝ බැසිල් ගේ සුවිශේෂී හපන්කමක් නිසා නොව විමල්ලා, ඩලස්ලා, ගම්මන්පිළලා ගේ අධිෂ්ඨානය හා කැප කිරීම නිසා බව බැසිල්ලාට දැනුම් දීමය. එවගේම ලේ මතින් හෝ සිය අරමුණ කරා ළඟා වන බවට කරන ලද සංඥාවක් බවද බැසිල් පිළ අනුමාන කරති.
රංගෙට කිලී දුන් ගාන ලීක් වෙලා අනෙක් අයත් සල්ලි ඉල්ලයි
මෙම සාකච්ඡාව තුළ දී අතුරලියේ රතන වැඩි දුරටත් විමසා සිටියේ මොකක්ද "ඩලස් මන්ත්‍රීතුමා මේ ඒකාබද්දෙ කට්ටියත් දැන් සල්ලි ඉල්ලනව කියන්නේ..? " කියාය. "ඒකනේ හාමුදුරුවනේ බලන්න කෝ මුන් ගේ හැටි. රංග බණ්ඩාරයට කිලී මහා රාජා සල්ලි දුන්න බව මුන් කොහොම හරි දැන ගෙන තියෙනවා. දැන් මුන් කියනවා සපෝට් එක දෙන්නම් හැබැයි ගාණක් ඕනලු. ටිකක් නෙමේ හැම එකාම කෝටි දෙක තුන ඉල්ලන්නේ" යි ඩලස් සිනා සෙමින් පැවසීය. ඊට ප්‍රතිචාර දැක්වූ ගෝඨා “යූඇන්පී එකෙයි, අපේ එවුන්ටයි ඉල්ලන ගාණක් දෙනවා අයිෂේ. මතකද ජනාධිපතිවරණ වෙලාවෙ සිරිසේන එක්ක යන්න හිටිය 40 ක් විතර බැසිල් නවත්තපු හැටි. සල්ලි වලට යක්කුත් යටයි අයිෂෙ. කිලීයි, නිශ්ශංකයි, දිලිතුයි මට කිව්වා, මේ වෙලාවේ මුදල් ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. කොහොම හරි වැඩේ ගොඩදාගන්න බලනවා“ යි යනුවෙන් පැවසීය.
මේ අතර සභාව සිනා ගස්වමින් "රනිල් ගේ තොල් රතු xxx කොල්ලගේ ලියුමෙන් මුළු සිරිකොතම අවුල්වෙලා තියෙන්නේ. මෑන්ට "වෝටස් ඒජ්" එක ළඟින් ගේකුත් අරගෙන දුන්නේ අපේ මෑන් නේ. ශිරාල්ලත් නියමෙට ප්‍රචාරක වැඩේ කළා“ යි ඩලස් පැවසීය.
බැසිල්ලා ගෝඨාගේ මාපිළා කතාවට තිගැස්සෙයි
ගෝඨා ගේ මාපිළා කල්ලිය එසේ කතාබහ වෙද්දී ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ‘ගහලා දැමීම‘ සිදුකළ ගෝඨාගේ ඉතිහාසය දන්නා බැසිල් පිළ ‘මාපිළා‘ කතාවෙන් වික්‍ෂිප්තවභාවයට පත්විය. බැසිල් පිළේ සාකච්ඡාව තුළදී මේ අනතුර පිළිබඳව ඉතා ගැඹුරින් අවධානයට ලක්කරන ලදී. එහිදී මහින්ද පවසා සිටියේ “මේ මනුස්සය සිරිසේන ගේ ලණු කාලා ඉන්නේ. විමල්ලාටත් ඕන නඩුටිකෙන් ගොඩ යන්න. දැන් සිරිසේනගෙ මෑනුත් අගවිනිසුරු කළානෙ. සිරිසේන විශ්වාසභංගය ගෙනාවෙ මටයි, රනිල්ටයි දෙන්නටම එකපාර කෙළවන්න. විමල්ලා දඟලන්නේ ඕකාගෙ හයිය අරගෙන නේ" කියාය.
එම කතාව අනුමත කරමින් ජයසුන්දර කියා සිටියේ "බලන්න සර්, අර බන්දුල පෙන්නල දුන්න විදියට ණය වාරිකය ගෙවන්න ආණ්ඩුවට විවිධ බදු දාන්න වෙනව. අපි මොකටද මේ වෙලාවෙ ආණ්ඩුවක් ගන්නේ..." කියා අවසන් වෙන්නටත් මත්තෙන් මැදිහත් වුනේ බැසිල්ලය.
"මේ හාදයන්ට තියෙන්නේ මේ වෙලාවෙ සිරා එක්ක යන්න නෙමේ හිරේ යන්න. එහෙම කළානම් 2020 වෙනකොට අපට තව ලක්‍ෂ දහයක් විතර චන්ද එකතු කර ගන්න තිබුනා. මේ යක්කු ඔක්කෝම කනවා" යි බැසිල් පැවසුවේ දැඩි කලකිරීමකිනි.
“ඔය විමල්ලා U N එක ඉස්සරහ උපවාස කරළා, ගෝඨා රතුපස්වල, හලාවත, මැගසින් එකේ කරපු වැඩවලින් තමයි අපි ජාත්‍යන්තරයේ කොන් වුනේ. ඉංදියාව කොහොමටත් ගෝඨාගෙ ඔය කල්ලියට විරුද්ධයි. සිරිසේනයගෙ විශ්වාස භංගෙ න්‍යාය පත්‍රය ඔය එක හාදයෙක්වත් දන්නවද? ඔහේ උස්සගෙන දුවනව." බැසිල් පැවසුවේ කළකිරීමටත් වඩා කෝපයෙනි.
"සිරිසේනගෙ හැටි ඔය ඔක්කෝටම වඩා මම දන්නවනෙ. ගෝඨා ජනාධිපති, අගමැති කෙරිල්ල කොහොම වෙතත් ගෝඨයි, විමල්ලයි ඔක්කෝම හිරේදාල තමයි පස්ස බලන්නේ. බැසිල් කියනව වගේ ඕකා කුණකටුවා" යැයි කියමින් මහින්ද ද බැසිල්ව ප්‍රතිපෝෂණය කෙළේය.
නාමල්ට ඇමරිකා යන්න ඇත්තටම බැරි වුනේ ඇයි?
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී සාම්ප්‍රදායන් අගුණ නාමල් රාජපක්ෂද මේවන විට බැසිල් පිලට වඩා ගෝඨා පිළ සමඟ ළෙන්ගතු ඇසුරක් පවත්වමින් සිටී. මේ දිනවල නාමල්ගේ නිහඬතාවයට හේතුව ද එයයි. රුසියාවේ ගිය නාමල්ට එතැනින් ඩඩ්ලි බාප්පාගේ බිරිඳ ගේ මළ ගෙදරට සහභාගී වීම සඳහා ටෙක්සාස් යෑමට අවශ්‍ය විය. නමුත් ඇමරිකාවට ඇතුළු වීම සඳහා ඔහුට එතෙක් තිබූ මල්ටිපල් වීසාව අවලංගු කර තිබෙන බව දැනගන්නට ලැබුනේ අවසන් අවස්ථාවේ ය. ඊට හේතු ලෙස ඇමරිකානු බලධාරීන් පසුව කියා සිටියේ නාමල්ට මනි ලොන්ඩරින් චෝදනා යටතේ නඩු දමා තිබෙන නිසා එය අවසන් වන තුරු මල්ටිපල් වීසාව අවලංගු කළ බවකි. නමුත් එහි වෙනත් දේශපාලන අරමුණක්ද ඇති බව රාජපක්ෂ පවුලේ විශ්වාසය යි. මෙරට නඩු දමා තිබෙන බැසිල්ට ඇමරිකාවට යන්න ඉඩ දෙද්දී නාමල්ට ඉඩ නොදීම ඔවුන්ට ප්‍රශ්නයකි. කෙසේ වෙතත් බැසිල් මේ සම්බන්ධයෙන් නාමල්ට උපදෙස් දී ඇත්තේ මොනවා කළත් විපක්ෂයේ හිඳිමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කරද්දී ඇමරිකාව අගය කරන ගුණාංග අගය කරමින් කතා කරන ලෙසයි. නාමල් බීබීසීය සමග කළ සාකච්ඡාව අදාල වීසා නොලැබීමට ආසන්න හේතුවක් විය හැකි යයි බැසිල්ගේ තක්සේරුව විය. නාමල් එහිදී ලංකාවේ සුළුතර ජනතාව නොතකා ප්‍රකාශ නිකුත් කළේය.
ජනාධිපති සමග එජාප නායකයෙකු රහසිගත හමුවක්
විශ්වාසභංගය පරාජයවන බව ඉව වැටී ඇති සිරිසේන ජනාධිපතිවරයා විවිධ මැති ඇමතීන් ලවා රනිල්ට අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිටී. විශ්වාසභංගය මුව විට තිබියදී අගමැති රනිල්ගේ යම් යම් අමාත්‍යංශ හා කමිටු අහෝසි කිරීම ජනාධිපතිවරයා සිදු කරනු ලබන්නේද සිය විධායක බලය පෙන්වමින් විශ්වාසභංගයට ශක්තියක් ගෙන දීමේ අරුතෙන් බව බැසිල් ගේ උපදේශකයෙක් වන සබරගමු වි.වි. මහින්ද පතිරණ පෙන්වා දුන්නේ ය. ඒ තුළින් රනිල් විරෝධී එජාපයන් ට හා එක්සත් ජාතික පෙරමුණට ජවයක් සපයන අතරම, එක්සත් ජාතික පෙරමුණ තුළින්ම අගමැතිවරයෙකු සොයා ගැනීමද ජනාධිපතිවරයා ගේ ඉලක්කය වී ඇති බවද මහින්ද පතිරණගේ විශ්වාසයයි. මේ සියලු තීන්දු සිරිසේන ජනාධිපතිවරයාගේ හා ගෝඨාගේ මාපිළා කල්ලියේ කුස්සි කැබිනට් තීන්දුය.
ජනාධිපතිවරයා කුස්සි කැබිනට් තීන්දු මත ක්‍රියා කරද්දී, කිලී මහාරාජාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙක් ජනාධිපතිවරයා සමග රහසිගත සාකච්ඡාවක් පවත්වන ලදී. දෝෂාභියෝගයට සහය දී රනිල් පරාජය කරන්නේනම් හෝ ඊට පෙර රනිල්ට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් කරන්නේනම් හෝ අගමැතිකම එකී යූඇන්පී ප්‍රබලයා ලබාදීමට හැකි බවද සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නේ ය. " ඔයාට මල්වතු, අස්ගිරි දෙකේම සහය ගන්නත් පුලුවන්. මං ඥානසාර සද්ධාතිස්ස වගේ හාමුදුරුවරු එක්කත් කතා කළා. ඒ සියල්ලේම සහයත් ඔයාට ලැබෙනව. අපේ ගොඩාක් දෙනෙකුගේ කැමැත්තත් තියෙනවා. එහෙම කැමතිනම් මම ඔයාව 2020 ජනාධිපතිවරණයටත් දානවා. කල්පනා කරළා මට උත්තරයක් දෙන්න" යි ජනාධිපතිවරයා ප්‍රායෝගික සැළසුමක්ද සහිතව සිය යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ය.
එහිදී එජාප නායකයා විමසා සිටියේ "සර් ගෝඨාභයටත් පොරොන්දුවක් දීල නේද තියෙන්නේ..?" කියාය. "පිස්සුද, ඔය සහෝදර සමාගම මට සලකපු හැටි මම වගේම හොඳට ඔයාලත් දන්නවනෙ. බැසිල් හිටියෙ මට ජම්පර් අන්දවන්න. මහින්ද ළඟ තියාගෙන කිව්වේ, මම ශ්‍රීලනිප ලේකම්කමින් අයින්කරනවා කියලා. ඔය සහෝදර සමාගම මට තඹ සතේකට විශ්වාස නෑ. බලමු මහින්ද අත උස්සන්නේ මටද? රනිල්ටද? කියලා. ඊට පස්සේ බලා ගන්න පුලුවන් ජම්පර් අඳින්නේ කවුද කියලා. " යි ජනාධිපතිවරයා පවසා සිටියේ තම ආවේග පාලනයෙන් තොරව ය.
"මම දැක්ක පහුගිය දවසක ඊ නිව්ස් කාරයා කියලා තියෙනවා මහින්ද ලසන්තට තර්ජනය කරපු හැටි. ඔය බනින වෙලාවෙ රූපවාහිනියෙ සේවකයො දෙන්නෙක් අරලියගහ මන්දිරේට ගිහිල්ලා තියෙනවා. මහින්ද ෆෝන් එකෙන් අමු තිත්ත කුණු හරුපෙන් බැන බැන, සරමත් එක පැත්තක් උස්සගෙන, කොරිඩෝව දිගේ ඇවිල්ලා තියෙනවා ටොයිලට් එකට යන්න. එතකොට පීඑස්ඩී එකෙන් අර රූපවාහිනී සේවකයො දෙන්නා ටොයිලට් එකට අනෙක් පැත්තේ තිබුනු කාමරයකට දාල තියෙනවා. මහින්දගෙ කුණුහරුප ඇහුනත් ඒවා කියන්නේ කාටද කියලා ඒ අය දැනගෙන ඉඳලා නෑ. මහින්ද ෆෝන් එකෙන් බැන බැන ටොයිලට් එකෙන් ආපසු එනකොට දැකල තියෙනවා අර සේවකයෝ දෙන්නා කාමරේ ඉන්නවා. ඊට පස්සේ එතන හිටිය පීඑස්ඩී නිලධාරීන්ට බැනලා පීඑස්ඩී එකේ ලොක්කා ගෙනල්ලා කුණු හරුපෙන් බැන වැදිලා කනට ගහලා තියෙනවා. ‘මෙහෙමද යකෝ තොපේ සිකියුරිටි‘ කියලා. ඊට පස්සේ තමයි මල්ලී ලසන්තට වැඩේ දුන්නේ. ඒ නිසා ඔය සහෝදර සමාගමේ ෆයිල් නෙමේ ඔක්කෝම සාක්‍ෂිකාරයො මගේ ළඟ ඉන්නවා. ඔබතුමා මගේ යෝජනාවට එකඟනම් එයාල නිහඬ කරන වැඩේ මම කරන්නම්" යනුවෙන් ද ජනාධිපතිවරයා තම යෝජනාව වැඩි දුරටත් අවධාරණය කෙළේය.
ජනාධිපතිවරයා ගේ මඳක් රළු පරළු වාග් මාළාවෙන් තැති ගැණුනු එජාප පක්‍ෂ නායකයා, පසුව පිළිතුරක් ලබා දෙන්නම් යැයි එකඟතාවයක් ඇති කර ගනිමින් සමුගත්තේ ය. ඊට පසු ඔහු සිය හිතවත් කිලී මහාරාජාට සාකච්ඡාවේ ප්‍රගතිය වාර්තා කරන අතරේ ජනපතිගේ යෝජනාව පිළිබඳව කතාකරමින් "එයා මට වගේ තව කී දෙනෙකුට ඔය පොරොන්දුව දෙන්න ඇද්ද.? ජනාධිපතිතුමත් මහින්දගෙන් ඒ ටික නම් නියමෙට ඉගෙනගෙන තියෙනවා" යි පවසා සිටියේ ය.
ජනාධිපතිද එජාප නායකයා සමග කළ මේ සාකච්ඡාව එස්බීලාට, කේබීලාට තිලංගලාට ලීක් කෙළේය. නමුත් එහිදී කීවේ තමන්ගේ යෝජනා එජාප නායකයාගෙන් ආ යෝජනා ලෙසය. එජාප නායකයා එජාපයෙන් 20 ක් සමග විශ්වාසභංගයට සහාය දෙනවා යයි තමන්ට පොරොන්දු වූවා යයි එහිදී ජනාධිපති කීවේ ය. එස්බීලා මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ජනාධිපතිගේ කතාව පිළිබඳ දැඩි විශ්වාසයකිනි.
මීයා වූ රංගේ
මේ අතර ඊයේ (29) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. විශ්වාස භංගයේ දී එක්සත් ජාතික පක්ෂය අගමැති ආරක්ෂා කර ගැනීමට ඡන්දය දිය යුතු යැයි එහිදී යෝජනාවක් ගෙන ආ අතර එය ඒකමතිකව සම්මත විය. නමුත් පිටතදී චන්ඩි ටෝක් දුන් රංගේ බණ්ඩාරද එම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වූ නමුත් මීයාට පිම්බා සේ සිටියා මිස විරුද්ධව හුස්මක් හෙළුවේ නැත. රැස්වීමෙන් පසුව මේ ගැන විමසූ එක් ඇමැතිවරයෙක් “රංගේ අගමැතිට විරුද්ධව ඡන්දෙ දෙන්න එයත් එක්ක 20 ක් ඉන්නවා කියලා පත්තරේකට කියලා තිබුනේ නේද? 20 ක් ඉන්නවා නම් අද මොකද මිනිහ නිහඬ..?“ යි තම හිතවත් වෙනත් රාජ්‍ය ඇමැතිවරයෙකුගෙන් ප්‍රශ්න කෙළේය. මඳක් නිවුණු ස්වරයෙන් කතා කරන එම රාජ්‍ය ඇමැතිවරයා සිනා සෙමින් “ආ ඒ රංගේ එයත් එක්ක ඉන්නවයි කියලා තිබුණු 20 දෙනා යූඇන්පී මන්ත්‍රීවරු නොවෙයි. එයාගේ හොර ගෑණු..“ යි පැවසීය.
- දුනුසිංහ -

මමනං හැමදාම වගේ කියන්නේ ඔය ගෙදර ඉන්න බල්ල හරි පුසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා ඕවා ඔක්කොම අහන් ඉඳල එලියට දෙන්නේ