ගුරුන්ට ටියුෂන් තහංචියක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,651
    13,379
    113
    (ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

    ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    වඩාත් සාධාරණ පාසල් අධ්‍යාපනයක් මධ්‍යම පළාත තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.

    මේ අතර චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බව ද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් යූ.බී. හේරත් මහතා පැවසීය.

    https://www.lankadeepa.lk/news/ගුරුන්ට-ටියුෂන්-තහංචියක්/101-635427
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    යාපනය දිස්ත්‍රික්කයේත් ඉරිදා දිනවල ටියුෂන් තහනම් කරා.

    ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් පවසයි.

    9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කරයි.

    ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

    සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව ද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටින අතර සෑම පෞද්ගලික පන්තියක්ම පවත්වාගෙන යාමේදී ඒ සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවයි.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    වඩාත් සාධාරණ පාසල් අධ්‍යාපනයක් මධ්‍යම පළාත තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.

    මේ අතර චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බව ද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් යූ.බී. හේරත් මහතා පැවසීය.

    https://www.lankadeepa.lk/news/ගුරුන්ට-ටියුෂන්-තහංචියක්/101-635427

    nakin unta font eka poddak loku kala.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    චක්ක ලේකන නම් ඔය තියෙන්නෙ සැහෙන්නන.....
    වැඩෙ උනොත් හුරේ දාපල්ලා.... අස්සයා කුලප්පු වෙනවා....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ow samahara ewun hithalama hariyata uganwanne na lamainwa tution ekata genwa ganna.

    wisheshayenma ohoma karanne guruwariyo.
    නොයා බැරි කමට යන කොටසකුත් ඉන්නවා, ගියේ නැත්තම් කොන් කරනවා වගේ ප්‍රශ්න හින්ද,
     
    • Like
    Reactions: zid2021 and NRTG