මේ සියවසේ ලෝකයේ සිදුකරන ලද පාහර නීච නින්දිතම ක්‍රියාව: ගුරුවරියක දණ ගස්වා අධිකරණයෙන් දඬුවම් කළ දේසපාලුවා ඒ පාසැලේම ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ගෙන්වලා
මේ සියවසේ ලෝකයේ සිදු කරන ලද පාහර නීච නින්දිතම ක්‍රියාව අද ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ විදුහල්පති මැල්කම් පීටර්සන් නමැත්තා විසින් සිදුකර තිබේ.
එය නම් මීට වසර කිහිපයකට පෙර එම විද්‍යාලයේම ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මිය විදුහල් භූමියේදී දණ ගැස්වීම නිසා අධිකරණය මගින් දඬුවම් පමුණුවන ලද හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැති තක්කඩියා අද එම පාසැලේ පැවැති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී කරවා ගැනීමයි.
මෙම ක්‍රීඩා උත්සවයට වෙනත් කිසිදු ආරාධිතයෙක් කැඳවා නැති අතර ආරාධනා කර ඇති එකම ආරාධිතයාද මෙකී ආනන්ද සරත් කුමාර පමණි. අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකුට හෝ ආරාධනා කර නොතිබිණ. ගුරුවරිය දණගැස්සවීම නිසාම ඔහුට එජනිසයෙන් නාම යෝජනා නොදුන් නිසා ආනන්ද සරත් කුමාර මේ වනවිට කිසිදු මන්ත්රීවරයෙක්ද නොවේ. නිකම්ම නිකම් සිමයියෙකි. . එතරම් පිළිකුල් සහගත වූ මේ පුද්ගලයා විදුහල්පති මැල්කම් විසින් ප්‍රධාන ආරාධිතයා ලෙස කැඳවා ඇත්තේ සිසු දරුවන්ගේ බෑන්ඩ් කණ්ඩායමද පෙරටු කරගනිමිනි.
මේ අවස්ථාවේ ක්‍රීඩා උත්සවයට සහභාගී වී සිටි වෙනත් පාසැල්වල විදුහල්පතිවරුන් තිදෙනෙකු මෙම අලුගුත්තේරු සිද්ධිය දැක උත්සවයට සහභාගී වීම අතහැර පිටව ගොස් තිබේ. දණ ගැස්සවීමට මුහුණ දුන් ගුරුවරිය ද මේ වන විට වෙනත් පාසැලකට මාරුවීමක් ලබා ගොස් සිටී.
ඉහත ගුරුවරිය දණගැස්වූ සිද්ධියේදී බොරු සාක්කි දුන් පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට එරෙහිව බොරු සාක්කි දීම ගැන අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂනයක් පැවැත්වෙද්දීම දණ ගැස්සවූ එකා සිසු දරුවන් ලවා බෑන්ඩ් ගස්සවා ප්‍රධාන අමුත්තා ලෙස ගෙන්වීම ගුරු සංහතියටම කළ අගෞරවයක් පමණක් නොව අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුරටද දුන් ඉතා දරුණු වැරදි ආදර්ශයක් බැවින් වහාම මේ පිලිබඳ පරීක්ෂණයක් පවත්වා මැල්කම් පීටර්සන් ට දඬුවම් දෙන්නැයි ලංකා ගුරු සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.