ගුරුවරු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතින් මම කියන්නේ නෑ ගැහුවම විනය හැදෙනවා කියලා. හැබැයි දඩුවමට බයේ වැරදි වලින් මිනිස්සු වැළකෙනවා.. වැඩිය ඕනේ නෑ අපායේ යන්න බයේ පව් නොකර ඉන්න මිනිස්සු ඉන්නවා නේ.. උබ හිතනවද ඔය ගහපු ගුරුවරයා දෙසපාලුවෙක් ගේ ලගම නෑයෙක් නම් ඔය උබ කියන උසාවියේ ඔය විදියටම නිතිය ක්‍රියාත්මක වෙයි කියලා ?? පොඩි එකෙක්ට හැම ගුරුවරයාම ගහන්නේ වීර කමක් කියලා හිතල නෙවෙයි. එහෙම උනුත් ඇති. ඒත් ඕන තරම් ගුරුවරු ඉන්නවා දඩුවම් දීල ළමයි වරදින් මුදවා ගත්ත . මම කිව්වනේ .. මේ නිව්ස් එකේ ත්‍රෙඩ් එක දාපු එකා විස්තර දාල නෑ ....................
    ඔය වගේ ඒවත් අපචාර හරි අපයෝජන හරි විදියට වැටෙන්නේ බන් .එකයි ඔය අවුරුදු 2ක් වගේ තියෙන්නේ .
    දඩුවම් දෙනවා කියල ගහන්නේ නම් කෝපයට නැතිව හද ගන්න නෙමෙයි .
    ඕක ළමයිට බලපානවා පවුර්ශත්වයට එහෙම
    දඩුවම් කරන්න පුළුවන්නේ මානසිකව ශාරීරිකව හානි නොකර
    දැන් මට මතකයි අපේ ඉස්කෝලේ පින
    පරක්කු වෙලා එන උන්ට ඉස්කෝලේ වත්තේ තණකොළ ගලවන්න දුන්නේ දඩුවම ,
    තව කොන්ඩේ එහෙම අවුල්
    උන්ගේ කොන්ඩ ඉස්කෝලෙම කපුවා හෙන කැතයි
    වයසක ඩයල් එකක් කැපුවේ ඉතින් අපි කොන්ඩ එහෙම හරියට
    කපන ගිය .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,640
    113
    Gampaha
    මමත් හිතන විදිහට ළමයෙක් හරියට හැදෙන්න දඬුවම තියෙන්න ඕනෙ. හැබැයි දඬුවම් කරනව කියල ගුරුවරුන්ගෙ පුද්ගලික කෝන්තර පිරිමහන එක වෙනම කතාවක්.

    බටහිර රටවල් එක්ක අපේ රටේ ක්‍රමය සසදන එකනං සාර්ථක ක්‍රමයක් කියන්න බෑ. මොකද පිටරට ළමයි යන්තං අවුරුදු 15, 16 පනින කොට පාට් ටයිම් ජොබ් කරගෙන තනියම ජීවත් වෙන රටාවට හුරුවෙන ජාතියක්.
    දෙමාපිය, ගුරු ගෞරවය කියන එක විකාරයක් විදිහට උන් සලකන්නෙ. ළමයි ලොකුමහත් උණාම වැඩිහිටියන්ට සලකන එකත් හරිම අඩුයි.

    මමත් ගුරුවරුන්ගෙන් ගුටි කාල තියෙනව. හැබැයි අදටත් ඒ ගහපු ගුරුවරු බහුතරේකට ඒ ගහපු එක ගැන නොසෑහෙන්න ස්තුති කරනව.
    සමහර ගුටිකාපු සිද්දි ටීචස්ල වගකීම අරන් ඉස්කෝලෙ ඇතුලෙන් ගුටිය දීල විසඳුවෙ නැතුව පැමිණිලි පාර්ශව වලට ඕනෙ විදිහට විසදන්න දුන්නනං පොලිසියෙන් ගුටිකාල නතරවෙන්න තිබුණ.

    තව කතාවක්,
    අපේ තාත්තලගෙ කාලෙ (1950 ගණන් වල) ප්‍රින්සිපල්ගෙ කාමරේ තරමක් උඩින් ලනුවක් ඇදල තිබුණලු. ළමයෙක් වැරැද්දක් කරල ප්‍රින්සිපල් ලඟට දඬුවම් කරන්න යැවුවම අර ලනුවට යටින් හිටවල තමයි අල්ලට වේවැල් පාර දෙන්නෙ. ළමයට ගහන්න ගැම්මගන්න වේවැල උස්සන කොට අර ලනුවෙ වදිනව. ඒක දඬුවම සීමාකරන්න කරපු උපායක්.
     

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    ඔව්
    ළමයින්ට පොඩි කාලෙදිම කියලා දෙන්න ඕන කතාබහ කරලා ප්‍රශ්න විමසන්න පුලුවන් කියන එක. ගුටි දීලා හදන්න ගියාම තමයි ඉඩමෙ වැටට මරාගන්න ජාතියෙ උන් බිහිවෙන්නෙ


    :yes: :yes: :yes: 🙏 🙏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,438
    113
    Mother Earth
    අඩෝ මට උදේ ඇහුණා ලිංගික අල්ලස් ඉල්ලපු සීන් එකක්. ටීවි එකේ ගියෙ. මොකද්ද සීන් එක කියල හරියටම අහගන්න බැරි වුණා. ඒත් පයිය නැග්ගා නිව්ස් එක අහද්දි. 🥴

    මාත් ඉස්සර ගුටි කාල තියෙනවා අල්ලට තමයි ගහන්නෙ. මම පොඩි කපටි වැඩක් කරනවා ඉස්සර. අල්ලට පාර වදිනකොටම මම අත ගුරාගෙ අත පැත්තටම ගෙනියනවා. කෝටුවකින් අල්ලට පාරක් කනකොට කෝටුවෙ අග්ගිස්සෙන්ම අල්ලට වැදුණොත් රිදෙනවා. ඒත් කෝටුව අල්ලන් ඉන්න පැත්තට ළං වෙන්න වෙන්න රිදෙන්නෙ නෑ. 🥴
     
    Last edited:
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,041
    166,002
    113
    එකමත් එක රටක
    අඩෝ මට උදේ ඇහුණා ලිංගික අල්ලස් ඉල්ලපු සීන් එකක්. ටීවි එකේ ගියෙ. මොකද්ද සීන් එක කියල හරියටම අහගන්න බැරි වුණා. ඒත් පයිය නැග්ගා නිව්ස් එක අහද්දි. 🥴
    ප්‍රින්සිපල් කෙනෙක් තාත්ත කෙනෙක්ට කොලු කාරකමකට කතා කරලා.. උබේ පයියත් නැග්ගද බන් ඒක අහල ?? උබත් සීන් එකේද ?? :baffled:
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,438
    113
    Mother Earth
    ප්‍රින්සිපල් කෙනෙක් තාත්ත කෙනෙක්ට කොලු කාරකමකට කතා කරලා.. උබේ පයියත් නැග්ගද බන් ඒක අහල ?? උබත් සීන් එකේද ?? :baffled:
    නෑ බන් පොලිස් සැරයන් කෙනෙක් ගෑනියෙක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා. ඒ ගෑනිගෙ බයිසිකලේ නැති වෙලා. මම හිතන්නෙ ඒක හොයල දෙන්න ලිංගික අල්ලස් ඉල්ලලා. :P
     
    • Haha
    Reactions: dilann

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    ෆෝමල් එඩියුකේෂන් එකේ දී සුද්දා තමයි වැඩියෙන් ගැහුවේ. අර බටහිර රටවල් පෙන්නලා අපේ දේවල් වලට සමච්චල් කරන කට්ටිය දන්නැතුව ඇති. ඉස්සර සිටීන් ඉඳීන් කියල වේවැලෙන් සංඥා කරලා, ඩික්ලෙන්ෂන් කට පාඩම් කරවලා, වැරදුනොත් වේවැලෙන් ගහල උගන්නන ක්‍රමය ගෙනාවේ සුද්දා.

    කොහොම උනත් ළමයෙකුට දඬුවම් කරන එක කරන්න ඕන. හැබැයි ඒක ගුරුවරයාගේ ලොකු කම පෙන්නන්නවත් ගෙදර තරහ පිරිමහන්නවත් කරන්න නරකයි. මම දන්න තරමින් ගුරුවරයෙක් වේවැලෙන් අත්ලට පහර තුනකට නොවැඩි ප්‍රමාණයකින් දඬුවම් කරන්න පුළුවන්. ඒ දඬුවම ලබා දීම ගුරුවරයා තීරණය කරන්න ඕන අවස්ථාව අනුව.

    නඩු අහන්නේ උසාවිය දඬුවම් කරන්නේ උසාවිය කියන කට්ටිය ට මේ කියන්නේ. පාසලක විනය සම්බන්ධ දේකට උසාවි යන්න අවශ්‍ය නෑ. ළමයෙක් වැරදි වැඩක් කරොත් නඩු දාන්න ගියොත් ලංකාවේ උසාවි හදන්න වෙනවා ඉස්කෝලෙකට දෙක ගානේ. ඒ එකක්. අනිත් අතට, ලොකු උනහම උසාවි පොලිසි නොගිහින් ඉන්න තමයි ඉස්කෝලෙන් දඬුවමක් කරන්නේ. ඒ කරත් නොහැදෙන උන් ඇති. ඒත් හැදෙන උන් වැඩියි.100% ක් නිවැරදි සමාජයක් හදන්න අපිට බෑ.

    ආදර්ශයෙන් විතරක් හදන්නත් බෑ. ඒක තමයි දඬුවමක් කියල දෙයක් තියෙන්නේ. ඒත් ඒක මානුෂික වෙන්න ඕන. සාධාරණ වෙන්න ඕන.