ගුවන්යානයේ_පරීක්ෂණ වෙනතකට

signshop

Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    ගුවන්යානයේ_පරීක්ෂණ වෙනතකට

    අතුරුදහන් වූ ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ගියාද ? updates

    පසුගියදා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන්යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන අයුරු රෙඩාර් හි සටහන් වී තිබූ බවට මැලේසියානු ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන බව විදෙස් පුවත් වාර්තා කරයි.

    මේ වන විට ගුවන් යානය අතුරුදහන් වී දින 4ක් ඉක්මවා තිබේ.



    ගුවන්යානයේ_පරීක්ෂණ_වෙනතකට :shocked:

    ගුවන් යානයේ සිටි මඟියෙකුගේ ජංගම දුරකථනය තවමත් නාද වන වීඩියෝව පහතින් :shocked:


    අතුරුදන් ගුවන් යානයේ මගීන්ගේ දුරකතන නාදවෙයි-පරීක්ෂණ වෙනතකට

    මගීන් 239 දෙනකු සමඟ අතුරුදන්වූ මලයාසියානු එම්.එච්.370 මගී ගුවන් යානයේ වෙනත් මගීන් දෙදෙනකුගේ ගුවන් ගමන් බලපත් සොරාගෙන ගමන් ගත් එක් අයකු හඳුනා ගැනේ.

    මොහු 19 හැවිරිදි ඉරාන ජාතික පෝරියා නූර් මොහොමඞ් නමැත්තෙක් වන අතර ඔහු ත‍්‍රස්ත කල්ලියකට සම්බන්ධ බවට පෙනෙන්නට නැතැයි මලයාසියානු පොලිසිය පවසයි.

    ක්වාලාලාම්පූර්හිදී මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කර ඇත. මෙම පුද්ගලයා කිහිපවාරයක් ජර්මනියට යාමට තැත්කර ඇති බවට අනාවරණය වී තිබේ.

    මේ අතර එහි ගිය ඇතැම් මගීන්ගේ ජංගම දුරකතන තවමත් නාද වන බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි. එ් පිළිබඳ අතුරුදන් මගීන්ගේ ඥතීන් බලධාරීන් වෙත දන්වා ඇතැයි ද සඳහන් වේ.

    ගුවන් යානය සම්බන්ධයෙන් වන ගුවන් හා මුහුදු ප‍්‍රදේශ විමර්ශනය අඛණ්ඩව සිදුකෙරෙන අතරතුර පරීක්ෂණ වෙනත් අංශ කිහිපයක් ඔස්සේ සිදුකිරීමට මලයාසියානු ආරක්ෂක අංශ, මලයාසියානු ගුවන් සේවය පියවර ගෙන තිබේ.

    එ් අනුව ගුවන් යාය කොල්ලකෑම, කඩාකප්පල් කිරීම, එහි මගීන් හා කාර්ය මණ්ඩලය අතර තිබූ ගැටුම්කාරී තත්ත්වයක් හෝ ඔවුන්ගේ යම් අයකුගේ හෝ පෞද්ගලික ප‍්‍රශ්නයක් මෙම අතුරුදන්වීමට සම්බන්ධ දැයි සෙවීමට පර්යේෂණ අරඹා ඇත.

    මේ වනවිට එහි සිටි මගීන්ගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම ද අරඹා තිබෙන බව මලයාසියානු පොලිසිය පවසයි.

    මේ වනවිට පරීක්ෂණ කරනු ලබන වියට්නාම මුහුදු ප‍්‍රාදේශය හා ගුවන් සීමාව තවදුරටත් පුළුල් කර ඇතැයි ද සඳහන් වේ.

    රටවල් 10ක් ගුවන් යානය සෙවීමේ පරීක්ෂණ සඳහා සහභාගි වී සිටියි.

    යානය අතුරුදන් වී අදට දින හතරක් පමණ ගතවී ඇත.
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    යාළුවා;16376703 said:
    ඇයි බන් දවස් හතරක් රින් වෙනවා කියන්නෙ. චාර්ජ් කරන්නවත් තැනක් සෙට් වෙන්න එපැයි එහෙනං :oo:
    ඇයි බං ඒ යකා nokia 1100 එකක්නම් පාවිච්චි කලේ සතියක් විතර බැට්රිය තියනවානේ :baffled:
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    lankawe rahas police yata wede baara dunnanam ikamanata hoyala dei
    (hebei ape aanduwe kavruhari sambandha wela nothibunoth witharai)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඇයි බං ඒ යකා nokia 1100 එකක්නම් පාවිච්චි කලේ සතියක් විතර බැට්රිය තියනවානේ :baffled:

    :baffled:උන් ගාව ඇත්තෙත් 1100 එකේ චයිනීස් වර්ෂන් එක. එකේ හිටින්නෙ නෑ බැටරිය :P
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    lankawe rahas police yata wede baara dunnanam ikamanata hoyala dei
    (hebei ape aanduwe kavruhari sambandha wela nothibunoth witharai)

    ඔව් උන් ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් අල්ලලා පය්ලට්ට හොඳට පූජාව දීල එනකොට පය්ලට් කියයි මේක තමයි මන් මැලේසියාවෙන් ඉස්සුවේ කියල
    :lol::lol::lol::lol::lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    new updates

    අතුරුදහන් වූ ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ගියාද ?