ගුවන්යානය එදා සහ අද

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ගුවන්යානය එදා සහ අද

    ලොව ජය ගත් ගුවන්යානය එදා සහ අද​


    වසර 200 කට පමණ පෙර ගුවනින් යාම පිළිබඳව මිනිසාට සිහිනයක් තිබුණි. අහසේ සැරිසරණ කුරුල්ලන් දෙස නෙත් යොමා ඒ අනුව පියාඹා යන්නට ඇත්නම් කියා ඔවුනට සිතෙන්නට ඇත. එහෙත් උඩු ගුවනේ සැරිසැරීමට අවැසි සාධක නොවූයෙන් විකල්පයක් ලෙස බැලූනයක හෝ නැගී ගොස් ගුවනේ සිරි නැරඹීමට සිතුවේ ය. ඒ සිහිනය සැබෑකරමින් 1783 දී ජෝසගේ සහ එටිනි මොන්ගොල්ෆියර් විසින් ප‍්‍රථම වරට බැලූනයක් දුමින් පුරවා ගුවන් ගත කරණු ලැබීය. මොවුන් දෙදෙනාගේ රැකියාව කඩදාසි මලු සෑදීමය. එනිසා එම කර්මාන්ත ශාලාවෙන් පිටවන දුම යොදා ඔවුන් බැලුන් මගින් ගුවන් ගතවීම සිදු කළේය.

    398px-2006_Ojiya_balloon_festival_011.jpg

    පසුකලෙක මෙම උණුසුම් වාතය වෙනුවට හයිඩ‍්‍රජන් වායුව යොදා බැලූනය ගුවන් ගත කිරීමට කටයුතු කළේය. සොලමන් ඇන්ඩෲස් නම් ඇමෙරිකානුවා මේ අවදියේදී අලුත් නිපැයුම් කරමින් සිටියේය. ඔහු විසින් සොසේජයක හැඩය ඇති බැලූනයක් නිර්මාණය කරන ලදී. මෙම බැලූනයේ දෙකොන ක‍්‍රමයෙන් උල්වන ලෙස සකස්කොට උඩ පෙදෙස සමතලා කොට සකසන ලදී.එමගින් ඔහු උත්සාහ කරනු ලැබුවේ බැලූනය ඕනෑම විටෙක ඉදිරියටත් - පසුපසටත් ගත හැකිවේද යන්න ගැන බැලීමයි. ඒ අනුව 1864 දී ඇන්ඩෲස් පර්න් ඇම්බෝස් සිට නිව්යෝක් නුවර දක්වා ගමන් කළේය.ප‍්‍රංශය ගුවනින් යන සිහිනය සැබෑ කරමින් ගුවන් නැව් නම් යානා විශේෂයක් නිපදවීමට පටන් ගත්තේය. එයද බැලූනයක ආකෘතිය ගත් අතර ඉතා සැහැල්ලුවෙන් පාවෙන යානයක් විය. එය වැඩි දියුණු වීමෙන් සෙපිලින් නම් යානය නිෂ්පාදනය විය. එහි හයිඩ‍්‍රජන් පිරවූ මළු 16 ක් විය. මෙම ගුවන් නැව් 1930 දක්වා භාවිතා විය. මෙම ගුවන් නැව් වලට අමතරව R - 100 හා R - 101 ලෙස තවත් ගුවන් නැව් භාවිතා විය. මේවා බි‍්‍රතාන්‍යයේ නිපයුමක් වූ අතර එය තට්ටු 03 කින් යුක්තවේ. මෙහි මගීන් 100 ක් පමණ ප‍්‍රවාහනය කර ඇත. පසුකාලයේදී ඇමෙරිකාවද ගුවන් නැව් නිෂ්පාදනය කළ අතර ඒවා මුල් ගුවන් නැව් වලට සාපේක්ෂව දියුණු තත්ත්වයෙන් පැවතුණි. එහෙත් 1937 දී හින්ඩෙන්බර්ග යානාවේ කඩා වැටීමත් සමගම සියලුම ගුවන් නැව් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතුණි. එතැන් පටන් ගුවන් යානා සිහිනය බිහි විය.

    g441983.jpg

    zeppelin​

    ගුවන් යානා සිහිනය මෙසේ ඇතිවිය.1891 දී ඔටෝ ලිලියෙන්තල් නැමති ජර්මන් ජාතිකයා විසින් අත්දෙකෙහි බැඳී පියාපත් දෙකක් සමගින් කන්දක් උඩින් පැන පියාසර කළේය. පසු කළෙක එංජින් රහිත අහස් යානා නිපදවූ තාක්ෂණයේ හිනිපෙත්තට ගිය පුද්ගලයෙකු වූ ලිලියෙන්තල් 1894 දී මෝනෝ - යානාව නිෂ්පාදනය කරන ලදී. 1896 අගෝස්තු 09 දින චණ්ඩ මාරුතයකට මෙම යානාව හසුවීමෙන් ඔටෝ ලිලියෙන්තල් මිය ගියේය.ඉන් අනතුරුව 1896 දී වාෂ්ප යන්ත‍්‍රයක් මඟින් අහස් යානාවක් නිෂ්පාදනය කරන ලදී. ඉන්ද කලකට පසු එනම් 1903 දී එන්ජිමක් සහිත අහස් යානාවක් නිෂ්පාදනය විය.ඇමෙරිකාවේ විල්බර් හා ඔලිවර් රයිට් යන සොයුරන් දෙදෙනා මේ අවදියේදී අහස් යානයක් අත්හදා බැලූහ.

    AIRPLANE%20MONO%20FR%20SMOKING%20ROUGH.JPG

    mono​

    ගුවන් යානා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ග්ලයිඩර් නම් යානාව බිහිවිය. මෙය වැඩිම දුරක් පියාසර කළ යානාව වූ අතර එම දුර මීටර් 200 ක් පමණ විය. තත්පර 26 ක් ඊට ගත විය. මෙලෙස 1903 දෙසැම්බර් 17 වනදා ප‍්‍රථම ගුවන් ගමන ඇරඹිනි.

    pic_02.jpg

    glider

    1903 න් පසු පෙරට ගිය ගුවන් ගමන රයිට් සොහොයුරන්ගේ ප‍්‍රථම ගුවන් ගමනෙන් පසු 1908 වසරේදී ඇමරිකානු සංඥා බලකාය වෙනුවෙන් ගුවන් යානයක් නිපද වීය. යුදමය කටයුතු සඳහා යානාවක අගය මේ වන විට වටහා ගෙන තිබූ ඇමරිකානුවෝ ප‍්‍රදර්ශන යානා පෙළක් ද නිපදවීමට අණ කළේය. ඒ අනුව 1908 සැප්තැම්බර් 09 පැයකට ආසන්න ප‍්‍රමාණයක් ගුවනේ ගත කළ හැකි යානාවක් නිපදවීමට රයිට් සොයුරන් සමත් විය.ලොව වටා ධාවනය වූ ප‍්‍රථම ගුවන් ගමන 1924 දී සිදුවිය. ඒ ඇමරිකානු ගුවන් නියමුවන් දෙදෙනෙකු විසිනි. නැවතත් තනි පුද්ගලයකු විසින් ලොව වටා යාත‍්‍රා කළේ 1933 වසරේදීය. ඔහු නමින් ටිලීපෝස්ට් නම් වන අතර ඔහු ද ඇමරිකානුවෙකි. 1931 දී ප‍්‍රථම මුහුදු ගුවන් යානය නිපදවිය. එහි තවත් විශේෂත්වයක් වූයේ එයට අලුත් ගුවන් විදුලි සංඥා ක‍්‍රමයක් එකතු වී තිබීමයි. මෙසෙ අත්හදා බලමින් තිබූ ගුවන් ගමන් නිල වශයෙන් ඇරඹුණේ 1936 දී ය.

    එහි ආසන සීමිත ප‍්‍රමාණයක් පමණක් විය.ඈත අතීතයේ ගුවන් යානාවල ආසන ඉතා සුළු ප‍්‍රමාණයක් පමණක් තිබුණි. එහෙත් 1936 න් පසු කාලයේ දී ගුවන් සෙවා කර්මාන්තය ඉතා ශීඝ‍්‍ර වර්ධනයකට ලක් විය. දෙවන ලෝක සංග‍්‍රමයෙන් පසුව එංජින් 04 කින් යුත් යානා මගින් මඟීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට විය. 1955 වන විට රේඩාර් යන්ත‍්‍ර ආරක්‍ෂක උපකරණ යන්ත‍්‍ර ද ඇතුළත් වී ගුවන් සේවාවේ වර්ධනය පෙරට වඩා සය ගුණයකින් යුක්ත විය. 1950 දී ජෙට් එංජින් යානා මගින් මඟීන් ප‍්‍රවාහනය සිදුවිය. ඒ ලන්ඩනයේ සිට දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නගරය දක්වාය. ප‍්‍රථම වරට 1960 දී විශාල ගුවන් යානා මගින් වරකට මඟීන් 150 කට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කරන ලදී. 1967 වන විට මඟීන් සංඛ්‍යාව 230 දක්වා වැඩි කරන ලදී. 1970 වසර වන විට Boeing 747 ගුවන් යානාව නිපදවීය.

    747400C_04.jpg

    Boeing 747​

    එහිම මඟීන් 490 ක් ගෙන යාමට හැකි විය. බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය එක් වී ගුවන් යානා නිර්මාණය කළ මේ අවදියේ සෝවියට් දේශය විසින් ශබ්දය පරයා යන ගුවන් යානයක් ද නිපද වනු ලැබීය. එහි වේගය පැය කි. මී. 2410 ක් වේ. මෙලෙස දියුණු වෙමින් පැවති ගුවන් යානා අද වන විට තට්ටු 02 බවට පත්වී ඇත.