ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මූ යකෝ!! එතකොට container එක නැවේ නෙවිද ආවේ? ඔක්කොම බඩු ටික container එකට දාලා මූදේ පාකරලා ද එවලා තියෙන්නේ? :LOL:
    😮😮😮😮
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කරන එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති තමන්ගේ භාණ්ඩ තමන් වෙත තැපැල් මගින් නොලැබීම මත විවිධ පාර්ශවයන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් නිරන්තර විමසීම් සිදුකරමින් පවතී. මාර්තු මස අවසන් සතියේ සිට මේ දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම මත බොහෝ රාජ්‍යයන් වෙතින් ලැබිය යුතු තැපැල් භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවක් වී ඇත. එසේ වුවත් බොහෝ සමාජ මාධ්‍යයන් තුල තැපැල් සේවකයින් විසින් මෙම භාණ්ඩ සොරකම් කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයන් පළවේ. මෙම චෝදනා සත්‍ය නොවන බව කාරුණිකව දැනුම් දෙමි.

    භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙබ් අඩවි මගින් භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන විසින් අදාළ භාණ්ඩ ගුවන් සමාගම් වෙත බාරදීමත් සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිවල එකී භාණ්ඩ ගමනාන්ත වෙත බාරදුන් බවට සඳහනක් කළ ද එකී භාණ්ඩ ගුවන් සමාගම් හි රැඳී ඇති නමුත් මෙරටට ලැබී නොමැති බවත් පෙන්වා දිය යුතුව ඇත.

    ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මගින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර ඇති තැපැල් භාණ්ඩ අඩංගු බහලුමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් 2020 ජූනි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

    මෙම බහාලුමෙහි සාමාන්‍ය තැපැල් මගින් යොමුකළ කුඩා පාර්සල් 45,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගුව ඇති අතර COVID-19 වසංගතය පැතිරීමට ප්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති මුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත යොමු කර ඇත. මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන්වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

    මෙම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනාගත හැකි භාණ්ඩ 5,000කට ආසන්න ප්‍රමාණයක් තෝරා ගමනාන්ත වෙත යොමුකර ඇති අතර ඉතිරි භාණ්ඩ බෙදා හැරීමට එහි අඩංගු බාර්කෝඩ් අංක භාවිත කොට ලිපිනයන් සපයා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය දැනුවත් කර ඇති අතර එම උත්සාහය සාර්ථක නොවුණහොත්, මෙම භාණ්ඩ තොගය ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබාගැනීමට පියවර ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරනු ලැබේ.

    මෙම තත්ත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරවන බව කාරුණිකව දන්වා සිටින අතර මෙම තැපැල් භාණ්ඩ හිමිකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත අප විසින් ඉල්ලා ඇත

    meke positive paththa gena lankawe higana apathayo hithanne neththe ai kiyala mamath hithuwe.

    me wage order karapu packages nathi weema thulin rate arthikaya diyunu wena hati gena ligawunu kavi/geetha/rachana thiyenam apita ewanna.
     

    Sen-lu

    Well-known member
  • කොහොමත් online order 10ක් දැම්මොත් 2ක් විතර බහිරවයො ගිලිනව (My experience). Tracking වල ලංකාවට එනකම් තියෙනවා ඉට පස්සේ වාශ්ප වෙනව. කියන්න එකක් ඇතතෙත් නෑ. ඉන්න එවුන්ට complain දාන්න රට වටේම office වලට කතා කරන්න ඕනි. ඔය තමයි මගේ සිරි ලන්කන් ඔන්ලයින් ෂොපින් experience එක
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    අම්මා මුත්තා කාලෙකවත් අහන්න උන දේවල්ද මේ. තැපෑලෙන් බඩු එනකන් බලන් සිටි අයට විනාඩියක නිශ්සබ්දතාවයක්.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මගේ ebay එකෙන් order කරපු 06ක් tracking පෙන්නුවා පෙබරවාරි මුල ලංකාවට අවා කියල. අද වෙනකම් ලැබුණේ නෑ. එතකොට එව්වත් මේ කන්ටෙනරයේද අවේ. කොරනා පිටින් දාල ඔක්කොටොම කෙලලා දැන් ඇවිත් කෙබර අතාරිනවා. ලංකාවේ ඉන්නේ ඔක්කොම කොන්ඩේ බැදපු චීන්නු නෙමයි. විලි ලැජ්ජාවක් නැතිව කියනවනේ වගකීමක් නැතිව වතුර වැටිලා මැකිලා අපි මොකද කරන්නේ කියල.
     
    • Like
    Reactions: Boralugoda01

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කමක් නැ ඉතින් එහෙම කියනවානම් අපි පිලිගන්නම් බන්දුවො
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මගේ ebay එකෙන් order කරපු 06ක් tracking පෙන්නුවා පෙබරවාරි මුල ලංකාවට අවා කියල. අද වෙනකම් ලැබුණේ නෑ. එතකොට එව්වත් මේ කන්ටෙනරයේද අවේ. කොරනා පිටින් දාල ඔක්කොටොම කෙලලා දැන් ඇවිත් කෙබර අතාරිනවා. ලංකාවේ ඉන්නේ ඔක්කොම කොන්ඩේ බැදපු චීන්නු නෙමයි. විලි ලැජ්ජාවක් නැතිව කියනවනේ වගකීමක් නැතිව වතුර වැටිලා මැකිලා අපි මොකද කරන්නේ කියල.

    මටත් වුනේ ඕකමයි. Corona lock down එකට කලින් ලංකාවට ආව. මම හිතුවා අවුලක් වෙන එකක් නැහැ කියලා. හැබැයි ලගදී ගෙදරට ආවේ මිලින් අඩුම එකක් විතරයි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Sir hamudawen dala oya tika clear karala dei

    104476006_1540821746082086_8634374139557787369_n.jpg
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    Manchan I have a trouble login to Ali Express via the Browser. Not from the App.

    It Says Slide to Verify after entering the Email Address and Password . However says Net Error .. Any Idea ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    මෝඩ සිංහළුනෙ, ඔය තොපිලට දුන්න අනතුරු ඇඟවීමක්. රටේ සල්ලි පිට යැව්වොත් වෙන දේ තේරුම් ගනිල්ලා. ඒ නිසා කිසිම බඩුවක් ගෙන්නන්න එපා.