ගුවන් තොටුපළේන් යන්නෙ මෙහෙමයි...!!

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම. මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක.
    දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි.
    ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි අයටද ඇතුල් වීමේ හැකියාව ඇත. නමුත් මෙහිදී ගමන් මළු හා පුද්ගලයින් ගුවන් හමුදාව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබයි.
    ඔය පහළ තියෙන්නෙ ඒ අවස්ථාව.
    IMG_1123_thumb8.jpg
    IMG_1129_thumb37.jpg


    ඔය වම් පැත්තෙ තියෙන පින්තූරෙ තියෙන උපකරණය තුළින් තමන්ගේ ගමන් මළු, දුරකථන හා වෙනත් උපකරණ යැවිය යුතු වන අතර ඒවා සිසාරණය වේ. මේ පරීක්ෂා කිරීම් සිදු කරන්නෙ ගුවන් තොටුපළ ආරක්ෂක අංශය. මේ ආරක්ෂක අංශය ‍ඉතා විශිෂ්ඨ දෙස් විදෙස් පුහුණුවක් ලත් නිලධාරීන්ගෙන් සමන්විතයි. ගුවන් තොටුපළේ සෑම අංශයකම ආරක්ෂක කටයුතු සිදු කරන්නෙ ඔවුන්. ඔය ඉහල වම් ඡායාරූපයේ තද නිල් පැහැ නිළ ඇඳුම් හැඳ සිටින්නෙ ඔවුන්. ගුවන් හමුදා නිලධාරීන් ඔවුන්ට සහාය වේ.
    මෙහිදී තමන්ගේ ගමන් මළු ගෙන යාම සඳහා ට්‍රොලි භාවිතා කළ හැකි අතර අවශ්‍ය නම් පෝටර් වරයෙකුගේ සහාය ද ලබා ගත හැකියි. මොවුන්ට මුදල් ගෙවිය යුතු වෙනවා. මේ ගෙවන මුදල ගුවන් තොටුපළේ විවිධ ස්ථාන වල සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ඔවුන්ගේ ඇඳුමේත් සඳහන් කර තිබෙනවා. ඔවුන් යම් ආයතනයකට අයත් පුද්ගලයින් නොවන අතර ඔවුන් ගුවන් තොටුපළෙන් වැටුපක් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන්ට ගෙවීමට නියමිත මුදලට වඩා අඩුවෙන් ගෙවීමට නොහැකි අතර අවශ්‍ය නම් වැඩි මුදලක් ගෙවිය හැකියි.

    IMG_1122_thumb8.jpg

    ඔය ඉහළ පින්තූරෙ තියෙන්නෙ ඒ ට්‍රොලි. ඔය ඉන්නෙ ගුවන් හමුදා නිළධාරීන්.

    දැන් අපි ඔය ස්ථානයත් පසුකරගෙන යනවා ගමන් මළුත් අරගෙන, තනියට ආපු අයත් එක්ක ටිකට් පරීක්ෂා කරන ස්ථානයට. ඒ කියන්නෙ Check – In කවුන්ටර්ස් තියෙන තැනට. එතෙන්ට යන්න ඉස්සරලා අපිට හමු වෙනවා විදේශ නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් හමු වෙනවා. රැකියා සදහා විදේශගත වන මෙම ස්ථානයට වාර්තා කළ යුතු වෙනවා.
    ඉන් පසුව හමු වන්නේ විදේශිය මුදල් ලබා ගැනීම සඳහා වන දේශිය බැංකු.රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ශාඛාවන් මෙහි තිබෙනවා. ඒ වගේම කාර්ගිල්ස් සමාගමේ කුඩා ෆුඩ් සිටි ශාඛාවකුත් ආහාර වර්ග විකුණන ආයතනයකුත් මෙහි තිබෙනවා. මේවායේ තිබෙන්නේ සාමාන්‍ය මිළ ගණන්.

    P1090100_thumb5.jpg

    මේ තියෙන්නෙ ඒ බැංකු සහිත පුදේශය

    දැන් ඔබ සූදානම් ටිකට්පත් පරීක්ෂා කරන ස්ථානයට පිවිසීමට. එසේ පිවිසීමට ප්‍රථම ඔබගේ ටිකට් පත සහ ඔබ එහි හිමිකරුවා බවට සුළු තහවුරුකර ගැනීමක් සිදුකර ගන්නවා. එසේ කරනුයේ මගියා පමණක්ම ටිකට් පරීක්ෂා කරන ස්ථානයට යැවීම සඳහා. තවත් අයුරකින් කියනවා නම් මේ ස්ථානයෙන් පසුව මගියා සමග පැමිණි අනෙක් පුද්ගලයින්ට ගමන් කළ නොහැකියි.
    දැන් මගියා ගමන් මළු සමග ටිකට් පරීක්ෂා කරන ස්ථානයට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වන ස්ථානයේම ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ කටයුතු සඳහා සූදානමින් සිටිනවා. නමුත් මෙම නිළධාරීන් සියළුම මගීන් පරීක්ෂා කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වෙනුවට යම් සැක සහිත මගීන් සහ අහඹු ලෙස තෝරා ගත් මගීන් පරීක්ෂාවට ලක් කරනවා.
    එසේ පරීක්ෂාවෙන් පසුව මගියා ගමන් කිරීමට නියමිත ගුවන් සමාගම අනුව අදාළ Check-In කවුන්ටර් වෙත ගමන් කළ යුතු වෙනවා. අපේ ගුවන් තොටුපළේ Check-in කවුන්ටර්ස් වල එක් පසක් වෙන් කර තිබෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහායි. අනෙක් කොටස විදේශිය ගුවන් සමාගම් සහ මිහින් ලංකා සමාගම සඳහා වෙන් කර තිබෙනවා. හරියටම කියනවා නම් දකුණු පස කවුන්ටර්ස් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහාත් වම් පස කවුන්ටර්ස් අනෙක් ගුවන් සමාගම් සඳහාත් වෙන් කර තිබෙනවා.
    දැන් මගියා තමන්ට අදාළ ගුවන් සමාගමේ ටිකට් පරීක්ෂා කරන කවුන්ටරය වෙත යා යුතු වෙනවා. මේ සියළුම කවුන්ටර්ස් වල සේවය කරන්නෙ ශ්‍රීලන්කන් ගුවන්සමාගමේ සේවකයින් වන අතර ව්දේශිය ගුවන් සමාගම් වල නියෝජිතයිනුත් එම ස්ථානයේ රැඳී සිටිනවා.
    IMG_1138_thumb6.jpg

    P1090104_thumb6.jpg

    ඔය තියෙන්නෙ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා වන Check-in කවුන්ටර්ස් ඉදිරියේ මගීන් සිටින ආකාරය.

    දැන් මගියා මේ අදාළ කවුන්ටරයට තමන්ගේ ටිකට්පත සහ ගමන් බලපත්‍රය ඉදිරිත් කළ යුතු අතර තමන්ගේ ගමන් මළු බර කිරීම සදහා ඒ කවුන්ටර් දෙපස ඇති තරාදි මත තැබිය යුතුය. මෙය අවශ්‍ය වන්නේ ගෙන යා හැකි භාණ්ඩ පුමාණය සීමා සහිත වන නිසායි. එය කි. ග්‍රෑ 20 –40 ත් අතර ගණනක් වෙනවා.
    IMG_1145_thumb%5B5%5D.jpg

    මේ තියෙන්නෙ බර කිරන ලද බෑගයක් ගුවන් යනාව වෙත යොමු වෙන අවස්ථාව

    මෙසේ බර කිරා අවසන් කල බෑග් ඒ නිළධාරීන් විසින් සළකුණු කිරීමෙන් පසු ගුවන් යනාව වෙත යවනවා. මගියාගේ තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු මගියාට යම් කාඩ් පතක් නිකුත් කර ඔහු හෝ ඇය ගමන් කල යුතු ගුවන් යානාව නවත්වා ඇති ගේට්ටු අංකය දන්වනු ලබනවා. මෙහිදී මගියාට කුඩා පත්‍රිකාවක් ලැබෙනවා. ඒකෙ ගේට්ටු අංකයත් ආසන අංකයත් සඳහන් වෙනවා. මෙය මුද්‍රණය කිරීමට ප්‍රථම අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය ආසනය ලබා ගත හැකියි. උදාහරණයක් විධියට ජනේලයක් අසල ආසනයක් ලබා ගැනීම දැක්විය හැකියි. දැන් මගියාට තමන්ගේ අතේ ගෙන යන ගමන් මල්ල ද සමග ඒ වෙත ගමන් කළ හැකි වෙනවා. අවශ්‍ය නම් රෝද පුටු ආදි පහසුකමුත් ලබා ගත හැකි වෙනවා. ඒ ගමන් කරනු ලබන අතරේ දී ආගමන විගමන නිලධාරීනුත් තමන්ගේ රාජකාරිය කිරීමට සැදී පැහැදී සිටිනවා. මෙම අවස්ථාවට ප්‍රථම පිටත්ව යාමේ පත්‍රිකාව (Disembarkation Card) පුරවා සූදානම් කර ගත යුතු වෙනවා. මෙම කාඩ්පත සෑම මගියෙකුම විසින් පුරවා ආගමන විගමන නිළධාරීන් වෙත භාර දිය යුතු අතර එහි තමන්ගෙ නම, ගමනේ විස්තර ආදි සුළු තොරතුරු ප්‍රමාණයක් තමයි ඇතුළත් කිරීමට තිබෙන්නෙ. ඒ පත්‍රිකා සමහර විට ටිකට් පත ලබා ගන්නා ආයතනයෙනුත් ලබා දෙනවා. නැතිනම් ගුවන් තොටුපලේ ආගමන විගමන කවුන්ටර් අසලත් තිබෙනවා.
    දැන් ආගමන විගමන නිළධාරීන්ට තමන්ගේ වීසා බලපත්‍රය සහිත විදේශ ගමන් බලපත්‍රය ලබා දිය යුතු අතර ඔවුන් යම් යම් ප්‍රශ්ණ කීපයකුත් ඔබගෙන් අසාවි. අවසානයේදී ඔවුන් ඔබගේ ගමන් බලපත්‍රයේ ඔවුන්ගේ මුද්‍රාව තබා ඔබට යාමට ඉඩ හරීවි. දැන් ඔබට පිටත් වීමේ ගුවන් යානය නවතා ඇති ස්ථානයට යාමට හැකියි. මේ අවස්ථාවේදීද ඔබට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට සාප්පු කීපයක් තිබෙනවා.
    අවසානයේ ඔබ ගුවන් යානා නවතා ඇති ගොඩනැගිල්ලට පිවිසෙනවා. පහළ පින්තූරයේ තිබෙන්නෙ ඒ ස්ථානයේ ඡායාරූපයක්.
    IMG_0150_thumb%5B5%5D.jpg


    මේ ස්ථානයේත් වැසිකිළි පහසුකම් හා සුළු සුළු බීම වර්ග ආදිය මිළදී ගැනීමේ පහසුකමුත් තිබෙනවා.
    ඔබට මතක ඇති ඔබ ටිකට් පත පෙන්වූ අවස්ථාවේ එම නිලධාරීන් යම් පත්‍රිකාවක් ඔබ අත තබා ගේට්ටු අංකයක් සඳහන් කළා. මේ අංකය ඔබ අත ඇති පත්‍රිකාවෙත් ම්‍රදුණය කර තිබෙනවා. ඔබ දැන් අන්න ඒ ගේට්ටු අංකය සොයා යා යුතුයි. මේ අංක පුවරු වල පෙන්වා තිබෙනවා. ඔය ඉහළ තිබෙන පින්තූරෙත් තිබෙන්නෙ දැන්වීමක් ‘Gate 8-14’ කියලා. අපේ ගුවන් තොටුපලේ මේ වගේ ගේට්ටු 14 ක් තිබෙනවා. දැන් මගියා අදාළ ගේට්ටු අංකය තිබෙන තැනට යා යුතු අතර සමහර විට ඒ කාමරය විවෘත නොකර තිබෙන්නට පුළුවන්. ඒසේ නම් මදක් රැඳී සිටින්න.
    එයට ඇතුළු වන විට ඔබගේ භාණ්ඩ හා ඔබව ඉතා දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර ඔබගේ සපත්තු මේස් පවා ගලවා පෙන්විය යුතුයි. මෙය සාමාන්‍ය තත්වයක්. ඒ සඳහා මගියාගේ සහාය ඉතාම වැදගත් වෙනවා. ඒ කටයුතු අවසන් වීමෙන් පසුව මගියා අත ඇති පත්‍රිකාව එහි සිටින නිලධාරියෙකුට පෙන්වීමට අවස්ථාව ලැබන අතර මගියාට එහිදී තමන්ගේ ආසන අංකය සහිත කුඩා පත්‍රිකාවක් ලැබෙනු ඇති. දැන් මේ පත්‍රිකාවත් සමග මදක් රැඳි සිටිය යුතු වෙනවා ගුවන් යානයට මගීන් නංවා ගැනීමේ අවස්ථාව වනුතුරු.
    මෙහිදී ඔවුන් යම් අංක පිලීවෙලකට කථා කර මගීන් නැංවීම සිදු කරනු ලබන අතර කලබල නොවී තමන්ගේ වාරය පැමිණෙනතුරු සිටිය යුතුයි. කිසිම අයුරකින් දැන් මගියාව දමා යාමට නොහැකි නිසා බිය විය යුතු නැති අතර අවශ්‍ය නම් එම ස්ථානයේ සිටින නිලධාරීන්ගෙන් ඒ පිලීබඳව විමසිය හැක.
    IMG_0155_thumb%5B5%5D.jpg

    ඔය ඡායාරූපය එසේ මගීන් රැඳි සිටින ස්ථානයයි

    අවසානයේදී මගියාට ගුවන් යානයට ගොඩවීමට හැකි අතර ගුවන් සේවිකාවන් විසින් තමන්ගේ ආසනය පෙන්වා දෙනු ඇත නැතහොත් තමාට ම වුවත් ආසනය සොයා ගත හැකි අතර ආසන අංක ආසනයට ඉහළින් රාක්ක වල මුදුණය කර තිබෙනවා. එය කියවිය යුත්තේ පළමුව අංකයත් දෙවනුව අකුරත් ලෙසයි. අංකය වන්නේ යානයේ ආසන පේළි අංකයයි. අකුර එම පේළියේ ආදාළ ආසනයට හිමි හදුනා ගැනීමේ අකුරයි. තමා හිද ගැනීමට පෙර අතේ තිබෙන බෑගය ආසනයට ඉහළින් ඇති රාක්කයේ තැන්පත් කළ යුතු අතර මේ සහා අවශ්‍ය සහාය ගුවන් සේවිකාවන් විසින් ලබා දෙනු ඇත.

    IMG_0179_thumb%5B23%5D.jpg

    මේ පින්තූරෙ ඒ අංකය සහ අකුර බලන්න.

    ගුවන් ගමන තුළදී ගුවන් සේවිකාවන් විසින් ලබා දෙන උපදෙස් තරයේ පිලීපැදිය යුතු අතර අවශ්‍ය සහාය ඔවුන් ලබා දේවි. ගුවන් සමාගම විසින් ඔබට ආහාර පාන අදිය නොමිලේ ලබා දිය හැකියි. සමහර විට අඩු මිළ ගුවන් සමාගම් වල තත්වය මීට වෙනස් විය හැකියි. ගුවන් යානය ගුවන් ගත වූ පසු අනෙක් මගීන්ට කරදරයක් නොව අයුරින් ඔබ මොබ ගමන් කල හැකියි. වැසිකිලි යාමට පවා යානයේ පහසුකම් තිබෙනවා.
    ගුවන් යානය ගමනාන්තයේ දී නැවැත්වූ පසු යානයෙන් බැස යාම පිළිබඳ විස්තර වෙනත් සටහනකින් දැන ගනිමු. විදේශ ගුවන් තොටුපළකින් පිටවීමත් මේ වගේම සිදු වෙනවා. ගුවන් තොටුපළක ගමන් කිරීම තමාගේ නිවසේ ගමන් කරනවා වගේම පහසු දෙයක්.


    මේ පොස්ට් එක මම ගත්තේ අපේ අහස බ්ලොග් එකෙන්..ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මේ..!!


    Rep+
    Bump
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Eye hari pereda hari hawasa 5 6 wage Rupavahiniye Full wistarayak giya airport eka gana. kauru hari kenek hambunoth methana danna. Math anthima tika baluwe :yes:
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    විස්තරේ සෑහේනට කවර් කරලා තියෙනවා, මුල් අයිති කාරයටත් ගවුරවය හිමිවිය යුතුයි. මෙතන පළකිරීම ගැන ඔබට රේප් ++ 11

    මග හැරිච්ච කාරනා කීපයක් තියෙනවා, පළමුව ඔබ විසිට් විසා ලබාගෙන වෙනත් රටකට යන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම නැවත පැමිණීමට ගුවන් ටිකට් පතක් ලබාගත යුතුයි (රිටර්න් ටිකට්). ස්ථිර නවාතැන් විසා හෝ රැකියා විසා නොමැති අනිත් ඕනෑම විසා කැටගරි එකකට මේක බලපාන්න පුළුවන්. ඔබේ විසා එකේ මේ සම්බන්ද විස්තර තිබෙනවා. උදාහරණයක් ඔබේ සැමියා හෝ බිරිද විදෙස් රැකියාවක් කරනවිට යපෙන්නාට ලැබෙන විසා එක විසිට් උනත් රිටර්න් ටිකට් අවශ්‍ය නොවෙන්න පුළුවන්. මෙය විසා එක ලබාගනිද්දී දැනගත හැකියි. එසේත් නොමැතිනම් ගුවන් සේවයට ඔබව හරවා එවිය හැකියි. අනිත් කාරණය ඔබ ගමන් කරන රටෙන් ඔබට ඔන් ඇරයිවල් විසා ලැබෙනවිට අනිවාර්යයෙන්ම රිටර්න් ටිකට් ලබාගෙන තිබිය යුතුයි. ඔබට වෙනත් ගුවන් තොටුපලකින් මාරු වීමට ඇතිවිට එම ගුවන්තොටුපලේදීත් මෙය පරික්ශාකරනු ඇති. එහිදී වුවද ඔවුන්ට ඔබව රදවාගෙන නැවත ඔබේ මවු රටට එවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ඔබ අප්‍රිකාවට ගමන්කරන්නේ නම් කටාර් හෝ ඩුබායි ගුවන් තොටුපළවල්වල ගුවන්යානයට බෝර්ඩ් කරනවිට පරික්ෂා කරනු ලබයි.

    ඔබ ඔබේ වෘතිය ඔබේ පාස්පෝර්ට් එකේ නියමාකාරයෙන් සටහන් කරගැනීමෙන් වැඩි වාසි අත්කර ගන්න පුළුවන්. විශේෂයන් ඔබ ඉංජිනේරුවෙක්, පරිගණක වැඩසටහන් කරුවෙක් ලෙස වීම.

    සමහර නීති ශ්‍රිලන්කික වීම නිසාම බලපාන අවස්ථා තියෙනවා. මොකද අපේ රටේ සමහර එවුන් කරලා තියෙන අසමජ්ජාති වැඩ නිසා.

    ඔබ කරන චාටර් වැඩේ සියලුම ශ්රිලන්කිකයන්ට පොදුවේ බලපාන බව සලකන්න
    .
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කාටද මේක දැම්මේ මොන්ටිසූරි ළමයින්ටද ? දැන් බඩෙන් එලියට එනකොටම මිනිස්සු රට යන්න දන්නවා
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    හැමෝටම වටින වැදගත් ලිපියක්, මමත් දෙයක් ඉගෙනගත්තා. Thank u Very mutch.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කාටද මේක දැම්මේ මොන්ටිසූරි ළමයින්ටද ? දැන් බඩෙන් එලියට එනකොටම මිනිස්සු රට යන්න දන්නවා

    thanks machn me thread eka dammata , mng attama danan hitiye na .

    me wage reply dana unwa ganan ganna epa