ගුවන් යානයක් දෙකඩ වෙයි.

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ගුවන් යානයක් දෙකඩ වෙයි.

කැරිබියානු දිවයින් පෙළට අයත් ගයානා දිවයිනේ - ජෝර්ජ්ටවුන් අගනුවර පිහිටි ගුවන් තොටුපළට අද (31) ගොඩබස්සවනු ලැබු මගී ගුවන් යානයක් ධාවන පථයේ ගැටී දෙකඩ වී තිබෙනවා.

_54351703_11_07_guyana.gif


පුද්ගලයන් 163 දෙනෙකු රැගත් බෝයිං 737 වර්ගයේ මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිටයි. අයහපත් කාලගුණය මධ්‍යයේ ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබු යානය වැඩි බලයකින් පතිත වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරට ලක්වී ඉදිරියට ඇදුණු යානය දෙකඩ වී නතර වී ඇත්තේ අඩි 200 ක් පමණ ප‍්‍රපාතයක් ආසන්නයේයී.

එය තව අඩි කිහිපයක් ඉදිරියට ගමන් කළේ ජීවිත හානි රැසක් සිදුවීමට ඉඩ තිබූ බව ගයානා ජනාධිපති බරාට් ජග්ඩියෝ ප‍්‍රකාශ කළා.

කෙසේ නමුත්, යානයේ මගීන් 157 දෙනා සහ කාර්යය මණ්ඩලයේ 6 දෙනා අතුරෙන් කිසිවෙකුට බරපතල තුවාල සිදුනොවූ බවයි වාර්තා වන්නේ.

Guyana_plane_cr_1303537cl-8.jpg


_54355981_guyana-avahammond4.jpg



Video :-
Code:
http://www.google.lk/url?sa=t&source=video&cd=1&ved=0CDQQtwIwAA&url=http%3A%2F%2Fwww.bbc.co.uk%2Fnews%2Fworld-latin-america-14355103&rct=j&q=Plane%20crashes%20at%20Guyana%20airport&tbm=vid&ei=6NU0Tpy1HMb4rQeD38TLCw&usg=AFQjCNHS6EWq5pgYlg3hVZ0V4fnU4eZvoQ&cad=rja
 
Last edited: