ගුවන් යානයේදී කතගේ බෑගය ඉස්සූ යාපනයේ ගණකාධිකාරී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,960
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගමන් ගත් කාන්තාවකගේ අත් බෑගය සොරා ගත් බව කියන යාපනයේ පදිංචි කැනඩාවේ ද පුරවැසිභාවය හිමි, 60 හැවිරිදි ගණකාධිකාරිවරයෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් පෙරේදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.




    එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි, දැනට එංගලන්තයේ පදිංචිව සිටින, 55 හැවිරිදි, කාර්යාල කාර්ය සහායකවරියක ලෙස සේවය කරන්නියකගේ අත් බෑගය මෙසේ සොරා ගෙන තිබුණි.ඇය පෙරේදා (26) පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.-504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇත.


    ඇයගේ අත් බෑගය තුළ රුපියල් දහහතර ලක්ෂ විසිතුන්දහස් පන්සියයක් වටිනා ස්ටර්ලින් පවුම් 2,700ක්, අලුත් අයිෆෝන් වර්ගයේ ජංගම දුරකතන හතරක් තිබී ඇත.මෙම යානය ගුවන්ගත වී මඳ වේලාවකින් පසුව මෙම අත් බෑගය නැති වී ඇති අතර, ඒ පිළිබඳව ගුවන් යානා කාර්යමණ්ඩලය වෙත මෙම කාන්තාව පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.මේ පිළිබඳ ගුවන් යානය තුළ සොයා බැලීම් සිදු කළ ද, එය සොයා ගැනීමට නොහැකිව,මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා වෙත දැනුම් දීමෙන් පසුව, ඔහු මෙම තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.


    ඒ අනුව, මෙම යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවූ පසු,

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් ද සමග ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු දැඩි පරීක්ෂා කිරීමකට ලක් කර තිබේ.


    එහිදී මෙම නැති වූ අත් බෑගය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ පදිංචි, කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය ද හිමි, 60 හැවිරිදි, දැනට කැනඩාවේ පදිංචි, ගණකාධිකාරිවරයකු සන්තකයෙහි තිබී අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වී සිටියහ.ඒ වන විටත් ඔහු සොරා ගෙන තිබූ ස්ටර්ලින් පවුම් භාවිත කර, ගුවන් යානය තුළ අලෙවි කරන විස්කි බෝතල් හයක් සහ සුවඳ විලවුන් බෝතල් තුනක් ද මිලදීගෙන තිබූ අතර, ඉතිරි ස්ටර්ලින් පවුම් මුදල සහ ජංගම දුරකතන ද එම අත් බෑගයෙහි තිබී සොයා ගෙන තිබුණි. පසුව මෙම ගුවන් මගියා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් වෙත බාර දී ඇති අතර, ඔවුන්ගේ විමර්ශන කටයුතුවලින් අනතුරුව ඊයේ 27 වැනිදා මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
    (ටී.කේ.ජී. කපිල)

    kari kaluwo hadenne na,
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Koi hariyede horakama wela tiyenne.
    Ape ekekge purse eka bus ekedi neti wela kotuwe policiya complaint baraganna be, siddiya una thena policiyata yanda kiwa:yes:
    meke ehema kiyala nedda :confused:
     

    Similar threads