ගුවන් යානා 11 ක් අතුරුදන්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ගුවන් යානා 11 ක් අතුරුදන්

ගුවන් යානා 11 ක් අතුරුදන්. සැප්තැම්බර් 11 ප්‍රහාරය සැමරීමේ ප්‍රහාරයකටදැයි සැකයක්

ඉස්ලාමීය සන්නද්ධ අන්තවාදීන් ගුවන් යානා 11 ක් පමණ මේ වනවිට පැහැරගෙන තිබෙන බවත් ඒවා සැප්තැම්බර් 11 වනදා ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සැමරීම සඳහා ඒ ආකාරයේ ප්‍රහාරයකට යොදාගැනීමේ අවධානමක් තිබෙන බවටත් ඇමරිකාව අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ.


විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඉස්ලාමීය සන්නද්ධ අන්තවාදීන් විසින් මේ ආකාරයෙන් පසුගියදා ගුවන් යානා හොරකම් කර තිබෙන්නේ ලිබියාවෙනි.


ලිබියානු රජයට අයත් ගුවන් සමාගම් දෙකක් විසින් මෙහෙයවන ගුවන් යානා 11 ක් පසුගිය මාසයේදී අතුරුදන්ව තිබෙන්නේ ට්‍රිපෝලි නගරයේ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ Libyan Dawn නැමති සන්නද්ධ කණ්ඩායම අල්ලා ගැනීමෙන් පසුවයි.


මේ අනුව, පසුගිය සති දෙක තුළදී ඇමරිකාව විසින් අනතුරු හඟවා තිබෙන්නේ මේ සැප්තැම්බර් 11 වනදාට යෙදෙන ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සැමරීමේ ප්‍රහාරයක් මෙම ගුවන් යානා යොදා ගනිමින් සැලසුම් කරන්නේදැයි සැකයක් ඇතිවී තිබෙන බවයි.

අද‍දෙරන
 
  • Like
Reactions: SaCy.StYLe

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දකුණු ආසියාකරයේ ජිහාද් ධජය එසවීමට සූදානම් බව අල්කයිඩා නායක අයිමාන් අල් සවහිරි ප‍්‍රකාශ කළා. විනාඩි 55 ක වීඩියෝ පටිගතකිරීමක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ අල්කයිඩා ඉන්දියානු ශාඛාව ඒ සඳහා මුලින් නිර්මාණය කරන බවයි. එමෙන්ම ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් නායක මුල්ලා ඕමාර්ට සිය සහය පළ කරන බවත් සවහිරි කියා සිටියා. කෙසේ නමුත් අල්කයිඩා සංවිධානයේ නව පියවර මැද පෙරදිග නැගී එන අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ගරිල්ලා සංවිධානයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසයි ඇතමුන් හඳුන්වන්නේ. ලොව පුරා ඉස්ලාමීය සන්නද්ධ බලය පැතිරීම සඳහා අයි.එස්. සහ අල්කයිඩා සංවිධාන අතර පවතින්නේ තරඟයක්.
     
    Last edited: