ගුවන්_සේවිකාව

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
af08073.jpg

වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය.

කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.
එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.

ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප‍්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක‍්‍රමණය කරනු ඇත.

බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.

සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත‍්‍රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.

යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ‍ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වනදින තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්‍ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය.

එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම රුදුරු ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමි‍ගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්ම‍ජෝති හිමියෝ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජි‍මේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්‍රල් ගාමිණී අවසාන‍යේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය.

යුද කඳවුරක් එහි බළකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීරක්‍රියාව අගයා හමුදානිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා විසින් ගාමිණි රණවිරුවාට පුද කර තිබේ.


rating-stars1.jpg
rating-stars1.jpg
 

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ සක්කිලියව ආය ගෙනත් ඔටුනු දාන්න බලන් ඉන්න හැත්තක් ඉන්නවනෙ මේ රටේ :lol:

    Oya keppa wishwasa karana thopi wage pakkuth innawane me rate, mathakane China project wala comis gana kiyanna gihin raajitha hathpole gaagaththa
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ සක්කිලියව ආය ගෙනත් ඔටුනු දාන්න බලන් ඉන්න හැත්තක් ඉන්නවනෙ මේ රටේ :lol:
    ගුවන් සේවා අධිකාරියේ ඉහල පුටුවකට නැති තනතුරක් හදා එජාප සාමාජිකයෙක් දමයි..

    July 2, 2016




    සිවිල් ගුවන් සේවා අධිකාරියේ මාධ්‍ය ඒකකයක් නැතත්එහි සහකාර ගුවන්සේවා ප්‍රවර්ධන කළමණාකාර ලෙස එජාපයේ ප‍්‍රබල සාමාජිකයෙක් පත්කොට ඇතැයි වාර්තා වෙයි.
    ඔහු මේ තනතුරට පත් කර ඇත්තේ එම තනතුරට පත්වීමට තවත් එජාප ආධාරකරුවෙකුද කපා දමමිනි.
    මේ දක්වා අධිකාරියේ කිසිවකු උපාධියකින් තොරව එවැනි තනතුරු සඳහා බඳවාගෙන නැතත් මෙම පුද්ගලයා එම තනතුරට පත්කොට තිබෙන්නේ අවම සුදුසුකම හෝ නොමැතිව විශේෂ තනතුරක් පවා නිර්මාණය කරමිනි.
    ඔහු ගුවන් සේවා අධිකාරියෙන් වැටුප් ලබමින් සිටියද බොහෝවිට කල් ගෙවන්නේ එජාපයේ දේශපාලන වැඩ කටයුතුවල බවත් බොහෝ අවස්ථාවන් වල ඔහු ගුවන් සේවා අධිකාරියේ රැඳී නොසිටින බවද සඳහන්ය.


    – එරංග සම්පත්
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    “නාමල්ටම වෙන්කළ ගුවන් සේවිකාවට මාසෙකට ලක්ෂ 42 ක් ගෙවලා“ : ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශ්වාස කළ නොහැකි දූෂණ කන්දක් වැලිඅමුණ වාර්තාවෙන් හෙළිවේ



    Nishantha_Wickramasinghe_China_kit1.jpg


    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් අගමැතිවරයා වෙත බාර දෙනු ලැබීමෙන් පසු එම වාර්තා වේ අන්තර්ගත කරුණු පිලිබඳ සංක්ෂිප්ත වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් ලෙස අද ප්‍රකාශයට පත් කෙළේය.


    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී සිදු වී යැයි කියන අක්‍රමිකතා මෙන් ම පසුගිය රජයේ පාලන කාලය තුළ සිටි ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානින් එම ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය පිලිබඳ කරුණු ද වැලිඅමුණ වාර්තාව මගින් හෙළි කර තිබෙන බව අගමැති කාර්යාල නිවේදනයේ දැක්වේ. ඒ අනුව පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය.


    අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර ඇත.
    වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගනු ලැබ ඇත්තේ වික්‍රමසිංහ ගේ ප්‍රයෝජනය සඳහායි.
    එය ඔහු වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරව ලබාගත් එකකි


    නාමල් වෙනුවෙන්ම වෙන් කළ ගුවන් සේවිකාවකට මාසිකව ලක්ෂ 42 ක් ගෙවලා

    වාර්තාවේ සඳහන් සුවිශේෂී හෙලිදරව්වක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ ගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීමයි. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇති අතර ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබේ.
    මෙම මුදල ආපසු ලබාගත යුතු බව වාර්තාව යෝජනා කර ඇත.
    ශ්‍රී ලන්කන් ආයතනයට ගුවන් නියමුවන් පුහුණු කිරීමට බඳවා ගැනීමේදී නුසුදුසු අය බඳවා ගෙන තිබේ. බඳවා ගැනීමේ විභාගය නොකඩවා කිහිප වතාවක් ම අසමත් වූ කිහිප දෙනෙකු ම කළමනාකරුවන්ගෙන් ලැබුණු වාචික ඉල්ලීම් මත බඳවා ගෙන ඇත.
    “ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.
    ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන ඔහු දරු නිලය සඳහා සුදුසුකම් තිබූ අයෙක් නොවන බව වැලි අමුණ වාර්තාව පවසයි.
    එසේවුවද , ඔහු රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන ඇත්තේ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමිනි
    වාර්තාව මගින් හෙළි කර ඇති දුෂණ සහ අක්‍රමිකතා ලැයිස්තුවේ සඳහන් තවත් කරුණක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීම සිදුවෙමින් පැවතී ඇති අතර එයට විරුද්ධ වූ ලන්ඩනයේ කළමනාකාරවරයා හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත හදිසියේ මාරු කර යැවීමයි.
    මී ට අමතරව නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශ වලට රැගෙන යාමට ශ්‍රී ලන්කන් කාර්යමණ්ඩලයේ මැදිහත්වීමක් සහ ගුවන් ආරක්ෂාව පිලිබඳ කිසිදු පළපුරුද්දක් නැති විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපකට බඳවාගෙන තිබීම පිළිබඳවත් වැලිඅමුණ වාර්තාව මගින් එලි දක්වා ඇත.
    මේ අතර සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳ ව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කර තිබේ.

    bump
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    “නාමල්ටම වෙන්කළ ගුවන් සේවිකාවට මාසෙකට ලක්ෂ 42 ක් ගෙවලා“ : ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශ්වාස කළ නොහැකි දූෂණ කන්දක් වැලිඅමුණ වාර්තාවෙන් හෙළිවේ




    Paka thamai
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    තව මූට username කීයක් නම් මාරු කරන්න වෙයිද උගේ හාමු ගෙ වඳ කොලු පක්ෂෙ හින්දා :lol:
     

    Similar threads