“නාමල්ටම වෙන්කළ ගුවන් සේවිකාවට මාසෙකට ලක්ෂ 42 ක් ගෙවලා“ : ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශ්වාස කළ නොහැකි දූෂණ කන්දක් වැලිඅමුණ වාර්තාවෙන් හෙළිවේ
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් අගමැතිවරයා වෙත බාර දෙනු ලැබීමෙන් පසු එම වාර්තා වේ අන්තර්ගත කරුණු පිලිබඳ සංක්ෂිප්ත වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් ලෙස අද ප්‍රකාශයට පත් කෙළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී සිදු වී යැයි කියන අක්‍රමිකතා මෙන් ම පසුගිය රජයේ පාලන කාලය තුළ සිටි ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානින් එම ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය පිලිබඳ කරුණු ද වැලිඅමුණ වාර්තාව මගින් හෙළි කර තිබෙන බව අගමැති කාර්යාල නිවේදනයේ දැක්වේ. ඒ අනුව පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය.
අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර ඇත.
වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගනු ලැබ ඇත්තේ වික්‍රමසිංහ ගේ ප්‍රයෝජනය සඳහායි.
එය ඔහු වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරව ලබාගත් එකකි
නාමල් වෙනුවෙන්ම වෙන් කළ ගුවන් සේවිකාවකට මාසිකව ලක්ෂ 42 ක් ගෙවලා
වාර්තාවේ සඳහන් සුවිශේෂී හෙලිදරව්වක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ ගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීමයි. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇති අතර ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබේ.
මෙම මුදල ආපසු ලබාගත යුතු බව වාර්තාව යෝජනා කර ඇත.
ශ්‍රී ලන්කන් ආයතනයට ගුවන් නියමුවන් පුහුණු කිරීමට බඳවා ගැනීමේදී නුසුදුසු අය බඳවා ගෙන තිබේ. බඳවා ගැනීමේ විභාගය නොකඩවා කිහිප වතාවක් ම අසමත් වූ කිහිප දෙනෙකු ම කළමනාකරුවන්ගෙන් ලැබුණු වාචික ඉල්ලීම් මත බඳවා ගෙන ඇත.
“ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.
ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන ඔහු දරු නිලය සඳහා සුදුසුකම් තිබූ අයෙක් නොවන බව වැලි අමුණ වාර්තාව පවසයි.
එසේවුවද , ඔහු රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන ඇත්තේ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමිනි
වාර්තාව මගින් හෙළි කර ඇති දුෂණ සහ අක්‍රමිකතා ලැයිස්තුවේ සඳහන් තවත් කරුණක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීම සිදුවෙමින් පැවතී ඇති අතර එයට විරුද්ධ වූ ලන්ඩනයේ කළමනාකාරවරයා හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත හදිසියේ මාරු කර යැවීමයි.
මී ට අමතරව නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශ වලට රැගෙන යාමට ශ්‍රී ලන්කන් කාර්යමණ්ඩලයේ මැදිහත්වීමක් සහ ගුවන් ආරක්ෂාව පිලිබඳ කිසිදු පළපුරුද්දක් නැති විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපකට බඳවාගෙන තිබීම පිළිබඳවත් වැලිඅමුණ වාර්තාව මගින් එලි දක්වා ඇත.
මේ අතර සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳ ව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කර තිබේ.