ගුවනින් බිමට පැමිණි සමාගමක් යළි ගුවනට

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ගුවනින් බිමට පැමිණි සමාගමක් යළි ගුවනට

Sri Lanka Expo Aviation to revive domestic air service
යාපනයට ගොඩබිම් මාර්ග විවෘත වීමෙන් පසුව ගුවන් මගීන් අඩුවීමත් ගුවන් හමුදාවේ “හෙලි ටුවර්ස්“ වෙතින් එල්ලවූ තරගයත් නිසා අත්හැර දැමුණු එක්ස්පෝ ඒවියේෂන් දේශීය ගුවන් ගමන් සේවා යළි පණ ගැන්වීමට සූදානම් වේ.

මේ අනුව, සමාගම සඳහන් කරන්නේ මීට පෙර භාවිතා කළාට වඩා කුඩා ගුවන් යානයක් මිලදී ගනිමින් කොළඹ සිට යාපනයට යළිත් ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම සූදානම් බවයි.
මිලදී ගැනීමට යන මෙම ගුවන් යානයේ වරකට මගීන් 20 කට පමණ ගමන් කළ හැකි බවත් මීට පෙර භාවිතා කළ යානයේ වරකට මගීන් 52 ක් පමණ රැගෙන යාමට හැකියාවක් තිබූ බවත් සමාගම පවසයි.
මේ වනවිට, යුද්ධය අවසන් කර තිබෙන නිසා දේශීය ගුවන් ගමන් වර්ධනය වෙමින් තිබෙන බව මේ පිළිබඳව අදහස් දක්වමින් එක්ස්පෝ ඒවියේෂන් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන සට්ටර් කාසීම් සඳහන් කළේය.