ගුවනින්_අසූචි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බලාගෙනයි, 'ගුවනින් අසූචි'!

_99692353_img_4823.jpg

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති අයිස් කුට්ටිය 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත

උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති. කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත. එම ශබ්දයත් සමඟ ගම්වැසියන් කලබලයට පත් වූ බව ඉන්දීය වාර්තාවන්හි දැක්වෙයි.

ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන විවේක් කාලියා (Vivek Kalia) බීබීසියට අදහස් දක්වමින්, ඇතැම් ගම්වාසීන් එම අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් කඩා වැටුන වස්තුවක් ලෙස සලකන ලද බවක් සඳහන් කළේය. ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇත. ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය. එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති.

_87549058_000414056-1.jpg

ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති

හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටුන අයිස් කුට්ටියේ කොටසක් රසායනික පිරික්සුම් සඳහා විද්‍යාඥයන් වෙත යවන ලද නමුත්, එය ගුවනේ දී අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට සැක කරන බව විවේක් කාලියා (Vivek Kalia) පවසයි.

"ඒක ගොඩාක් බර අයිස් කුට්ටියක්. සෙනසුරාද උදේ වැටිලා තියෙන්නේ. එය වැටෙන කොට විශාල ශබ්දයක් පැතිරිලා තියෙනවා. මොකක්ද වුණේ කියල බලන්න ගමේ මිනිස්සු දුවල ඇවිත් තිබුණා" විවේක් කාලියා වැඩිදුරටත් සඳහන් කළේය.

"සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.

"සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත් ශීතකරණවල තබාගෙන තිබුණා" ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
එම අයිස් කුට්ටිය පරීක්ෂා කළ ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් 'එය අද්භූත ආකාශමය වස්තුවක් නොවන බව' අවධාරණයෙන් කියා සිටියේය.

ගුවනේ දී වැසිකිලි අපද්‍රව්‍ය බිම හෙළීම තහනම් කරමින්, එසේම එවැනි ක්‍රියාවන්ට එරෙහිව දඩ නියම කරන බව පවසමින් ඉන්දීය උසාවියක් පසුගිය 2016 ජනවාරි මාසයේ තීන්දුවක් දී ඇත.

_99699698_gettyimages-470083057.jpg

උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය .

2016 ජනවාරි මාසයේ මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තයේ නිවසක් මතට පාපන්දුවක් තරම් අයිස් කුට්ටියක් වැටීමෙන් එම නිවසේ වහලට හානි සිදු වූ අතර එහි නිවැසි කාන්තාවකගේ උරහිසට බරපතළ තුවාල සිදුවිය.
එම අයිස් කුට්ටියත් ගුවන් යානයක මිනිස් අපද්‍රව්‍ය වියහැකි බව එක් පුවත්පතක් වාර්තාකර තිබුණි.

නවීන වාණිජ ගුවන් යානා පියාසර කරන උස අනුව යානා අවට පවතින හිම මිදෙන ශීතලේ දී ඉන් බැහැරවෙන ද්‍රවයක් ඒ මොහොතේම අයිස් බවට පත්වෙයි.
උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය. ඒවා හඳුන්වනු ලබන්නේ "Blue ice" යනුවෙනි.

එසේ හඳුන්වනු ලබන්නේ අපද්‍රව්‍ය විනාශ කොට ඒවායේ දුර්ඝන්දය අවම කිරීම සඳහා ගුවන්යානා වැසිකිළි සඳහා පාවිච්චි කරන රසායන වර්ග අනුවයි.

එක්සත් රාජධානියේ ගුවන් සීමාවට වසරකට යානා විසිපන් ලක්ෂයක් පමණ ඇතුල් වෙන අතර ඉහත කී ආකාරයේ "Blue ice" කුට්ටි පොළොවට වැටීමේ අවස්ථා විසිපහක් පමණ වසරකට වාර්තා වෙන බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් ගමන් අධිකාරිය පවසයි.

bbc-blocks-dark.png
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    "සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.

    a9b8b39735dfb5ba3f98a678713b6a2ae95c0b75861eed67bea78b5081bcde60.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පාරෙ රෙන උන් මොකටද යකෝ කක්ක බෑග් එකකට බය වෙන්නෙ. මුන්ට පාරෙ රෙන්න හොඳයි කක්ක බෑග් එකක් පොඩ්ඩක් උඩ ඉඳන් වැටුනාම තමා අවුල් යන්නෙ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පාරෙ රෙන උන් මොකටද යකෝ කක්ක බෑග් එකකට බය වෙන්නෙ. මුන්ට පාරෙ රෙන්න හොඳයි කක්ක බෑග් එකක් පොඩ්ඩක් උඩ ඉඳන් වැටුනාම තමා අවුල් යන්නෙ

    ඉන්දියාවේ හැම මිනිහවම උබ කියන මිම්මෙන් මනින්න බැහැ බන්. පාරේ රෙන්නේ අඩු අදායම් ලාභී දුප්පත් මිනිස්සු. නමුත් දැන් එකත් 90 % වැඩ නැති වෙලා තියෙන්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉන්දියාවේ හැම මිනිහවම උබ කියන මිම්මෙන් මනින්න බැහැ බන්. පාරේ රෙන්නේ අඩු අදායම් ලාභී දුප්පත් මිනිස්සු. නමුත් දැන් එකත් 90 % වැඩ නැති වෙලා තියෙන්නේ.

    ඒක නං ඇත්ත තමා. උන් දැන් හැදිලා අපි තමා පාරෙ රෙන තත්වෙට පත් වෙලා තියෙන්නෙ :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉන්දියාවේ හැම මිනිහවම උබ කියන මිම්මෙන් මනින්න බැහැ බන්. පාරේ රෙන්නේ අඩු අදායම් ලාභී දුප්පත් මිනිස්සු. නමුත් දැන් එකත් 90 % වැඩ නැති වෙලා තියෙන්නේ.

    තෝත් පළකො හුත්තෝ ඉන්දියාවට. ගිහිල්ලා පාරෙ රීපන්. අපි මේ ඉන්දියන් පක්කු පාරෙ රෙන්නෙ කියල අපි ඊට වඩා දියුණුයි කියල හිතලා සිඟිති ආතල් එකක් ගන්නවා. පළ ඉන්දියාවට පොන්නයා. :frown:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    "සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.

    "සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත් ශීතකරණවල තබාගෙන තිබුණා" ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

    :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thamilnadu Tamils la, Anunge Rimpidiya hoyanava, Renne road eke nathnam, jungle eke. no washing.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දෑන් ශුවර් එකට ඉන්දියන් කාරයො මෙකටත් වදියි.
    :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    "සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.

    "සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත් ශීතකරණවල තබාගෙන තිබුණා"
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.

    "සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත් ශීතකරණවල තබාගෙන තිබුණා" ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

    Classic Indians.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    "සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.

    a9b8b39735dfb5ba3f98a678713b6a2ae95c0b75861eed67bea78b5081bcde60.jpg

    Indiyave unta bettak hari kamak naa ahasin vatenawa nam :lol::lol::lol::lol:
     
    Similar threads