ගුවනේ දැවැන්තයෝ
පුරාණ කාලයේ ලෝකය දැන සිටි එක් පියාඹන වස්තුවක් වූයේ සින්බෑඩ්ගේ පියාඹන පළසයි.ඉන්දියානුවන් සහ සිංහලයන් රාවණාගේ දඬුමොණරය ගැන දැන සිටියහ.ලොව විවිධ රටවල මෙවැනි පියාඹන යන්ත්‍ර ගැන මිත්‍යා කතා නිර්මාණය වී තිබේ.ඉහත දැක්වෙන්නේ ඇමෙරිකානු කාටූන් චිත්‍ර ශිල්පී හැරි ග්‍රාන්ට් ඩාර්ට් විසින් අඳින ලද ගුවන් යානයකි(1900).
ලොව මුල් ගුවන් යානය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ රයිට් සහෝදරයන්ය.ග්ලයිඩර් නිර්මාණය කල ගුස්ටාව් වයිට් හෙඩ්,ගුවන් යානා ආකෘති නිපදවූ ඇලෙක්ස්සැන්ඩර් මොසඉස්කි සහ ක්ලමෙන්ට් ඇන්ඩ්‍රගේ අදහස් යොදාගෙන ඔවුන් පලමු ගුවන් යානය ගුවන් ගත කරන්නට සමත්වේ.
එම කාලයේ නිපදවූ දැවැන්ත ගුවන් යානයක් වූයේ ඉගෝර් සිකොර්ස්කිගේ ඉල්යා මුරොමිට්ස්(Ilya Murometz) යානයයි.එය ඔහුගේ රස්කි විට්යාස්(Russky Vitaz) ගුවන් යානයේ දියුණුකල සංස්කරණයකි.එන්ජින් හතරක් සහිත මෙම යානය ගුවනේ මෘගයෙක් නොවීය.මන්ද මෙම යානය නිපදවා තිබුණේ සුඛෝපභෝගී මගී ගුවන් යානයක් ලෙසයි.එහි විදුලි ආලෝකය,නිදන කාමරයක් ආදිය අන්තර්ගත විය.
Ilya Murometz
යුද සමයන් දෙක අතරතුර ක්‍රමයෙන් විශාල ගුවන් යානා බිහිවන්නට විය.සංකල්පයක් වූ නෝමන් බෙල් ගේ එයාර්ලයිනර් නම්බර් 4(Airliner Number 4) යනු අතිවිශාල ගුවන් යානයකි.එහි තට්ටු 9කින් යුක්ත හෝටලයක්,බීමහල් සහ තවත් පහසුකම් ඇතුලත් විය.එහි මඟීන් 606කට පහසුවෙන් ගමන් කල හැකිවිය.
Bel Geddes සංකල්පය - නූතන යාන්ත්‍රවිද්‍යාව සඟරාවෙන්.1931
හැන්ඩ්ලි පේජ් එච්.පී.42(Handley Page HP42) යනු බ්‍රිතාන්‍ය ගුවන් යානයකි.1931 දී හඳුන්වා දුන් මෙම යානය දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව භාවිතා කරන ලදි.සිවිල් ගුවන් සේවයේදි මෙම යානා කිසිදු අනතුරකට ලක් නොවීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් දැවැන්තයෙක් වූයේ වරක් පමණක් ගුවන් ගත කල එච්-4 හර්කියුලිස්(H-4 Hercules) යානයි.භාණ්ඩ සහ හමුදා ප්‍රවාහනය සඳහා දෙවන ලෝක යුද සමයේ ගුවන් යානයක අවශ්‍යතාව මත ඇමෙරිකානු රජයේ නියමය මත නිර්මාණය කල මෙය යුද්ධය අවසන් වන තෙක් සම්පුර්ණ කරගන්නට නොහැකිවිය.1947දී මෙහි පලමු සහ අවසන් ගුවන් ගමන දියත් කෙරිණි.නමුත් ඊට ගමන් කල හැකිවූයේ අඩි 70 උසින් සැතපුමක් තරම් දුරක් පමණි.රාත්තල් 150,000ක් ගෙන යා හැකිලෙස මෙය සැලසුම් කර තිබිණි.එනම් සම්පුර්ණයෙන් සන්නද්ධ සෙබලුන් 750ක් හෝ ටොන් 30 එම්4 ෂර්මන් යුද ටැංකි 2ක් ගෙන යාමටය.මෙය එම සමයේ නිපදවූ විශාලතම ගුවන් යානය මෙන්ම මෙතෙක් කලකට නිපදවූ විශාලතම පියාසර කල හැකි යාත්‍රාව ලෙස හැඳිවූවාට වරදක් නැත.තවද ලොව දිගම පියාපත් සහිත යානයද මෙයයි(මීටර් 97.5).එසේම දැවයෙන් තැනූ විශාලතම යානයද මෙයයි.
නාසි ජර්මනියේ දැවැන්තයා හෙවත් මෙසර්ච්මිට් මි 321(Messerschmitt Me 321), 1941 වසරේදී හඳුන්වාදුන් වසර කිහිපයක් නාසි ජර්මනිය වෙනුවෙන් සේවය කල ප්‍රවාහන ගුවන් යානයකි.130 සෙබලුන් මෙහි රැගෙන යා හැකි අතර මෙම යානයේ දියුණුකල සංස්කරණය මෙසර්ච්මිට් 323(Messerschmitt Me 323) නම් වේ.
ඇමෙරිකානු සුපිරි නිෂ්පාදනයක් වන්නේ බී-29 සුපර්පෝටෘස්(B-29 Superfortress) නම් බෝම්බ හෙළන යානයයි.1944දී හඳුන්වා දුන් මෙම යානය දෙවන ලෝක යුද සමයේ ඇමෙරිකානු සලකුණක් බඳුය.1960 දී විශ්‍රාම යවන ලද මෙම දැවැන්තයා ජපානයට පරමාණු බෝම්බ හෙළන්නට මෙන්ම වියට්නාම යුද්ධය සඳහාද යොදාගෙන තිබේ.ඉතා ඉහල උසකට පියාසර කිරීමේ හැකියාවෙන් යුක්ත මෙම යානය අඩි 40,000ක් උසට ගමන් කල පසු ඊට ළඟාවීම පහසු නැත(පැයට සැතපුම් 350ක් වේගයක් ඇත).
එක්සත් ජනපදය බී-52(B-52) යානය හඳුන්වා දෙන්නට පෙර, අතරමඟදී ඉන්ධන පුරවාගැනීමකින් තොරව කි.මී.16,000ක් පමණ දුරක් එක දිගට පියාසර කල හැකි ඕනෑම ආකාරයේ න්‍යෂ්ඨික අවියක් සෝවියට් භූමියට හෙළීමේ සුපිරි හැකියාවක් තිබූ බී-36 "පීස්මේකර්" (B-36 "Peacemaker")යානය නිර්මාණය කරන ලදි.ලොව යුද ගුවන් යානයක් සතුවූ දිගම පියාපත් තිබුණේ බී-36 යානයේය.ඊට උපරිමව අඩි 43,600ක් උසින් පියාසර කල හැකිවිය.1940 දශකයේ අවසන් සමයේ හඳුන්වාදුන් මෙය 1959 වසරේදී විශ්‍රාම ගන්වන ලදි.
බී-29(B-29) යානයේ දියුණු සංස්කරණයක් ලෙස සැලකිය හැකි බී-52 යානය 1955 වසරේදී ඇමෙරිකානු ගුවන් හමුදාවට එක් කරන ලදි.මෙම යානය තවමත් භාවිතයට ගැනේ.මෙයද බෝම්බ හෙළන යානයකි.
අමුතු විකෘති හැඩයක් සහිත මෙම යානය Aero Spacelines Super Guppy නමින් හඳුන්වයි.1965 වසරේදී පලමු ගුවන් ගමන සිදුකල මෙම යානය නාසා ආයතනය භාවිතා කර තිබේ.අනෙකුත් ගුවන් යානා කොටස් හෝ වෙනත් බරින් වැඩි උපකරණ ආදිය ගෙන යාමට මෙය භාවිතා කරයි.
VM-T
මේවන විට ලොව තිබෙන පියාසර කල හැකි විශාලතම ගුවන් යානය වන්නේ රුසියාවේ ඇන්ටනොව් ඇන්-225(Antonov An-225) යානයයි.එන්ජින් 6ක බලයෙන් පියාසර කරන මෙම යානයට රාත්තල් 550,000ක් බරක් රැගෙන යා හැකිය.එනම් ටොන් 275ක් පමණය.1980 දශකයේ අග භාගයේදී මෙය හඳුන්වා දී තිබේ.
Antonov An-225
මඟී ගුවන් යානා අතරින් දැනට තිබෙන විශාලතම යානය එයාර්බස් ඒ-380(Airbus A-380) යි.2007 වසරේදී සිවිල් ගුවන් සේවා සඳහා හඳුන්වාදෙන ලදි.පහත දැක්වෙන්නේ එයාර්බස් ඒ-380 යානය අනෙක් මඟී ගුවන් යානා සමග තැබු විට එහි ප්‍රමාණයයි.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

ගුස්ටාව් වයිට් හෙඩ්
පළමු ලෝක යුද සමයේදී ගුවන් යානා යොදාගෙන සටන් කල අතර සතුරන් මඬින්නට එය කදිම යුද යන්ත්‍රයක් බව මිනිසුන්ට තේරුම් ගියේ එහිදීය.
එම කාලයේ නිපදවූ දැවැන්ත ගුවන් යානයක් වූයේ ඉගෝර් සිකොර්ස්කිගේ ඉල්යා මුරොමිට්ස්(Ilya Murometz) යානයයි.එය ඔහුගේ රස්කි විට්යාස්(Russky Vitaz) ගුවන් යානයේ දියුණුකල සංස්කරණයකි.එන්ජින් හතරක් සහිත මෙම යානය ගුවනේ මෘගයෙක් නොවීය.මන්ද මෙම යානය නිපදවා තිබුණේ සුඛෝපභෝගී මගී ගුවන් යානයක් ලෙසයි.එහි විදුලි ආලෝකය,නිදන කාමරයක් ආදිය අන්තර්ගත විය.
Ilya Murometz
1934 වසරේදී නිර්මාණය කල ටපොලෙව් ඒ එන්ටී -20(Tupolev ANT-20 "Maxim Gorky") යනු තවත් දැවැන්ත සෝවියට් නිපැයුමකි.මෙම යානය එන්ජින් 8කින් යුක්ත විය.
Tupolev ANT-20
සෝවියට් දේශයේ තවත් විස්මිත ගුවන් යානයක් වූයේ කේ-7(Kalinin K-7) යානයයි.මෙය අත්හදා බැලීමේ යානයක් ලෙස 1930 දශකයේ මුල් කාලයේ නිපදවන ලදි.
යුද සමයන් දෙක අතරතුර ක්‍රමයෙන් විශාල ගුවන් යානා බිහිවන්නට විය.සංකල්පයක් වූ නෝමන් බෙල් ගේ එයාර්ලයිනර් නම්බර් 4(Airliner Number 4) යනු අතිවිශාල ගුවන් යානයකි.එහි තට්ටු 9කින් යුක්ත හෝටලයක්,බීමහල් සහ තවත් පහසුකම් ඇතුලත් විය.එහි මඟීන් 606කට පහසුවෙන් ගමන් කල හැකිවිය.
Airliner Number 4
Airliner Number 4 Plan
Bel Geddes සංකල්පය - නූතන යාන්ත්‍රවිද්‍යාව සඟරාවෙන්.1931
හැන්ඩ්ලි පේජ් එච්.පී.42(Handley Page HP42) යනු බ්‍රිතාන්‍ය ගුවන් යානයකි.1931 දී හඳුන්වා දුන් මෙම යානය දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව භාවිතා කරන ලදි.සිවිල් ගුවන් සේවයේදි මෙම යානා කිසිදු අනතුරකට ලක් නොවීය.
Handley Page HP42
බොයින් 307 ස්ටාටොලයිනර්(Boeing Stratoliner) යනු ඇමෙරිකාවේ දැවැන්ත ගුවන් යානයකි.1940දී හඳුන්වා දුන් මෙය සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා යොදාගන්නා ලදි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් දැවැන්තයෙක් වූයේ වරක් පමණක් ගුවන් ගත කල එච්-4 හර්කියුලිස්(H-4 Hercules) යානයි.භාණ්ඩ සහ හමුදා ප්‍රවාහනය සඳහා දෙවන ලෝක යුද සමයේ ගුවන් යානයක අවශ්‍යතාව මත ඇමෙරිකානු රජයේ නියමය මත නිර්මාණය කල මෙය යුද්ධය අවසන් වන තෙක් සම්පුර්ණ කරගන්නට නොහැකිවිය.1947දී මෙහි පලමු සහ අවසන් ගුවන් ගමන දියත් කෙරිණි.නමුත් ඊට ගමන් කල හැකිවූයේ අඩි 70 උසින් සැතපුමක් තරම් දුරක් පමණි.රාත්තල් 150,000ක් ගෙන යා හැකිලෙස මෙය සැලසුම් කර තිබිණි.එනම් සම්පුර්ණයෙන් සන්නද්ධ සෙබලුන් 750ක් හෝ ටොන් 30 එම්4 ෂර්මන් යුද ටැංකි 2ක් ගෙන යාමටය.මෙය එම සමයේ නිපදවූ විශාලතම ගුවන් යානය මෙන්ම මෙතෙක් කලකට නිපදවූ විශාලතම පියාසර කල හැකි යාත්‍රාව ලෙස හැඳිවූවාට වරදක් නැත.තවද ලොව දිගම පියාපත් සහිත යානයද මෙයයි(මීටර් 97.5).එසේම දැවයෙන් තැනූ විශාලතම යානයද මෙයයි.
H-4 Hercules
නාසි ජර්මනියේ දැවැන්තයා හෙවත් මෙසර්ච්මිට් මි 321(Messerschmitt Me 321), 1941 වසරේදී හඳුන්වාදුන් වසර කිහිපයක් නාසි ජර්මනිය වෙනුවෙන් සේවය කල ප්‍රවාහන ගුවන් යානයකි.130 සෙබලුන් මෙහි රැගෙන යා හැකි අතර මෙම යානයේ දියුණුකල සංස්කරණය මෙසර්ච්මිට් 323(Messerschmitt Me 323) නම් වේ.
Messerschmitt Me 321
ඇමෙරිකානු සුපිරි නිෂ්පාදනයක් වන්නේ බී-29 සුපර්පෝටෘස්(B-29 Superfortress) නම් බෝම්බ හෙළන යානයයි.1944දී හඳුන්වා දුන් මෙම යානය දෙවන ලෝක යුද සමයේ ඇමෙරිකානු සලකුණක් බඳුය.1960 දී විශ්‍රාම යවන ලද මෙම දැවැන්තයා ජපානයට පරමාණු බෝම්බ හෙළන්නට මෙන්ම වියට්නාම යුද්ධය සඳහාද යොදාගෙන තිබේ.ඉතා ඉහල උසකට පියාසර කිරීමේ හැකියාවෙන් යුක්ත මෙම යානය අඩි 40,000ක් උසට ගමන් කල පසු ඊට ළඟාවීම පහසු නැත(පැයට සැතපුම් 350ක් වේගයක් ඇත).
B-29 Superfortress
එක්සත් ජනපදය බී-52(B-52) යානය හඳුන්වා දෙන්නට පෙර, අතරමඟදී ඉන්ධන පුරවාගැනීමකින් තොරව කි.මී.16,000ක් පමණ දුරක් එක දිගට පියාසර කල හැකි ඕනෑම ආකාරයේ න්‍යෂ්ඨික අවියක් සෝවියට් භූමියට හෙළීමේ සුපිරි හැකියාවක් තිබූ බී-36 "පීස්මේකර්" (B-36 "Peacemaker")යානය නිර්මාණය කරන ලදි.ලොව යුද ගුවන් යානයක් සතුවූ දිගම පියාපත් තිබුණේ බී-36 යානයේය.ඊට උපරිමව අඩි 43,600ක් උසින් පියාසර කල හැකිවිය.1940 දශකයේ අවසන් සමයේ හඳුන්වාදුන් මෙය 1959 වසරේදී විශ්‍රාම ගන්වන ලදි.
B-36 "Peacemaker"
බී-29(B-29) යානයේ දියුණු සංස්කරණයක් ලෙස සැලකිය හැකි බී-52 යානය 1955 වසරේදී ඇමෙරිකානු ගුවන් හමුදාවට එක් කරන ලදි.මෙම යානය තවමත් භාවිතයට ගැනේ.මෙයද බෝම්බ හෙළන යානයකි.
B-29
අමුතු විකෘති හැඩයක් සහිත මෙම යානය Aero Spacelines Super Guppy නමින් හඳුන්වයි.1965 වසරේදී පලමු ගුවන් ගමන සිදුකල මෙම යානය නාසා ආයතනය භාවිතා කර තිබේ.අනෙකුත් ගුවන් යානා කොටස් හෝ වෙනත් බරින් වැඩි උපකරණ ආදිය ගෙන යාමට මෙය භාවිතා කරයි.
Aero Spacelines Super Guppy
එයාර්බස් ඒ300-600එස්ටී(Airbus A300-600ST) හෙවත් බෙලුගා නම් මෙම යානය තල්මසෙකුගේ ස්වරූපය ගනියි.මෙය භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගැනේ.
Airbus A300-600ST
සෝවියට් දේශයේ බූරාන් ෂටලය සහ මව් රොකට්ටුව ගෙන යාමට යොදාගත් මෙම යානය වීඑම්-ටී ඇට්ලන්ට්(VM-T "Atlant") නම් වේ.1982 දී හඳුන්වා දුන් මෙය 1989දී සේවයෙන් ඉවත් කර තිබේ.
VM-T
න්‍යෂ්ඨික බලැති ගුවන් යානා ගෙන යන යානයක් වන මෙය සංකල්පයක් පමණි.මෙය ගොඩ බැස්සවිය හැක්කේ ජලය මතටයි.මෙය 1970 දශකයේදී ලොක් හීඩ් සමාගම ඉදිරිපත් කල සංකල්පයකි.
වර්තාමනයේ භාවිතා කරන විශාලතම ගුවන් යානා
සී-5 ගැලක්සි(C-5) යනු එය හඳුන්වා දුන් 1960 දශකයේ අග භාගයේ ලොව තිබු විශාලතම ගුවන් යානයයි.වර්තමානයේදී හමුදාමය ගුවන් යානා අතරින් විශාලතමයාද එයයි.
C-5
මේවන විට ලොව තිබෙන පියාසර කල හැකි විශාලතම ගුවන් යානය වන්නේ රුසියාවේ ඇන්ටනොව් ඇන්-225(Antonov An-225) යානයයි.එන්ජින් 6ක බලයෙන් පියාසර කරන මෙම යානයට රාත්තල් 550,000ක් බරක් රැගෙන යා හැකිය.එනම් ටොන් 275ක් පමණය.1980 දශකයේ අග භාගයේදී මෙය හඳුන්වා දී තිබේ.
Antonov An-225
මඟී ගුවන් යානා අතරින් දැනට තිබෙන විශාලතම යානය එයාර්බස් ඒ-380(Airbus A-380) යි.2007 වසරේදී සිවිල් ගුවන් සේවා සඳහා හඳුන්වාදෙන ලදි.පහත දැක්වෙන්නේ එයාර්බස් ඒ-380 යානය අනෙක් මඟී ගුවන් යානා සමග තැබු විට එහි ප්‍රමාණයයි.
Airbus A-380
Hughes H-4,Boeing 747-400,Airbus A380-800,An-225 ගුවන් යානාවල සංසන්දනයක්
දෙවන කොටසින් හමුවෙමු.
දෙවන කොටස
දෙවන කොටසින් හමුවෙමු.
දෙවන කොටස
Source:Darkroastedblend.com
-HarshaLulzSec-
Last edited:

අරමුණක් නැතිව ඉබාගාතේ යන එකෙක්.