ගුවනේ මීළඟ විප්ලවය - හයිපර් සොනික්.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ගුවනේ මීළඟ විප්ලවය - හයිපර් සොනික්.

    hypersonic+jet.jpg


    aurora.jpg

    ශබ්දයේ වේගය අභිබවා පියාසරන සුපර් සොනික් ජෙට් යානා ලොව දැනට පවතින වේගවත්ම මගී ගුවන් යානා ලෙස සැලකෙනවා. සුපර් සොනික් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයකින් මගීන් රැගෙන ගියද, එය ඉදිරි අනාගතයේදී ප‍්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි. මේ නිසා ගුවනේ මීළඟ විප්ලවය ලෙස ඔවුන් සැලසුම් කර ඇත්තේ සුපර් සොනික් යානාවල වේගය මෙන් දෙගුණයක වේගය සහිත හයිපර් සොනික් ජෙට් යානාවයි. යූරෝපීය ගුවන් තාක්ෂණ ආයතනය මගින් සැලසුම් කර ඇති මෙම හයිපර් සොනික් යානාවේ වේගය පැයට සැතපුම් 3125 ඉක්මවනු ඇති. මගීන් සිය දෙනෙකු රැුගෙන පැරීසියේ සිට ටෝකියෝ බලා ගමන් කිරීමට ඊට ගතවනු ඇත්තේ පැය දෙකහමාරකට අඩු කාලයක්. අනාගත මගී ගුවන් යානය ලෙස සැලකිය හැකි හයිපර් සොනික් යානය මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර, ඊට ඉන්ධන ලෙස යොදාගනු ඇත්තේ ජීව ඉන්ධන, හයිඩ‍්‍රජන් සහ ජලයයි.

    මේක බලලා COMMENT පාරක් දාලා යන්න.


     
    Last edited:
    වෙගය කෙසෙ වෙත්ත්
    හයිපර් සොනික් යානය මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර, ඊට ඉන්ධන ලෙස යොදාගනු ඇත්තේ ජීව ඉන්ධන, හයිඩ‍්‍රජන් සහ ජලයයි

    මෙක නම් නියමයි
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සුපර් සොනික් එකක්වත් හරියට දැකලා නෑනේ. මේක කවදා දැකගන්න පුලුවන් වේවිද? :(
    ලෝකේ කොච්චර ඉදිරියට ගියත් අපි එකතැනමයි කියලා හිතෙනවා වෙලාවකට
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඒවගෙ යන්න අපිටත් පින් ඇති වෙයිද මන්දා..?