ගූගල් වොලට් සේවාව

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ගූගල් වොලට් සේවාව

ගූගල් වොලට් සේවාව ලගදීම හදුන්වාදෙයි : PayPal යුද්ධයට සූදානම් වෙයි ද?

අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙක් ගූගල් සමාගම කියන්නේ මොන වගේ සමාගමක්ද කියලා දන්නවනේ. මේ සමාගම අළුත්ම සේවාවක් ලෝකයට හදුන්වා දෙන්න මේ ටිකේ සූදානම් වෙනවා.ඔයාලා අහලා ඇතිනේ Pay Pal ගැන. Pay Pal කියන්නේ අන්තර්ජාලය ඔස්සේ වඩා ආරක්ෂාකාරී සහ විධිමත් ලෙස මුදල් ගනුදෙනු කරන්න පුළුවන් පහසු ගෙවීම් පද්ධතියක්. හැබැයි ඉතින් මෙයාලට බඩේ පාර වදින්න තමා යන්නේ. මොකද ගූගල් සමාගම හදුන්වා දෙන්න යන්නේ මෙවැනි සේවා පද්ධතියක්. එහෙනම් දැන් අපි ඒ ගැන කතා කරමුකෝ.

මෙම සේවාවට ගූගල් වොලට් (Google Wallet) කියලා තමයි නම දාලා තියෙන්නේ. මෙම සේවාව ජංගම ගෙවීම් පද්ධතියක් (Mobile Payment System) මුල් කරගත්තු සේවාවක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ සේවාව භාවිතා කරලා බඩුවක් මිලදී ගන්නවා වගේ අන්තර්ජාල ආශ්‍රිත ගනුදෙනු පහසුවෙන් හා වේගයෙන් කරගන්න. ඔයාලා Pay Pal පාවිච්චි කරලා තියෙනවනම් මේ ගැන දන්නවා ඇතිනේ. මෙය ඇන්ඩ්ඩ්‍රොයිඩ් (Android) ඇප්ලිකේශන් (Application) එකක්ය. මෙය සියළුම ෆැලට්ෆෝම් (Platform) සමග භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයකි. මේ වන විටත් ගූගල් සමාගම මෙම සේවාව පුළුල් කිරීම සදහා විවිධ ලෝක ප්‍රසිද්ධ සමාගම් සමග ගිවිසුම් අත්සන් කර ඇත. මාස්ටර් කාඩ්(Master Card), සිටි (Citi), ස්ප්‍රින්ට් (Sprint), ෆස්ට් ඩේටා (First Data) වැනි සමාගම් ගූගල් සමාගම සමග දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇත. තව ද මොවුන් සමග එක් වී තම පාරිභෝගියන්ට විවිධ දීමනා (Discounts, Promotions, Loyalty Rewards) ලබා දීමටද ගූගල් වොලට් සූදානම්ව සිටින බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් Pay Pal සමාගමට නම් දුක හිතෙන දේවල් තමයි. ගූගල් වොලට් Pay Pal සමාගමට එල්ල කරන්නේ ලොකුම ලොකු අභියෝගයක්. මෙයාලත් තමන්ගේ පාරිභෝගිකයන්ට මොනා හරි දීමනාවක් දෙන්න දැන් ඉදන්ම සූදානම් වෙනවා ඇති. අපිට පුළුවන් දැන් මේ දෙගොල්ලෝ අතර සීතල යුද්ධයක් බලාගන්න. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
 
Last edited:
  • Like
Reactions: dumasrc

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙකන් නම් google නාගිනිවි,අර justanswer එකට ගෙමක් දෙන්න google answers දැම්මා . අන්තිමට ඇදගෙන නැවා. google buzz එකත් එහෙමයි.