ගූ කන්දකට(රාජපක්ෂ ආන්ඩුවට)මඩ ගැසීම

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගූ කන්දකට(රාජපක්ෂ ආන්ඩුවට)මඩ ගැසීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් තමාටත් ත පවුලේ අයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව පවසයි. ‘කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිලිගත් ක්‍රියාමාර්ග ඇත. නමුත් මෙතන සිදුවන්නේ ජනමාධ්‍ය හරහා ද්වේශ සහගත මඩගැසීමක් බව කිව යුතුය’ මහින්දගේ ඉහත ප්‍රකාශය කියවූ මිනිසුන්ට සිනාව නවතා ගැනීමට නොහැකි වනු ඇත. එසේ නොවන්නේ නම් ඒ ඔවුන් පාලන කාලයේ බිහිකළ වන්දිභට්ට මානසික මට්ටමට යටවූ මිනිසුන් විය යුතුයි.

මහින්දට දැන් මතක් වී ඇති මේ විෂමාචාරයනට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ඔහු බලයේ සිටින තාක් ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට මෙන්ම ඔහුගේ අනුගාමික කල්ලියට තිබූ බවක් අප නම් අසා හෝ දැක නොමැත. සෑම කරුණකදීම සත්‍ය යටකරමින් බොරුව ස්මතු කරමින් මහින්දලා හැසිරුණු ආකාරය ඔහුට අමතක නම් එක්කෝ ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුය. එසේ නැතිනම් ඔහු පට්ට හොරෙකු විය යුතුය. නමුත් ඔහුගේ ක්‍රියාකළාපවලින් පෙන්නුම් කරන්නේ ඔහු තව තවත් බොරුව සහ වංචාවේම ගැලී සිටින බවකි. අඩුම තරමේ ජනාධිපතිවරණයේදී ජනතාව දී ඇති පිලිතුරෙන් ඉගන ගන්නට හෝ තමන් කළ වැරදි වටහා ගන්නට සූදානම් බවකට ඉඟියක්වත් ඔහුගේ මේ ප්‍රකාශයන් තුලින් පෙන්නුම් නොකරයි. ඒ ඔහු ඒ තරමටම වංචාකාරී පහත් මිනිසෙකු බැවිනි. අඩුම තරමේ වැරදි සිදුවූවාය යන්න පැවසීමටවත් ඔහු නිහතමානී බවක් නැති පහත් මිනිසෙකි. ඔහුගේ අනුගාමික මැරයෙකු වූ මර්වින් සිල්වා පවා තමාගේ වැරදි ගැන පාපොච්චාරණයකට (එය ඔහු ඇත්තටම හෝ තම ආරක්ෂාවට කළා වුවත්) යාමට තරම් ආත්ම ශක්තියක් ඇත්තෙකු වන විටත් මහින්දට එවැනි තරම්වත් ආත්ම ශක්තියක් ඇති බවක් නොපෙන්වයි.

ඉතිං මහින්ද මේ කියන වැරදි පිළිබඳව ඔවුන්ට ගසන අවලාද, මඩ ඔහුට සහ ඔහුගේ පවුලට කරන නිගාවන් ගැන අප මොහොතක් විමසා බලමු. ඔහුගේ පාලන කාලයේ සිදුවූ සියලු අක්‍රමිකතා, අකටයුතු සහ නීති විරෝධී ක්‍රියාවන් මෙහි ගෙනහැර පෑමට නොහැකි වුවත් අඩුම තරමේ ලංකාවේ ප්‍රසිද්ධ උදාහරණ දෙක තුනක් මෙහි ගෙනහැර පාමි. ඒ මහින්දට නැවත ඔහුගේ සිහි කැඳවීමේ අරමුණකින් නම් නොවේ. මගේ එකම අරමුණ මහින්දලාගේ බත් බැලයන් බවට පත්කර ඇති කණ්ඩායමේ අඬ වැඩියාවට පිලිතුරක් මෙතුලින් ලබාදී ඔවුනට ඒවා මතක් කර දීමටයි.

2010 ජනාධිපතිවරණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාට දින කීයක් ජනාධිපතිවරණයෙන් පසු නිදහසේ ඉන්නට ඉඩ හැරියාද? ලක්ෂ 42 ක් ජනතා ඡන්දය ලැබූ ෆොන්සේකාව සතෙකු මෙන් කුදලාගෙන ගොස් සිරගෙයි ලෑ හැටි මොවුනට අමතකද?. ෆොන්සේකාගේ ජෙනරල් කම පමණක් නොව ඔහු සතුව තිබූ විශ්‍රාමික පඩිය පවා ඔහුට අහිමි කරනු ලැබීය. ඔහුගේ දේශපාලන සහකරුවන් සිරගත කරනු ලැබූ අතර පවුලේ අයද දඩයම් කිරීම අරඹනු ලැබීය. මේ සියල්ල කරනු ලැබුවේ අමු අමුවේ නීතිය උල්ලංඝනය කරමින් රාජ්‍ය බලය අපයෝජනය කරමිනි. සියළුම රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පුද්ගලික මාධ්‍යවල පවා ඔහුගේ බලු ගැති මාධ්‍යවේදීන් ලව්වා මඩ බාල්දි පිටින් හලනු ලැබූ හැටි රටේ සිටින මොලය කොලොප්පන් වී නැති ජනයාට අමතක වී නොමැත. මහින්දට එරෙහිව තරඟ කිරීමේ වරදට ෆොන්සේකාගෙන් පමණක් නොව ඔහුගේ සනුහරයෙන්ම පලිගත් අයුරු ලොවටම දැකගත හැකි විය.

18 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමේදී මහින්දට එරෙහිව පෝස්ටරයක් මුද්‍රණය කළ වරදට එම මුද්‍රණාලය හිමි ජයම්පති බුලත්සිංහල අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ තැන ඔහුගේ බිරිඳ සහ ඇගේ සොයුරන් අත්අඩංගුවට ගන්නේ එම පෝස්ටරය මුද්‍රණය කිරීමට භාරදීමේ වගකීම මංගල සමරවීර විසින් භාරගනු ලැබ තිබිද්දීය. මේවා පලිගැනීම් නොවෙන්නේ නම් මේවාට කුමක් කියන්නද? මේ අයුරින් පසුගිය කාලසීමාවේ කොපමණ නම් තවත් සිදුවීම් සිදුවී ඇත්ද? මෙවැනි පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් ප්‍රමාණය කොපමණද?

තවත් ප්‍රසිද්ධ සිද්ධියක් වන්නේ අග්‍රවිනිශ්චයකාරවරිය නෙරපූ නීච ආරයයි. විමල් වීරවංශලා වැනි මැට්ටන් ලව්වා නඩු අස්සවා, ලංකාවේ නීති ක්‍රමයටම අපහාස කරනු ලැබුවේ මහින්දලා රටක නීතිය නැති භංග කිරීමේ අරමුණු පෙරදැරිකරගෙන නොවේද? ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමි පුරුෂයාගෙන් පමණක් නොව ඇගේ හිතවතුන්ගෙන්ද පලිගත් අයුරු රටට රහස් නොවීය. එපමණක් නොව උසාවියට ලඟට ඇයගේ සහායට එන හිතවතුන්ට කුඩු දුමින්දලාගේ මැරයින් ලව්වා පහර දුන් හැටි රාජ්‍ය මාධ්‍ය ලව්වා පුන පුනා රටටම පෙන්නූ හැටි කොතරම් පහත්ද? නින්දිතද? එදා ඒ මැරයන් ඇගේ හිතවතුන්ට එළව එළවා පහර දෙන හැටි පෙන්නූ දර්ශන අදටත් අපේ නම් මතකයෙන් මැකී නොමැත.

එපමණක්ද? අග්‍රවිනිශ්චයකාරවරිය නීති විරෝධී කැලෑ නඩුවකින් ඉවත්කර එතැනට පත් කරන්නේ බොරු සාක්ෂිකරුවෙකු වන මොහාන් පීරිස්වයි. සාමාන්‍ය නීතිය යටතේ බොරු සාක්ෂි දීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඒත් මේ මහින්දලාගේ වන්දිභට්ට මොහාන් පීරිස් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රගීත් එක්ණැලිගොඩ වෙන රටක ජීවත් වන බවට එතුලින් හිතා මතාම ලෝකය නොමග යැවීමට බොරු සාක්ෂි දෙනු ලබයි. මේ බොරු සාක්කිකරුවාට මහින්ද තෑගි ලෙස දෙන්නේ අග්‍රවිනිශ්චයකාර කමයි. බොරු සාක්කිකරුවෙකු අග්‍රවිනිශ්චයකාරවරයෙකු බවට පත්කිරීම රටකට එහි නීතියට පමණක් නොව එහි ජීවත්වන මිනිසුන්ටද අපහාස කරන පහත් නීච ක්‍රියාවකි.

මහින්දලාගේ කල්ලිය තම පාලන සමයේ මැර කල්ලි තම විරුද්ධවාදීන් මැඩලීමට සහ ඝාතනයට යොදා ගත් බව ප්‍රසිද්ධ රහස්ය. ( දැන් ඒවා එකින් එක එළිවෙමින් පවතී). කුඩු කාරයින්ටත් පොලිස් ආරක්ෂාව දුන් මහින්ද රටේ පුරවැසියන් සුදු වෑන්වලින් පැහැරගෙන යෑමට සැලැස්වීය. මෙම මැරයින් පසුව වෙනත් වරදකට අත්අඩංගුවට ගන්නා මහින්දලා ආයුධ පෙන්වීමට ගොස් පැන යාමට තැත්කලා යන නියාවෙන් ඔවුන් මරා දමනු ලැබීය. එතුලින් ඔවුන් කරුණු 2 ක් ඉටුකර ගනී. පලමුවෙන් තමන් තම විරුද්ධවාදීන් විනාශ කිරීමට යොදා ගත් මිනිස් සාක්ෂි විනාශ කර දමනු ලබයි. දෙවනුව පහත් රසයක් ඇති ඔවුන්ගේ වන්දිභට්ට ජනයාට සමාජ විරෝධී අපරාධකරුවන් විනාශ කරන බව පෙන්වමින් ඔවුන්ගේ පහත් රසය වඩවමින් නීතිය වෙනුවට අවනීතිය ජනමනසට එන්නත් කරති. (නීතිය ඉවත්කළ තැන ඉතිරි වන්නේ බිය සහ අත්තනෝමතිකත්වය පමනි).

ඒවාගේම මෙහි ඇති කාලකණ්නිම තත්වය සිදුවන්නේ වැලිකඩ බන්ධනාගාරය තුල හිරකරුවන් ඝාතනයයි. ( මේ පිළිබඳව සවිස්තරාත්මකව W3 Lanka හි අජිත් පැරකුම් ජයසිංහ ලියා ඇත)

රාජ්‍ය දේපල තම පවුලේ උවමනාවන් සඳහා යොදා නොගත් බවක් මහින්ද පවසයි. තම දරුවන්ට ලැම්බෝගිනි තිබූ බවක් ඔහු නොදන්නා බව පවසයි. නමුත් පසුගිය කාලයේ කොළඹ නගරය මැද මහින්ද පුතුන් කාර් රේස් පැද්ද අයුරු නොදන්නේ කවුද? ඒවාගේම තම පුතුන් අස්සයින් පිට යන බව මහින්දම ප්‍රසිද්ධ රැස්වීමක පැවසූ අයුරු ප්‍රසිද්ධය.

මහින්දලාට මඩ ගසනවාය කියා ඔහු මේ පවසන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම, මෙම වැරදි පිළිබඳ හෙලිදරව් කර ඒවා නීතිය ඉදිරියට ගෙන ඒම බව පැහැදිලිය. වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනඒම කිසිසේත්ම මඩ ගැසීමක් නොවන අතර එයට හාත්පසින්ම විරුද්ධ දෙයකි. මහින්දලා විසින් වලපල්ලට දමා තිබූ නීතිය නැවත ස්ථාපිත කර නීතිය මත පාලනයක් රටතුල නැවත ඇති කිරීමට උත්සාහ කිරීම මහින්දලාට පෙනෙන්නේ මඩ ගැසීමක් ලෙසිනි. මහින්දලාගේ ප්‍රධාන සතුරා නීතිය මත පාලනය බව අපි දනිමු. නමුත් යම්කිසි භූමි ප්‍රදේශයක් රටක් බවට පත්වන්නේ එම භූමි ප්‍රදේශය තුල නීතිය මත පාලනයක් ඇත්නම් පමනි. නීතිඥයන් යැයි කියා ගන්නා මහින්දත් මහින්දගේ පුතාත් මෙය නොදන්නාකමට අප කුමක් කරමුද?. නමුත් ‘ නීතිය යනු තමන් යැයි’ මහින්ද සහ කල්ලිය වටහා ගෙන තිබූ ආකාරයයි.

අවසානයේ කීමට ඇත්තේ මහින්දලා කියන අයුරින් මඩ ගැසීමක් කරනවානම් එය මහින්දට නරක නැති බවයි. ඒ තරමට මහින්දලා කර ඇති සියල්ල මඩවලින් වැසිය නොහැකි අසූචි කන්දරාවකි. මෙම අසූචි පල්වී මුළු රටම දුගදින් යටකර එය ජාත්‍යන්තරයටද හමා යන තත්වයට පත්වූ දුගදකි. එනිසා මහින්දලාගේ අසූචි ගොඩට මඩ ගසන්නේ නම් විය හැක්කේ ගද අඩුවීම පමනි.

‘සත්‍ය කවදා හෝ ජයගන්නා බව මාගේ විශ්වාසයයි’ යනුවෙන් මහින්ද පවසයි. නමුත් මහින්දට නොවැටහෙන දෙය වන්නේ සත්‍ය දැනටමත් ජය ගනිමින් පවතින බවයි. ‘මට යන්න කොළඹ ගෙයක්වත් නෑ’ ඒ අතරම ඔහු පවසයි. අපට කීමට ඇත්තේ ඔහුට යන්නට කොළඹ ගෙයක් ඇත. රට තුල නීතිය ක්‍රියාත්මකවීම ඇරඹුන දාට එය ඔහුට ලැබෙනු ඇත.
 
  • Like
Reactions: maxboysl

Pol_Donkey

Member
Jan 29, 2015
39
3
0
ඒ උනාට සමහරු කියන්නේ රාජපක්ෂලගේ ගූත් සුවදයි කියලා. හා නැද්ද හොදයි? රාජපක්ෂලට නං යන පඩේත් මාර සුවදක්ලු තියෙන්නේ.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගූඩ් පොස්ට් මව්චං. මේකත් ඉන්නව අජිත් පැරකුම් jvp එකට ගහලා ලියනකම් බලන් ඉන්න එකෙක්. හැබැයි අජිත් පැරකුම් මහින්දට ගහන ඒවා උට පෙන්නේ නැහැ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්ද රාජපක්ෂලා ඔවුන්ගේ නමින් කෝටි ගනනක බැංකු ගිනුම් ලංකාවේ තියාගෙන නොසිටන බව අපි දනිමු
    රාජපක්ෂලා ඔවුන්ගේ නමින් වටිනා සින්නක්කර ඉඩකඩම් නිවාස තියාගෙන නොසිටන බවද දනිමු
    රාජපක්ෂලාගේ නමින් රෙජිස්ටර් වුන ලැම්බෝගිනි සහ වටිනා වාහන තියාගෙන නොසිටන බද අප දනිමු.
    රාජපක්ෂලාගේ ගෙවල් වල රත්තරන් ටොන් ගනන් තියාගෙන නොසිටන බවද අපි දනිමු
    රාජපක්ෂලාගේ නිවාස තුල බිලියන ගනන් තබාගෙන නොසිටන බවද අපි දනිමු
    රාජපක්ෂලාගේ නමින් ලංකාවේ සමාගම් කොටස් හෝ සමාගම් නැති බවද අපි දනිමු
    මේවා තිබුනේ නෑ කියල ඔවුන් හොරකම් කලේ නෑ කියලා කියන්න පුලුවන්ද?
    ඔවුන් හොරු නෙවෙයි කියලා කියන්න පුලුවන්ද?
     
    Last edited:

    Pol_Donkey

    Member
    Jan 29, 2015
    39
    3
    0
    ගූඩ් පොස්ට් මව්චං. මේකත් ඉන්නව අජිත් පැරකුම් jvp එකට ගහලා ලියනකම් බලන් ඉන්න එකෙක්. හැබැයි අජිත් පැරකුම් මහින්දට ගහන ඒවා උට පෙන්නේ නැහැ

    අජිත් පැරකුම් කියන්නේ ඒ කාලේ මිනිමරපු,මංකොල්ලකෑම් කරපු මිනිහෙක් තමයි., දැන් ඔය ගුරු පත්වීමක් අරං ඉන්නෙත් අනික් සගයෝ පාවලා දීලා තමයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    934748_772660599468766_8419600163496731839_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද රාජපක්ෂලා ඔවුන්ගේ නමින් කෝටි ගනනක බැංකු ගිනුම් ලංකාවේ තියාගෙන නොසිටන බව අපි දනිමු
    රාජපක්ෂලා ඔවුන්ගේ නමින් වටිනා සින්නක්කර ඉඩකඩම් නිවාස තියාගෙන නොසිටන බවද දනිමු
    රාජපක්ෂලාගේ නමින් රෙජිස්ටර් වුන ලැම්බෝගිනි සහ වටිනා වාහන තියාගෙන නොසිටන බද අප දනිමු.
    රාජපක්ෂලාගේ ගෙවල් වල රත්තරන් ටොන් ගනන් තියාගෙන නොසිටන බවද අපි දනිමු
    රාජපක්ෂලාගේ නිවාස තුල බිලියන ගනන් තබාගෙන නොසිටන බවද අපි දනිමු
    රාජපක්ෂලාගේ නමින් ලංකාවේ සමාගම් කොටස් හෝ සමාගම් නැති බවද අපි දනිමු
    මේවා තිබුනේ නෑ කියල ඔවුන් හොරකම් කලේ නෑ කියලා කියන්න පුලුවන්ද?
    ඔවුන් හොරු නෙවෙයි කියලා කියන්න පුලුවන්ද?

    ඔව් මචං හොර ගෙදර බදු තියන් ඉන්නෙත් නැහැ. ඔන්න ඕකයි සන් එක බයියොත් දන්නවා ඇත්ත මොනක්කද කියලා. එත් වාසියට කටවහන් ඉන්නව. මාටු වෙන්න් කොහිම්ත් දෙන්නේ නැහැ. අනික මචං ඔප්පු කරන්න බැහැ හැමදේම. මිනිස් මොලයට වැටහෙන බුද්දිය තියෙන්නේ ඕනි. ඕකයි ඇත්ත. ඉතිහාසය තුල ඔප්පු කරන්න වාරි වෙච්ච වැරදි ගොඩක් තියනවා. එත් ඒවා කවුද කලේ කියන එක මිනිසුන්ට වැටහෙනවා. ඒ වැටහුනා උන් කුහකයෝ වගේ ප්‍රත්‍ය ඉල්ලනකොට තමයි කලකිරෙන්නේ

    උව දබ පොස්ට් හොදයි. එත් උබ කිබුලට බනිනකොට තමයි උබේ අම්ම අප්පා මතක් කරන්න හිතෙන්නේ