ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ - හීන් බෝ&#352

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ - හීන් බෝ&#352

    ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌



    kanda135.jpg

    අද නිවෙස්‌වල උදැසනට කැඳ පානය නොකරන තත්ත්වයක්‌ ඇත. නූතනයේ කාන්තාව කැඳ සෑදීමට ගන්නා ශාක වර්ග පිළිබඳ දැන සිටින්නේ දැයි සිතා බැලීමේදී එයට බොහෝ තැනෙකදී නැත යන පිළිතුර ලැබෙන්නේය.

    අපේ පුරාතන නිවෙස්‌වල ගෘහණිය උදැසන කැඳ කෝප්පයට මුල්තැනක්‌ දුන්නාය. ඒ නිසාම බොහෝ ලෙඩ රෝගවලින් වැළකීමට එය පිටිවහලක්‌ කර ගත්තාය. කැඳ සෑදීමට ඇය නොයෙක්‌ වර්ගයේ කොළ වර්ග උපයෝගී කර ගත් අතර හීන් බෝවිටියා ඒ අතුරින් ප්‍රධාන තැනක්‌ හිමි කර ගත් බව පෙනේ.

    හීන් බෝවිටියා සහ මහ බෝවිටියා යනුවෙන් මෙම ශාකය කොටස්‌ 2 කට බෙදේ. හීන් බෝවිටියා ශාකය පොළොවේ සිට අඩි 1 1/2 - 2 අතර උසට වැඩෙන අතර ඉතාමත්ම දැකුම්කලු රෝස පාටට හුරු දම් පැහැයකින් යුත් මලක්‌ හටගන්නා අතර මෙම ශාකය ශ්‍රී ලංකාවේ හැම පෙදෙසකම වැවේ. විශේෂයෙන්ම ජලාශ්‍රිත හා සෙවණේ වැඩීමට ප්‍රියතාවක්‌ දක්‌වයි.

    මෙම ශාකය ප්‍රධාන කොටම අක්‌මාවේ හටගන්නා රෝගවලට ප්‍රාතිහාර්යයක්‌ ලෙස භාවිත කරන අතර සෙංගමාලය, කහඋණ වැනි රෝග කිසිම ඖෂධයකින් තොරව මෙම හීන් බෝවිටියා කැඳ භාවිතයෙන් පමණක්‌ සුව කර ගත හැකි බව ඇසූ විට ඔබ පුදුමයට පත්වනවා ඇත. මෙයට අමතරව දියවැඩියා රෝගීන්ට අග්න්‍යාශයෙන් නිපද වන ඉන්සියුලින් නමැති හෝර්මෝන ඌන වූ විට දියවැඩියා රෝaගය උත්සන්න වී ඇති බව පරීක්‌ෂා කොට තහවුරු කරයි. අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්ස්‌ දීපිකාවල ඇති සෛල නොහොත් බීටා සෛල වර්ධනය කිරීම මෙම ශාකය මගින් සිදු වේ. තවද මෙම ශාකය දියවැඩියා රෝගීන්ට කැඳ වශයෙන් හා තවත් ශාක කොටස්‌ සමඟ එක්‌ කර සාදා ගන්නා ඖෂධවලින් රෝගයට ප්‍රතිකාර කරයි. හීන් බෝවිටියා ශාකය මගින් දියවැඩියාව, සෙංගමාල වැනි රෝග නිට්‌ටාවට සුව කර ගැනීමේ මහා බල ශක්‌තියක්‌ මෙම කුඩා ශාකයට ඇති බව ලෝකයේ රෝග පිළිබඳ පරීක්‌ෂණ පවත්වන විද්‍යාඥයින් විසින් සනාථ කොට තහවුරු කොට ඇත.

    තවද රුධිරයේ ඇති රතු රුධිරාණු හෝ සුදු රුධිරාණු ඌනතාවට විශේෂයෙන් ඩෙංගු රෝගීන්ට, පිළිකා රෝගීන්ට මොනරකුඩුම්බිය සමඟ මිශ්‍ර කර කැඳ පානය කිරීමට හෝ නැති නම් සම්බෝලයක්‌, මැල්ලුමක්‌ හෝ වෑංජනයක්‌ ලෙස පිළියෙල කරදීමෙන් මෙය ඉතාමත්ම ශක්‌තිජනක රුධිරය වර්ධනය වන ඖෂධයක්‌ ලෙස දැනටමත් සියලු දෙනා භාවිත කරන බව තහවුරුය. පිළිකා රෝගීන්ට පිළිකා රෝහලේ පවා මෙම කැඳ දීම නිර්දේශ කරන බව අප අසා ඇත.

    හීන් බෝවිටියා වෑංජනයක්‌ සාදා ගැනීමට රතු ලූනු ගෙඩි කිහිපයක්‌ සිහින්ව කපා උම්බලකඩ කුඩුවලට මිටි කිරි යොදා හීන්බෝවිටියා කොළ එක්‌ කර ඉතාමත්ව සරලව වෑංජනයක්‌ පිළියෙල කරගත හැක. මෙම වෑංජනය රෝගීන්ට පමණක්‌ නොව නිරෝගි අපටද භාවිතය ඉතාමත්ම ගුණදායකය. කෙසේ වෙතත් දියවැඩියාව වැළඳීමට හැකියාව ඇති සියලු දෙනාටම මෙය භාවිත කිරීම දියවැඩියා වැළඳීම වළක්‌වයි.

    දැන් මෙම ශාකය සියලුම සුපිරි වෙළෙඳසැල්වල විකිණීමට ඇති අතර මෙය ඉතාම සීග්‍රයෙන් අලෙවි වන බව දැනගැනීමට තිබේ.

    ඕනෑම කැඳ වර්ගයක්‌, මැල්ලුමක්‌, කොළ මිශ්‍ර වෑංජනයක්‌ පිළියෙල කර ගැනීමේදී හීන්බෝවිටියා ස්‌වල්පයක්‌ද එකතු කිරීමෙන් ඉහත ප්‍රතිඵල ලබා ගත හැක.

    මෙම ශාකය නාගරික ප්‍රදේශවල පවා වැඩෙන අතර ඔබ මෙම ශාකය හඳුනා ගත්තේ නම් ඔබගේ ගෙවත්තේද වැවී ඇති බව ඔබට දැක ගත හැකිය.

    කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි මහලු අය දක්‌වා මෙය එකසේ ගුණ දෙන ශාකයක්‌ බව කිව හැක. මෙම ශාකයෙන් කිසිම අතුරු ආබාධයක්‌, සෙම්, පිත් ගති, බඩ පිපුම, බඩ දැවිල්ල යන මේ කිසිවක්‌ හට නොගන්නා බව කිව හැක. ඕනෑම සෙංගමාල වැළඳුණු රෝගියකුට ප්‍රධාන වශයෙන් ඕනෑම වෛද්‍යවරයෙක්‌ මෙම ශාකයේ කැඳ නිර්දේශ කිරීමෙන් මෙහි ඖෂධීය වටිනාකම මොනවට පැහැදිලි වේ.

    දැන් දැන් මෙම ශාකය ස්‌වයං රැකියාවක්‌ ලෙසට වගා කරන අය විශේෂයෙන් ගෙවතුවල වගා කර විකුණන බව කිව හැකි අතර එසේ කිරීමට කැමැත්තක්‌ දක්‌වන්නේ නම් මෙම ශාකය ඔබගේ ගෙවත්තේ සිටුවා ගෙන ඔබට යම් ආදායමක්‌ ලබා ගැනීමට හැකි බව කිව යුතු අතර ඔබ එයට කැමැති නම් අවශ්‍ය පැළ හෝ බීජ නොමිලේ ලබාදීමට හැකි බව කිව යුතුය.

    තවද මෙම ඖෂධ ශාකය ඉතාමත්ම අලංකාර ගෙදර මිදුල හැඩ කරන මල් පිපෙන මල් ගසක්‌ හැටියටද භාවිත කළ හැකි අතර ශාකය වගා කිරීම තුළින් ගෙවත්තට අලංකාරය, ඔබට ශරීර සුවය හා ආදායමක්‌ද ගෙන දෙන කප්රුකක්‌ වැනි ශාකයක්‌ බව කිව හැක.

    මෙම ශාකය පිළිබඳ කරන ලද රුහුණු විශ්වවිද්‍යාලයේ පරීක්‌ෂණ ගණනාවක්‌ මගින් මෙහි ගුණය පිළිබඳ සනාථ කොට ඇති අතර ඉන්දියාවේ නවදිල්ලි, මිලාන් සරසවියේ මේ පිළිබඳ ඉතා පුළුල් පරීක්‌ෂණ මගින් මෙය තහවුරු කර ඇත. මේ පිළිබඳ නොමිලේ වැඩි විස්‌තර දැන ගැනීමට 0719887572 අංකයෙන් වෛද්‍යතුමන් ඇමැතිය හැක.

    වෛද්‍ය
    ආනන්ද තිලකරත්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෙයට අමතරව දියවැඩියා රෝගීන්ට අග්න්‍යාශයෙන් නිපද වන ඉන්සියුලින් නමැති හෝර්මෝන ඌන වූ විට දියවැඩියා රෝaගය උත්සන්න වී ඇති බව පරීක්‌ෂා කොට තහවුරු කරයි. අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්ස්‌ දීපිකාවල ඇති සෛල නොහොත් බීටා සෛල වර්ධනය කිරීම මෙම ශාකය මගින් සිදු වේ.

    කොහොමද මේක හොයාගෙන තියෙන්නේ?