Lnkawata solar panels import karanna berida?
Tawama tax gahanawada?
තවම ටැක්ස් ගහනවද අහන්නෙ කවුද කිවුවෙ සෝලා පැනල් වලට ටැක්ස් ගහනව කියලා
අවුරුදු ගානක ඉඳන්ම සෝලා පැනල් වලට ටැක්ස් නැහැ. හැබැයි පැනල් ඉම්පෝට් කරන්න සුනිත්‍ය බලශක්ති අධිකාරියෙ රෙජිස්ටර් උනු කම්පැනියක් වෙන්න ඕන
අනික පැනල් එක දෙක ඉම්පෝට් කරන්න බැහැ එහෙම විකුනන සප්ලයර්සලත් හරිම අඩුයි සහ එහෙම ඉම්පෝට් කරද්දි එක පැනල් එකකට වැටෙන ශිපින් කොස්ට් එක ගොඩක් වැඩි නිසා එහෙම ගෙනාවම පැනල් ලංකාවෙන් ගන්නවට වඩා ගනන් වෙනවා ශිපින් කොස්ට් එක නිසා
පැනල් ලාබයක් ගන්න නං කන්ටේනර් එකක්වත් අඩුම ගේන්න ඕන එහෙම ගෙනවාම ට්‍රානස්සපෝට් සහ හැඬල් කරන්න ෆෝක් ලිෆ්ට් අනම් මනම් ඕන එහෙම තියෙන්න ටිකක් ලොකු කම්පැනියක් වෙන්න ඕන, එහෙම නැත්තං පැනල් අපි ගෙනත් අර වාහන ෆෝක් ලිෆ්ට් එහෙම රෙන්ට් කරලා කරද්දි ලාබයක් නැහැ මෙහෙන් ගන්නවට වඩා ගනන් වැඩියි හරි ඒ ගානම වගේ වෙනවා. ඒක නිසා තමයි සෝල වලට අවශ්‍ය අනෙක් බඩු ඉම්පෝට් කරන අය ඕන තරං හිටියට පැනල් ගේන අය නැත්තෙ. ලාබෙට පැනල් ගේන්න පුලුවන් නං කවුරුත් කරනවානේ
ඉන්වර්ටර් වලට ටැක්ස් එකත් තිබුනා ඒක මේ අවුරුද්දෙ ඉඳන් අයින් කරනවා කිවුවා. හැබැයි කලින් තිබුනු ටැක්ස් එකත් ඒ තරං ලොකු ටැක්ස් එකක් නෙමයි.මම ගෙනාපු දවස් වල ලක්ශ දෙක හමාරක ඉන්වර්ටරේට 19000 ක් වගේ තමයි ගිහින් තිබුනෙ ක්ලියරින් + ටැක්ස් වලට. ඉන්වර්ටරේ ගාන එක්ක බලද්දි ඒක ඉතින් ලොකු ගානක් නෙමයිනේ