ගෙදර පාවිච්චියට Bitdefender නොමිලේ (Bitdefender Antivirus Free For HomeUsers)

Jan 13, 2013
61
89
0
ගෙදර පාවිච්චියට Bitdefender නොමිලේ (Bitdefender Antivirus Free For HomeUsers)

ගෙදර පාවිච්චියට Bitdefender නොමිලේ ( Bitdefender Antivirus Free For HomeUsers)







ඉතින් කොහොමද යාළුවනේ. ගොඩාක් කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා. මේ දවස් වල වැඩ වැඩි. ඒ අස්සේ exam. තව ඔය කියන්න බැරි එව්වා වගේකුත් උනා :


මොනා උනත් දැනුම බෙදා ගන්න එක අඩු කරලා බැහැනේ. ඔන්න ඉතින් අද ඉදන් නම් දිගටම වැදගත් දේවල් බෙදා ගන්න පුළුවන් වෙයි. හැබැයි වැඩ වැඩි හින්ද පුළුවන් තරම් කෙටියෙන් කියල දෙන්නම්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කොමන්ට් එකක් දාන්න. ඇනෝ හැටියට දාන එකටනම් එච්චර කැමති නැහැ. කොහොම හරි නොතේරෙන තැන අහන්නකො. පුළුවන් ඉක්මනින් ලොස් නැතුව කියල දෙනවා


අද මුලින්ම දෙන්න යන්නේ Original Antivirus එකක්. ආපු ගමන් crack එකක් දෙන එක හරි නැහැනේ :D . Bitdefender ගැන ගොඩක් අය දන්නවා ඇති කියල හිතනවා. malware, viruses, trojans, spyware, rootkits වගේ ගොඩක් threats මට්ටු කරන්න Bitdefender රජ වැඩ කාරයෙක්. Bitdefender කියන හැටියටනම් 94% ක සාර්ථකත්වයක් මේකේ තියෙනවා. කවුරුත් දන්නා Avast, AVG, Avira එහෙම ඉන්නේ මීටත් අඩුවෙන් :D

අද දෙන්න යන්නේ Bitdefender වල Home Users සදහාම සකසපු free version එක. ඊළගට මේකේ Full එක දෙන්නම්. මෙතැනින් නොමිලේ බා ගන්න. ඉන්ස්ටෝල් කරන්න කිසිම කරදරයක් නැහැ.