Multi-Hosting Package එකක් ගන්න සල්ලි නෑ...

priyade

Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    Anuradha_Ra:
    මචංලා, ලොකු ප්‍රශ්නයක්. මට අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ මගේ අත්දැකීම් ලියන්න. හැබැයි මගේ අතේ සතයක්වත් නෑ. සල්ලි හොයන්න විදියකුත් නෑ, ගෙදරින් එලියට බහින්නත් බෑ වගේ. මට නිකන් හොස්ටින්ග් පැකේජ් එකක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවද?
    සදාකාලිකව ණයගැති වෙනවා.
    Nadun26:
    අනුරාධ, උඹ ආයෙත් පටන් ගත්තද? නොමිලේ හොස්ටින්ග් දෙන්න මම මෙතන හිඟමන් දෙන ආයතනයක් කරන්නේ නෑනේ. මම කලිනුත් උඹට කිව්වා, 1GB පැකේජ් එකක් තියෙනවා මාසෙට රුපියල් 200යි. ඒකවත් ගෙවන්න බැරිද? උඹ හැමදාම මොනවා හරි හිඟා කනවා මේකේ. ඕක හරියන්නේ නෑ මචන්, මොනවා හරි රස්සාවක් කරලා සල්ලි හම්බකරපන්
    Anuradha_Ra: නදුන් අයියේ, ඔයාට මගේ තත්ත්වේ තේරෙන්නේ නෑ. මට රස්සාවල් කරන්න බෑ, මගේ ඔලුව රිදෙනවා මිනිස්සු එක්ක කතා කරද්දී. මම දවසටම කන්නේ එක වේලයි. අම්මා බනිනවා හැමතිස්සෙම. ඔයාට මට පොඩි උදව්වක් කරන්න බැරිද? මම බ්ලොග් එකෙන් සල්ලි හෙව්වම ඔයාගේ සල්ලි පොලියත් එක්කම දෙන්නම්. ඇත්තමයි කියන්නේ

    Nadun26:
    පොලිය? උඹ අවුරුදු ගාණක ඉඳන් ඔය කතාව කියන්නේ. බ්ලොග් එකක් කරලා සල්ලි හොයන්න කලින් ඩොමේන් එකක් ගන්න සල්ලි තියෙන්න ඕනේ. උඹට .com එකක් ගන්නවත් සල්ලි තියෙනවද? නිකන් බොරුවට ත්‍රෙඩ් දාලා සේරගෙම කාලේ කන්න එපා අනුරාධ. . ගිහින් බ්ලොග්ස්පොට් එකක ලියපන් සතයක්වත් යන්නේ නෑ. මගේ සර්වර්ස් වලට ලෝඩ් එක දෙන්න එන්න එපා නොමිලේ
    Anuradha_Ra:
    බ්ලොග්ස්පොට් චාටර් නේ මචං... කමක් නෑ, කාගෙන්වත් උදව්වක් නෑ මට. මම මැරිලා ගියත් කාටවත් ගාණක් නෑ. මම යනවා නිදාගන්න. අද රෑට කන්නෙත් නෑ

    Nadun26:
    Anuradha_Ra: අද රෑට කන්නෙත් නෑ.
    ඕන්න ඕකයි උඹේ වැරැද්ද. උපදෙසක් දුන්නම එකක්වත් අහන්නේ නෑ, ඊටපස්සේ අඬනවා. උඹ බ්ලොග්ස්පොට් එකෙන් පටන් අරන් ට්‍රැෆික් ආවම මට මැසේජ් එකක් දාපන්, මම මාස 3ක් නොමිලේ හොස්ටින්ග් දෙන්නම්.
    හැබැයි ඉස්සෙල්ලා වැඩක් කරලා පන්නපන්, නිකන් ඉඳන් අඬන්නේ නැතුව.
     
    Last edited: