ගෙදර සුරතලාගේ පිරිසිදුකම
~~~@ ගෙදර සුරතලාගේ පිරිසිදුකම හරිම වැදගත් @~~~
මොනතරම් ළෙන්ගතුකම් පෑවත් ගෙදර ඇතිකරන සුනඛ සුරතලාගේ පිරිසුදුකම ගැන විශේෂ උනන්දුවක් දැක්වීම ඉතා වැදගත්. එසේ නොමැති තැන ඔබ හරියටම අනතුරක් සමඟ ජීවත්වනවා යන හැගීමක් ඇති කර ගැනීමේ වරදක් නෑ. මේ නිසාමයි ගෘහස්ත වශයෙන් ඇති කරන සුනඛයකු පිරිසුදු කිරීම ඉතාම වැදගත් අංගයක් බවට පත් වෙන්නේ. සුනඛයාට අවශ්‍ය ආහාර පාන, විටමින් හා ඛණිජ ලවණ ලබාදීමට අමතරව ආදරය කරුණාව දැක්වීම ද අවශ්‍යයි. එසෙම සුරතලා මෙන්ම වාසය කරන ස්ථානයද පිරිසුදු තබා ගැනීම හරිම වැදගත්. මේ සඳහා නෑවීම, බුරුසුවකින් පීරා පිරිසුදු කිරීම, නියපොතු කැපීම, දත් මැදීම වැනි කි්රයාවන් ක්රමාණුකූලව සිදු කළ යුතුවේ. සුනඛයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන අවස්ථාවකදී ඒ පිළිබඳ ස්වාමියාට දැන්වීමට ඌට හැකියාවක් නොමැති බැවින් බාහිරින් පෙනෙන අසාමාන්‍ය රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම ද වැදගත්ය.
ජලය ලබා දීම දරුණු අන්දමින් වමනය දැමීම වැනි රෝගී තත්ත්වයකින් පීඩා නොවිඳින්නේ නම් සුනඛයාට අවශ්‍ය තරම් ජලය ලබාදිය යුතුයි. ශරීරයෙන් විවිධ ක්‍රම හරහා ඉවත් වන ජලය ලබා ගැනීම සඳහා සුනඛයා ජලය පානය කරයි. දිනකට අවශ්‍ය ප්‍රමාණය නොලැබී යාමෙන් සතා විජලනයට පත්විය හැකි බැවින් ජලය ලබාදීම අතිශයින් වැදගත් වේ. මේ නිසා සතා අසල පිරිසුදු ජල භාජනයක් තැබීම කළ යුතුයි. සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 10 ක් පමණ බරකින් යුක්ත සුනඛයෙක් දිනකට ජලය ලීටර් භාගයක් පමණ පානය කරයි. එහෙත් පරිසර උෂ්ණත්වය, ව්‍යායාම හා ලබාදෙන ආහාරවල අඩංගු වන ජල ප්‍රමාණය වැනි හේතු නිසා මෙම ප්‍රමාණය වෙනස් විය හැකියි. සුනඛයා අධික පිපාසයකින් දිගින් දිගටම ජලය ලබා ගන්නේ නම් එය රෝගී තත්ත්වයක් විය හැකි නිසා පශු වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍යයි.
නෑවීම සුනඛයකු පිරිසුදු කිරීමේ කී්රයාවලියෙදි නෑවීම සඳහා හිමිවන්නේ අඩු වැදගත්කමකි. මඩ හෝ මළ මුත්‍ර මගින් දෙහය අපිරිසුදු වී ඇති අවස්ථාවකදී දිය නෑවීම කළ යුතු වුවත් නිවෙස් තුළ වසන සුනඛයින් නැවිය යුත්තේ කලාතුරකිනි. ලෝම දිගින් වැඩි සතුන් මසකට වරක් නෑවීම ප්‍රමාණවත් අතර ලෝම දිග අඩු නම් මාස දෙකකට වරක් නෑවීම සුදුසුයි. වැඩි වාර ගණනක් නෑවීමේදී සමේ ස්වභාවික මේද ස්ථරය ඉවත් වීමේදී සෞඛ්‍යයට බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ. වෛද්‍ය වරයෙක් රෝගී සතෙක් වැඩි වාර ගණනක් නාවන ලෙස උපදෙස් දුන්නේ නම් එසේ කිරීම ප්‍රශ්නයක් නොවේ. එසේම මැක්කන්, කිනිතුල්ලන් මර්දනය සඳහා බාහිරින් ඖෂධ ලබා දී ඇති අවස්ථා වලදී සතා දින 5 කට වරක් නෑවීම සුදුසුයි.
සැලකිලිමත් විය යුතු දේ දිය නෑවීමට පෙර සුනඛයාගේ පටලැවුණු ලෝමවල පැටලිලි ඉවත් කළ යුතුයි. නැතහොත් නෑවීමෙන් මේවා තවදුරටත් වැඩිවිය හැකියි. නෑවීමේදී මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන ලෙස නිර්දේශ කෙරේ. එහෙත් සබන් වර්ගයක් වුවද භාවිතා කළ හැකියි. මෙහිදී කාබොලික් සබන් භාවිතා කිරීම උචිත නොවන අතර බේබි සබන් වර්ගයක් භාවිතා කිරීම සුදුසුයි. තවද රෙදි සේදීමට ගන්නා සබන් කුඩු හෝ පිඟන් සේදීමට ගන්නා ඩිටර්ජෙන්ට් වර්ග පාවිච්චියෙන් වැළකිය යුතුයි. නෑවිමට පෙර කන් තුළට ජලය ඇතුල් වීම වැළැක්වීම සඳහා කන් සිදුරු තුළ කපු පුලුන් කැබලි දෙකක් සිර කිරීම සුදුසුයි. නෑවීමෙන් පසුව මෙය පහසුවෙන් ඉවත් කිරීමට හැකිවිය යුතුයි. ෑවීම සුනඛයා සිටගෙන සිටින ඉරියව්වෙන් සිදුකළ යුතු අතර මුලින්ම පිටුපස කොටස ජලය යොදා පිරිසුදු කිරීමෙන් සතා දැඟලීම වැළකෙන අතර පිටුපස කොටසේ ඇති අපද්‍රව්‍ය අනෙක් කොටස් කරා යොමුවීම ද වැළකේ. නෑවීමෙන් අනතුරුව හැකි ඉක්මනින් සිරුර වියළි තත්වයට පත්කළ යුතුයි. ඒ සඳහා මුලින්ම ඝනකම් තුවායකින් සිරුර තෙත මාත්තු කිරීම යෝග්‍යයි. පසුව හෙයා ඩ්‍රයර් ඩ්චඪප ඤපරඥප එකක් හෝ විදුලි පංකාවක් ආධාරයෙන් සිරුරේ තෙත ගතිය ඉවත් කරගත හැකිය. ඒ සමගම පනාවක් හෝ බුරුසුවක් භාවිතා කර සුනඛ දේහය පීරීම මගින් ලෝමවල ස්වභාවික අලංකාරය ආරක්ෂා කරගත හැකිවේ.
දේහය පීරීම දේහාවරණය පීරීම සුනඛයා කුඩා කල සිටම පුහුණු කළ යුතු අතර මෙය පැටවාට වයස සති 6ක් පමණ වන විට ආරම්භ කළ යුතුයි. මෙසේ පීරීම දිනපතා කළ යුතු අතර නැතහොත් සතියකට දෙවරක්වත් පීරිම යෝග්‍යයි. පිරීම සඳහා විනාඩි 10 ක පමණ කාලයක් වැය කිරීම ප්රමාණවත්ය. පිරීම නිසා සුනඛයාගේ ශරීරයේ ඇති ගැලවුණු ලෝම හා දුවිලි ඉවත් වෙන අතර ලෝම පටලැවීම ද වැළකේ. පෙනුම වැඩි දියුණු වීමට ද පීරීම වැදගත්ය.සුනඛයාගේ දේහාවරණයේ ස්වාභාවය අනුව ද පිරිසුදු කිරීමේ අවශ්‍යතාවය වෙනස් වේ. දිගින් අඩු සිනිඳු ලෝම සහිත සතුන් පිරිසුදු කිරීමේ අවශ්‍යතාව අඩු අතර ඒ සඳහා රබර් කෙදි සහිත බුරුසුවක් යෝග්‍යයි. නමුත් දිගින් වැඩි පටලැවිලි සහිත ලෝම ඇති සතුන් පිරිසුදු කිරීමට වැඩි අවධානයක් යොමු කළයුතු අතර මේ සඳහා දැඩි කෙඳී සහිත බුරුසුවක් භාවිතා කළ යුතු වේ.
දත් පිරිසුදු කිරීම දත්වල මැලියම් බැඳීම අඩු කිරීම සඳහා දත් මැදීම සිදුකළ යුතුයි. මෙය දිනපතා කිරීම උචිත වුවත් සතියකට වරක් පිරිසුදු කිරීම සෑහේ මේ සඳහා මෘදු කෙඳි සහිත ළමයින් භාවිතා කරන වර්ගයේ බුරුසුවක් යොදා ගැනීම යෝග්‍යයි. සුනඛයින් සඳහාම විශේෂිත දන්තාලේප වර්ග ඇති නමුත් මේ සඳහා සාමාන්‍ය දන්තාලේප වර්ගයක් වුවත් භාවිතා කළ හැකියි. සුනඛයා මේසයක් මත සිටගෙන සිටින ඉරියව්වක තබාගෙන දත් මැදීම කළ හැකිවෙයි. නැතහොත් දත්වල බැඳෙන මැලියම් වල බැක්ටීරියා වර්ධනය වීමෙන් විදුරුමස් ආසාදන ඇතිවීමට ඉඩ තිබේ.
~~~@කැමැත්ත පලකිරීමට@~~~
>>>> https://www.facebook.com/Dogs.lk <<<<
~~~~@උ.ගැ@~~~~