
. අනික තාක්ෂණික දැනුම හොඳට තියන නිසා ප්රශ්නයක් වෙන එකක් නැහැ. තවත් කට්ටියක් ඉන්නවා. නිකම්ම කොන්ට්රත්කාරයෝ. ඒ කියන්නේ පළපුරුද්ද අද්දැකීම් එක්ක ඉස්සර ඉදන් වැඩ කරන අය. මේ අය එක්ක කොන්දේසි කතා කර ගන්න ටිකක් අමාරුයි. උඹේ හැඩරුව සල්ලි බාගෙ ඉන්න තැන එහෙම බලලා තමා බහුතරයක් තමන් මොන වගේ හැසිරෙන්න ඕනෙද කියලා තීරණය කරන්නේ. ඒ වගේම බඩු වලට වගකීම කියන දේ ගැන ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. වෙලාවට සල්ලි හම්බුනේ නැත්තම් ගෙවල් වලට ඇවිල්ල බැනුම් එහෙමත් අහ ගන්න පුළුවන් වෙයි.
. එත් මෙහෙමයි බොහොමයක් මිනිස්සු අහිංසක මිනිස්සු. සමහර මිනිස්සු එන්නේ අනුරාධපුර පොලොන්නරුව පැත්තේ ඉදලා කුඹුරු වගා කරන්නේ නැති කාලෙට ඇත උදවු දෙන්න ආපු අය. එක්කෝ එදා වේල හොයා ගන්න මිනිස්සු. මෙහෙම අය හම්බුනොත් වෙලාවට ගෙවපන්. හැබැයි පරිස්සම් වෙයන් ඇත උදවු දීල මාසෙන් බාස් ට promotion ගහන උන් නැතුවම නෙමෙයි. මේ අයත් එක්ක agreement එකක් ගහනවා නම් පුළුවන් තරම් සරලව කරන එක හොඳයි මහප්ප්රාණ බෂාවෙන් නැතුව. නැත්තම් තමන්ගේ ගෙවල් පැත්තෙන් දන්නා සෙට් එකක් සෙට් කර ගන්න එක කොහොමත් අගට ගුණයි. ලෝකේ හැටි දන්නවනේ දැන්. සාරාංශයක් කියනවා නම් මුලින්ම කියපු සෙට් එකේ ඔය agreement ගහලා කරගන්න වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි මිල වැඩි වෙයි. දෙවැනි කට්ටිය ඉතින් හම්බෙන පුද්ගලයා අනුව තමා. හැබැයි පසුබිම හොඳ නිසා කොන්දිසි කතා කරගන්න ලේසියි. උඹ යම් රැකියා මට්ටමක ඉන්නවා නම් professional විදිහට වැඩ බෙර ගන්න පුළුවන්. එත් මිනිහගේ අත්දැකීම් අනුව මිල පරාසය වෙනස් වේවි. පොඩි ඉගියක් දෙනවා නම් අවුරුදු 20-26 අතර කෙනෙක් සෙට් කර ගන්න බලපන්. කොල්ලොන්ගේ කොඩක් වෙලවට ජල්බරි වැඩ අඩුයි. හැබැයි තින් වගකීමක් දෙන්න බහ මිනිස්සු විවිධාකාරයි නේ. අවසාන සෙට් එකේ ඉතින් අඩු මිලට සෙට් කරගන්න පුළුවන් වෙයි. එත් වැඩේ ගුණාත්මකභාවය ගැන නම් ටිකක් බලන්න වෙයි. බිත්ති ඇද කපරාරු හැම මගුලම ටිකක් ඇහැ ගහගෙන ඉන්නවෙයි. උඹට ගැලපෙන සෙට් එක තොර ගනින්. එහෙමත් නැත්තම් උඹේ design එකක් කරපු firm එකටම කට්ටියක් recommend කරන්න කියපන්. එහෙම කලොත් වැඩේ යන්තක් දුරට හොඳට වෙයි මොකද අවුලක් ගියොත් කරන සෙට් එකට දිගටම එන ජොබ් ගහල යයි කියන බය නිසා.