ගෙයක් හදන්න යනවනම් බලන්න

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    උඹ කියලා තියන දේට මම දේවල් ටිකක් එකතු කරන්නම්.

    මැද හරියේ ලියලා තියන දේවල් වල මිල පරාසය ගැන සාමාන්යෙන් දැනුමක් තියන එක හොඳයි.
    උඹ ඔය විස්තර ගොඩක් දන ගන්න ඇත්තේ plan එක අන්දපු firm එකේ කට්ටියගෙන්ම වෙන්න ඇති. සහ ඊට පස්සේ ගත්ත අත්දැකීම් වලින් වෙන්න ඇති. මෙහෙමයි. කොන්ත්‍රාත් කාරයෝ වර්ග කීපයක් ඉන්නවා. එත් උඹ කියන මට්ටමේ කොන්ත්‍රාත් කාරයෙක්ට නම් සාමන්යෙන් office එකක් වත් තියෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ කියන්නේ එහෙම කොන්ත්‍රාත් කාරයෝ බහුතරයක් බඩුත් එක්ක තමා වැඩේ කරන්න කැමති. ගොඩක් අමාරුයි නමම ගන්න උඹ කියන වැඩේට. මොඅද labour contract පොඩි පොඩි project කරන එක එච්චර ප්‍රයෝගික නැති නිසා. හැබැයි තව කට්ටියක් ඉන්නවා. ඒ තමයි technical officers ල කියන අය. NCT civil කරලා එහෙම out වෙන්නේ ඒ අය. හැමෝම නෙමෙයි එත් ටිකක් හොයලා බැලුවොත් හොඳ කෙනෙක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. මේ අයත් එක්ක උඹ කියන කොන්දේසි ගුටි කන්නේ නැතුව කර ගන්න පුළුවන් වෙයි.:lol:. අනික තාක්ෂණික දැනුම හොඳට තියන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. තවත් කට්ටියක් ඉන්නවා. නිකම්ම කොන්ට්‍රත්කාරයෝ. ඒ කියන්නේ පළපුරුද්ද අද්දැකීම් එක්ක ඉස්සර ඉදන් වැඩ කරන අය. මේ අය එක්ක කොන්දේසි කතා කර ගන්න ටිකක් අමාරුයි. උඹේ හැඩරුව සල්ලි බාගෙ ඉන්න තැන එහෙම බලලා තමා බහුතරයක් තමන් මොන වගේ හැසිරෙන්න ඕනෙද කියලා තීරණය කරන්නේ. ඒ වගේම බඩු වලට වගකීම කියන දේ ගැන ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. වෙලාවට සල්ලි හම්බුනේ නැත්තම් ගෙවල් වලට ඇවිල්ල බැනුම් එහෙමත් අහ ගන්න පුළුවන් වෙයි. :lol:. එත් මෙහෙමයි බොහොමයක් මිනිස්සු අහිංසක මිනිස්සු. සමහර මිනිස්සු එන්නේ අනුරාධපුර පොලොන්නරුව පැත්තේ ඉදලා කුඹුරු වගා කරන්නේ නැති කාලෙට ඇත උදවු දෙන්න ආපු අය. එක්කෝ එදා වේල හොයා ගන්න මිනිස්සු. මෙහෙම අය හම්බුනොත් වෙලාවට ගෙවපන්. හැබැයි පරිස්සම් වෙයන් ඇත උදවු දීල මාසෙන් බාස් ට promotion ගහන උන් නැතුවම නෙමෙයි. මේ අයත් එක්ක agreement එකක් ගහනවා නම් පුළුවන් තරම් සරලව කරන එක හොඳයි මහප්ප්‍රාණ බෂාවෙන් නැතුව. නැත්තම් තමන්ගේ ගෙවල් පැත්තෙන් දන්නා සෙට් එකක් සෙට් කර ගන්න එක කොහොමත් අගට ගුණයි. ලෝකේ හැටි දන්නවනේ දැන්. සාරාංශයක් කියනවා නම් මුලින්ම කියපු සෙට් එකේ ඔය agreement ගහලා කරගන්න වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි මිල වැඩි වෙයි. දෙවැනි කට්ටිය ඉතින් හම්බෙන පුද්ගලයා අනුව තමා. හැබැයි පසුබිම හොඳ නිසා කොන්දිසි කතා කරගන්න ලේසියි. උඹ යම් රැකියා මට්ටමක ඉන්නවා නම් professional විදිහට වැඩ බෙර ගන්න පුළුවන්. එත් මිනිහගේ අත්දැකීම් අනුව මිල පරාසය වෙනස් වේවි. පොඩි ඉගියක් දෙනවා නම් අවුරුදු 20-26 අතර කෙනෙක් සෙට් කර ගන්න බලපන්. කොල්ලොන්ගේ කොඩක් වෙලවට ජල්බරි වැඩ අඩුයි. හැබැයි තින් වගකීමක් දෙන්න බහ මිනිස්සු විවිධාකාරයි නේ. අවසාන සෙට් එකේ ඉතින් අඩු මිලට සෙට් කරගන්න පුළුවන් වෙයි. එත් වැඩේ ගුණාත්මකභාවය ගැන නම් ටිකක් බලන්න වෙයි. බිත්ති ඇද කපරාරු හැම මගුලම ටිකක් ඇහැ ගහගෙන ඉන්නවෙයි. උඹට ගැලපෙන සෙට් එක තොර ගනින්. එහෙමත් නැත්තම් උඹේ design එකක් කරපු firm එකටම කට්ටියක් recommend කරන්න කියපන්. එහෙම කලොත් වැඩේ යන්තක් දුරට හොඳට වෙයි මොකද අවුලක් ගියොත් කරන සෙට් එකට දිගටම එන ජොබ් ගහල යයි කියන බය නිසා.

    technical පැත්ත ගැන කියනවා නම් උඹ දාල තියන ඔය list එකටම අදාල දේවල් ටික උබේ ගෙදර design කරපු කට්ටියගෙන්ම ඉල්ලා ගනින්. specification list එක. plan එක ගහල දුන්නට විතරක් මදි. පොඩ්ඩක් අදුරන engineer කෙනෙක්ට හරි දීල බලවපන් උඹේ වත්තේ තත්වෙට අනුව. මම දන්නේ උඹ මොන firm එකට කියලද කියල ඇඳ ගත්තේ කියල. එත් template එකක් පොඩ්ඩක් වෙනස් කරහම අලුත් plan එකක් කියලා දෙන්න පුළුවන්. සමහර අකියොත් ඔය වැඩේ තමා කරන්නේ. firm වල කියලා වෙනසක් නැහැ. දන්නා නිසා කියන්නේ. ළඟ ඉදලා අන්ද ගත්තේ නැත්තම් ඔය වැඩේ කරනවා.

    අනික් කාරණේ වාස්තු. මොනවා උනත් මේ දේවල් ගැන බලපන් මචන්. හැබැයි වංචාකාරයෙක් නැතුව හොඳ මනුස්සයෙක් ගෙන්. බොහොම අඩුයි කට්ටිය නම් දැන්. ටිකක් වයස ගිය කෙනෙක් නම් හොඳයි. ගෙදර වහලය, උලුඅහු තියන පාද, ප්‍රධාන උලුඅස්ස, ගෙදර වර්ගපලය වගේ දේවල් ගැන ටිකක් වැඩිපුර බලපන්. මම පල්ලෙහායින් සඟරා ටිකක් දැන්නම්. එකේ ලිපි ටිකක් ඇති කියවලා බලපන්. ජිවිතේට හදන්නේ එක ගෙදරයි නේ එක නිසා ටිකක් හොඳට කරගන්න වැඩේ කරගන්න බලපන් මචං.

    http://www.youblisher.com/p/1092462-hbp-41/
    http://www.youblisher.com/p/1111677-hbp-42/
    http://www.youblisher.com/p/1134432-hbp-43/
    http://www.youblisher.com/p/1158345-hbp-44/
    http://www.youblisher.com/p/1172336-hbp-45/
    http://www.youblisher.com/p/1190344-hbp-46/
    http://www.youblisher.com/p/1220246-hbp-47/
    http://www.youblisher.com/p/1240500-hbp-48/
    http://www.youblisher.com/p/1280775-hbp-49/
    http://www.youblisher.com/p/1280803-hbp-50/
    http://www.youblisher.com/p/1344655-hbp-51/
    http://www.youblisher.com/p/1344664-hbp-52/

    ගත්තේ,මෙතනින්

    මේ සඟරා ටිකේ අන්තිම හරියේ වස්තු විද්‍යා ලිපි ටික ඇත්තේ. කියවලා බලපන් මචන්.

    ජයවේවා!
    thanks machan.valuable info:)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වාස්තු බලනවා නම් මේ link එකේ තියන ලිපි ටික වැදගත් වෙයි මචන්. :)
    link
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ela ela, mage structure ekata witarak giya warga adiyakata Rs 1593/- wage
    wahaleta ban amano, finishing, Rs 850/- , plaster ehema thawa gahala naa,

    මොනවා දාලද බන් කොන්ක්‍රීට් ඇනුවේ.ඔච්චර වියදමක් යන්නේ නෑ වර්ග අඩි එකකට.

    ස්ට්‍රක්චර් එක කිවුවේ බේස් වලවල් හාරන තැන ඉඳලා ස්ලැබ් එක දාන තැනට ගිය වියදම, ස්ලැබ් ඒරියා එකෙන් බෙදලද ඔය ගාන කිවුවේ?
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    එහෙනම් දැනට අපි නවතින්නම්.ගෑණි බනිනවා තමුසේ නා ගන්නේ නැද්ද කියලා

    aye ehema ahuwe ge hadanna gihin na ganne nadda kiyalada ahuwe
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොනවා දාලද බන් කොන්ක්‍රීට් ඇනුවේ.ඔච්චර වියදමක් යන්නේ නෑ වර්ග අඩි එකකට.

    ස්ට්‍රක්චර් එක කිවුවේ බේස් වලවල් හාරන තැන ඉඳලා ස්ලැබ් එක දාන තැනට ගිය වියදම, ස්ලැබ් ඒරියා එකෙන් බෙදලද ඔය ගාන කිවුවේ?

    base, columns, beams, 5 slabs ( 1100 x 2 , 150, 416, 100 ), staircase and 6" brick works machan. (plan 3500 Sqf)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අහ්.ඒක මිසක්.මම බැලුවා කොන්ක්‍රීට් දාන්න ඔච්චර ගානක් ගත්තද කියලා.

    තව ගොඩක් වැඩ කරා මචන්, කලු ගල් බැමි, පස් පිරවිලි etc... :D
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ගෑණි බනිනවා තමුසේ නා ගන්නේ නැද්ද කියලා
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    බඩු දාල හදන බාස්ල හෙන කපටියි..අපේ ගෙවල් ලග ගෙයක් හැදුව..මම දැකපු දේවල්

    බේස් වලවල් වල කොන්ක්‍රීට් එකට මැදින් තඩි කලුගල් දාල කොන්ක්‍රීට් ඉතුරු කරනව.


    සංස්ථාසිමෙන්ති බෑග් හැමතැනම තිබුනට මික්ස්සර් එකට ඉංදියන් සිමෙන්ති


    වැලි නෙවෙයි හෝදපු පස් ගේන්නේ


    තව තියෙනව..