ගෙයක් හදන්න යන වියදම?

qualcomm

Member
Sep 30, 2013
605
23
0
ගෙයක් හදන්න යන වියදම?

තට්ටු 2 ගෙයක් (කාමර 4, බාත් රූම් 2) හදන්න කීයක් විතර යනවද අඩුම? (ඉඩමෙ වියදම නැතුව ගෙට විතරක්)

මොනවද වියදම අඩු කරගන්න කරන්න පුලුවන් දේවල්....?

එක්ස්පීරියන්ස් තියෙන අය කියන්න ගියපු ගනන්....
 
Last edited:
  • Like
Reactions: cshapegt

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
ඒක මෙහෙම කෙලින්ම කියන්න බැහැ.

ඉඩමේ ප්‍රමාණය, ගේ හදන පසේ ස්භාවය, හදන්නේ මොන ගඩොල් වලිද, ගන්න ලී මොනාද, වහල ගහන්නේ කොහොමද වගේ දේවල් බලපානවා. තව ගේ ඇතුලට ටයිල් කරනවද, කිචන් එක කොහොමද හදන්නේ වගේ දේවල්..

ඉලගට වැදගත්ම දේ, කොන්ත්‍රාත් දීලාද වැඩේ කරගන්නේ, එහෙම නැත්තන් ඔයාලා බාස්ලා දැම්මල දවස් පඩියටද වැඩේ කරන්නේ...

ඒ ගැන ඔයාගේ අදහස් කියනවා නං මට පුළුවන් වෙයි රෆ්ලි කියනන් මෙච්චර යයි කියලා.

ප.ලි

දැන් නං ඉතිං උල්පතක උනත් ගෙවල් හදන්න තරං තාක්ෂනය තියෙනවා. හැබැයි එතකොට වියදම වැඩියි. බේස් වලවල් ලොකුවට කපලා,කොන්ක්‍රීට් කරලා, ෆවුන්ඩේෂන් එක උඩින් ටයි බීම් එකක් දාලා ඒක උඩයි බිත්ති බදින්න වෙන්නේ. ඊළගට බිත්තියේ මුළු වලින් කොන්ක්‍රීට් කණු දාන්නත් වෙයි.

ලොකු වාහන යන පාරක් අයිනේ ගේ හදනවා නං උනත් ඔය උඩ තියෙන විදියට කරන්න වෙයි. නැත්තන් වාහන වල කම්පනය නිසා ටික කාලයක් යද්දී ගෙයි බිත්ති ඉරි යයි.

හැබැයි හොද පිහිටි පොළවක නං එච්චර මහන්සි වෙන්න ඕනි නෑ. සමානය විදියට බේස් එක දාගෙන,ටයිබීම් එකත් වැඩි හොදට දාගෙන,අගල් නමයේ පුච්චපු ගඩොලෙන් බිත්තිය බදිනවා නං බිත්ති වල මුළු අයිනෙන් කොන්ක්‍රීට් කණු යන්න ඕනි නෑ.

තට්ටු දෙකට හදනවා නං ස්ලැබ් එක අගල් හතර හමාරක් වත් දාන්න ඕනි.

අඩු වියදමෙන් හදනවා නං හොද පිහිටි පොළවක් තියෙන ඉඩමක් හොයා ගන්න. එකේ සමානය මට්ටමේ බේස් වලවල් කපලා, ෆවුන්ඩේෂන් එක දාලා, බ්ලොග් ගලෙන් බිත්තිය බදින්න. එතකොට හැබැයි බිත්ති මුළු වලින් අවශ්‍ය තැන් බලලා, බැලන්ස් කරලා කොන්ක්‍රීට් කණු දාගන්න.

උලුවලු ජනෙල වලට නොම්බර එක නං කොස් ලී තමයි. කල්පවතිනවා, සත්තු කන්නේ නෑ. හැබැයි වියදම වැඩියි. ඒ නිසා ගොඩක් අය අඩු වියදම් ලී තමයි දාන්නේ.

මම කියන්නේ පුළුවන් නං උළුවහු වලටවත් කොස් වගේ හොද ලියක් දාගන්න. මොකද බාල ලීයක්‌ දාලා ඒක අවුරුදු තාක් දහයක් යනකොට සවුත්තු උනාම කරදරේ.

වියදම දරාගන්න අමාරු නං ටිකක් මිල අඩු ලී වර්ගයක් නේ යොදා ගන්න වෙන්නේ. එතකොට ඉතිං ඒවායේ හොද දැව ආරක්ෂක අලේපනයක් ගාගන්න.

ගෙදරට අවශ්‍ය කම්බි වගේ දේවල් ගනිද්දී සංස්ථා කම්බි ගන්න. සිමෙන්තිත් සංස්ථා වගේ එකක් ගන්න. ස්ලැබ් එකට නං සංස්ථා සිමෙන්ති දාන්න බාස්ලා අකමැතියි , හයිවෙන්න ටිකක් කල්යන නිසා.

මුළුගේම කොන්ත්‍රාත් දෙනවට වඩා සැහෙන ගානක් ඉතිරි කරගන්න පුළුවන් දවස් පඩියට බාස්ලා දම්මලා කරවනවා නං. හැබයි ඒකට ඔයාට ඒ ගැන දැනීමක් තියෙන්න ඕනි.

කොහොමත් ලක්ෂ 35 කින් තට්ටු දෙකේ ගෙයක් හදන්න පුළුවන් හොද කොලිටි බඩු දාලා, මුළු ගේම ටයිල් කරලා. හැබැයි එහෙම කරන්න පුළුවන් අපි වැඩේ දන්නවා නං.

කොන්ත්‍රාත් දුන්නොත් ලක්ෂ 50 ක් විතර යයි. අපි වැඩේ දන්නේ නැතිව බාස්ලා දම්මලා කෙරෙව්වත් ඒ ගානම යයි.
 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වර්ග අඩියක් රු.3500 ක් විතර දාලා ගාණ හදාගන්න
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ගෙයක් හදනවට වඩා හදපු ඒකක් අරං රෙපෙයාර් කර ගන්න ඒක ලාබයි දැං කාලෙ
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ගෙයක් හදනවට වඩා හදපු ඒකක් අරං රෙපෙයාර් කර ගන්න ඒක ලාබයි දැං කාලෙ

    ඒක හොද අදහසක් නෙමෙයි. මොකද අපි දන්නේ නෑ එතකොට ඒ ගෙදර හදලා තියෙන්නේ කොහොමද කියලා. උදාරහණයක් විදියට අත්තිවාරම,බිත්ති වගේ දේවල්. මෙව්වා හරියට දාලා තිබුනේ නැත්තන් කල්පැවැත්මක් නෑ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    50ක් වත් තියාගන්න...
    35ක් වත් යයි... දාන පහසුකම් අනුව තමයි මිල තීරනය වෙන්නේ...
    මුලින්ම කොටසින් කොටස අරන් ගනන් හදලා බලන්න.. :yes:
     

    ulsk

    Member
    Dec 9, 2012
    14
    0
    1
    බ්ලොක් ගල්වලින් වියදම අඩුයි. වහල ඇස්බැස්ටස් නම් අඩුයි. ප්ලැන් එක අඳිනකොට නිකම් තියෙන බිත්ති නැති විදියට අඳින්න. බැංකු ලෝං දාලා හැදුවට පාඩු නැහැ හැබැයි ඉක්මනට හදන තරමට ලාබයි මොකද බඩුවල මිල වැඩිවෙන වේගය නිසා. NSB පොලිය අඩුයි.
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ඒක මෙහෙම කෙලින්ම කියන්න බැහැ.

    ඉඩමේ ප්‍රමාණය, ගේ හදන පසේ ස්භාවය, හදන්නේ මොන ගඩොල් වලිද, ගන්න ලී මොනාද, වහල ගහන්නේ කොහොමද වගේ දේවල් බලපානවා. තව ගේ ඇතුලට ටයිල් කරනවද, කිචන් එක කොහොමද හදන්නේ වගේ දේවල්..

    ඉලගට වැදගත්ම දේ, කොන්ත්‍රාත් දීලාද වැඩේ කරගන්නේ, එහෙම නැත්තන් ඔයාලා බාස්ලා දැම්මල දවස් පඩියටද වැඩේ කරන්නේ...

    ඒ ගැන ඔයාගේ අදහස් කියනවා නං මට පුළුවන් වෙයි රෆ්ලි කියනන් මෙච්චර යයි කියලා.

    idamak thaama hoyanawa... enisa e gena kiyanna amarui... perches 7-10 wage thamai size eka
    idame mona pas thiyenakotada hoda??
    anith eka tikak baawumaka wage hadanawanam wiyadama wedi da??

    saalei, stair case ekai witarak tile kalath athi
    biththi nam gadol wadath hodai...
    wiyadama adu ewain karaganna balanne...

    contract da dawase padiyata basla dala karanakotada wiyadama adu? (dawase padiyata karanakota hemin hemin kal aran karana scene wenna puluwan ne... )
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    කඩ්ඩ බැරි එකා;18007864 said:
    50 ලක්ෂ තියාගෙන වැඩේට බහින්න

    5m thiyagena wade patan ganna.

    50ක් වත් තියාගන්න...
    35ක් වත් යයි... දාන පහසුකම් අනුව තමයි මිල තීරනය වෙන්නේ...
    මුලින්ම කොටසින් කොටස අරන් ගනන් හදලා බලන්න.. :yes:

    35n puluwan nam goda... 50k nam tikak amarui
    idamatath 25 wage yaine...

    ආසන්න වශයෙන් මේ ක්‍රමය හරි...:yes::yes:

    hmmm.... hadala balanna one...