ගෙයක් හදන්න යන වියදම?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඒක මෙහෙම කෙලින්ම කියන්න බැහැ.

    ඉඩමේ ප්‍රමාණය, ගේ හදන පසේ ස්භාවය, හදන්නේ මොන ගඩොල් වලිද, ගන්න ලී මොනාද, වහල ගහන්නේ කොහොමද වගේ දේවල් බලපානවා. තව ගේ ඇතුලට ටයිල් කරනවද, කිචන් එක කොහොමද හදන්නේ වගේ දේවල්..

    ඉලගට වැදගත්ම දේ, කොන්ත්‍රාත් දීලාද වැඩේ කරගන්නේ, එහෙම නැත්තන් ඔයාලා බාස්ලා දැම්මල දවස් පඩියටද වැඩේ කරන්නේ...

    ඒ ගැන ඔයාගේ අදහස් කියනවා නං මට පුළුවන් වෙයි රෆ්ලි කියනන් මෙච්චර යයි කියලා.

    ප.ලි

    දැන් නං ඉතිං උල්පතක උනත් ගෙවල් හදන්න තරං තාක්ෂනය තියෙනවා. හැබැයි එතකොට වියදම වැඩියි. බේස් වලවල් ලොකුවට කපලා,කොන්ක්‍රීට් කරලා, ෆවුන්ඩේෂන් එක උඩින් ටයි බීම් එකක් දාලා ඒක උඩයි බිත්ති බදින්න වෙන්නේ. ඊළගට බිත්තියේ මුළු වලින් කොන්ක්‍රීට් කණු දාන්නත් වෙයි.

    ලොකු වාහන යන පාරක් අයිනේ ගේ හදනවා නං උනත් ඔය උඩ තියෙන විදියට කරන්න වෙයි. නැත්තන් වාහන වල කම්පනය නිසා ටික කාලයක් යද්දී ගෙයි බිත්ති ඉරි යයි.

    හැබැයි හොද පිහිටි පොළවක නං එච්චර මහන්සි වෙන්න ඕනි නෑ. සමානය විදියට බේස් එක දාගෙන,ටයිබීම් එකත් වැඩි හොදට දාගෙන,අගල් නමයේ පුච්චපු ගඩොලෙන් බිත්තිය බදිනවා නං බිත්ති වල මුළු අයිනෙන් කොන්ක්‍රීට් කණු යන්න ඕනි නෑ.

    තට්ටු දෙකට හදනවා නං ස්ලැබ් එක අගල් හතර හමාරක් වත් දාන්න ඕනි.

    අඩු වියදමෙන් හදනවා නං හොද පිහිටි පොළවක් තියෙන ඉඩමක් හොයා ගන්න. එකේ සමානය මට්ටමේ බේස් වලවල් කපලා, ෆවුන්ඩේෂන් එක දාලා, බ්ලොග් ගලෙන් බිත්තිය බදින්න. එතකොට හැබැයි බිත්ති මුළු වලින් අවශ්‍ය තැන් බලලා, බැලන්ස් කරලා කොන්ක්‍රීට් කණු දාගන්න.

    උලුවලු ජනෙල වලට නොම්බර එක නං කොස් ලී තමයි. කල්පවතිනවා, සත්තු කන්නේ නෑ. හැබැයි වියදම වැඩියි. ඒ නිසා ගොඩක් අය අඩු වියදම් ලී තමයි දාන්නේ.

    මම කියන්නේ පුළුවන් නං උළුවහු වලටවත් කොස් වගේ හොද ලියක් දාගන්න. මොකද බාල ලීයක්‌ දාලා ඒක අවුරුදු තාක් දහයක් යනකොට සවුත්තු උනාම කරදරේ.

    වියදම දරාගන්න අමාරු නං ටිකක් මිල අඩු ලී වර්ගයක් නේ යොදා ගන්න වෙන්නේ. එතකොට ඉතිං ඒවායේ හොද දැව ආරක්ෂක අලේපනයක් ගාගන්න.

    ගෙදරට අවශ්‍ය කම්බි වගේ දේවල් ගනිද්දී සංස්ථා කම්බි ගන්න. සිමෙන්තිත් සංස්ථා වගේ එකක් ගන්න. ස්ලැබ් එකට නං සංස්ථා සිමෙන්ති දාන්න බාස්ලා අකමැතියි , හයිවෙන්න ටිකක් කල්යන නිසා.

    මුළුගේම කොන්ත්‍රාත් දෙනවට වඩා සැහෙන ගානක් ඉතිරි කරගන්න පුළුවන් දවස් පඩියට බාස්ලා දම්මලා කරවනවා නං. හැබයි ඒකට ඔයාට ඒ ගැන දැනීමක් තියෙන්න ඕනි.

    කොහොමත් ලක්ෂ 35 කින් තට්ටු දෙකේ ගෙයක් හදන්න පුළුවන් හොද කොලිටි බඩු දාලා, මුළු ගේම ටයිල් කරලා. හැබැයි එහෙම කරන්න පුළුවන් අපි වැඩේ දන්නවා නං.

    කොන්ත්‍රාත් දුන්නොත් ලක්ෂ 50 ක් විතර යයි. අපි වැඩේ දන්නේ නැතිව බාස්ලා දම්මලා කෙරෙව්වත් ඒ ගානම යයි.

    watinawa machan rep9+ ;):cool:
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මම ගෙවල් හැදිල්ල ගැන ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා. ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන, එහෙමත් නැත්තං ගෙයක් හදාගෙන යන කෙනෙක් ඉන්නවා නං ඒක බැලුවොත් ඔයාලට මොනාහරි අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

    මෙතනින් ගිහිං ඒක බලන්න.


    ela
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    dan floor eka tile nokara concrete eka cut karala terazzo wage karana system ekak thiyenawa neda?
    mokakda ekata kiyanne??
     

    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18
    warga adi 3500 nam ,,tattu 2 gedaraka aduma warga adi 1500 tiyanawa , etokata 5 m witara yanawa...laksha 35 hadanne ge bagetada