ගෙල සිඳීම

A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීමන් ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවයේ ගෙල සිඳ ලූ හැටි

සංජන ප්‍රනාන්දු විසින්

ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද 'වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම' ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ වඩාත් ම මතභේදාත්මක තීරනයයි. අවසානයේ එය ගුවන් සමාගම විනාශ කල තීරණය වී තිබේ.

මෙම අවලංගු කිරීම නිසා ගුවන් සමාගමට ගෙවීමට සිදු වූ වන්දිය මෙසේය.

- ඩොලර් මිලියන 7.5 (ආරක්ෂිත තැන්පතු අහිමි විම)

- ඩොලර් මිලියන 17.7 (නිම වෙමින් තිබූ පළමු ගුවන් යානාවේ මූලික වන්දිය)

- ඩොලර් මිලියන 98.0 (ඉතිරි ගුවන් යානා තුන සඳහා වන්දි මූලික වන්දිය)

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් බදුකරුට (AerCap) ගෙවීමට සිදු වූ දඩ මුදල දැන් සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබුවත් එම දඩය ගෙවීමට ගත් ණය මුදල තවමත් සමාගමෙහි ශේෂ පත්‍රයේ දක්වා ඇති අතර එය ඊළඟ වසර 12 සඳහා සෑම වසරකම බිලියන 1.5 ක් බැගින් ගෙවීමට සමාගමට සිදුවේ.

මෙම ගුවන් යානා කථාව ඇරඹෙන්නේ 2013 ජුනි මාසයේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ A350 - 900 ගුවන් යානා 8 ක් මිලදී ගෙන වර්ථමානයේ භාවිතාවෙන වයෝවෘද්ධ ගුවන් යානා පන්ති යාවත්කාලීන කිරීම සඳහා උපායමාර්ගික සහ තාර්කික ව්‍යාපාර තීන්දුව ගැනීමත් සමගය.

මෙම නවීන A350 ගුවන් යානා යනු මධ්‍යම හා දිගු ගුවන් සේවා මෙහෙයුම්වල අනාගතය වන අතර ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළය. ආදායමෙන් 50% කට වඩා වැඩි මුදලක් ඉන්ධන පිරිවැය සදහා වියදම් කිරීමට සිදුවෙන වර්තාගත තෙල් මිල ඉහළයෑම් හමුවේ 25% කින් අඩු ඉන්ධන පරිභෝජනයෙන් පියාසර කරන මෙම කාර්යක්ෂම යානා ගුවන් සමාගම්වලට ස්වාභාවික ආරක්ෂක වැටක් සකසා දෙනු ලැබේ. ලෝකයේ අද දිනට සාපේක්ෂව ඇති ඉහළම ගුවන් පහසුකම් වලින් අනූන මෙම යානා නොමැතිව අද ගුවන් සමාගමකට වෙනත් ගුවන් සමාගම් සමඟ තරඟ කිරීමද අපහසුය.

A350 ගුවන් යානා අද ලෝකයේ ඉතා ජනප්‍රිය වී ඇත. විවිධ ගුවන් සමාගම් විසින් 500 කට අධික A350 ගුවන් යානා ප්‍රමාණයක් ඇනවුම් කර තිබුනත් තවමත් එයාර්බස් සමාගම බෙදාහැර ඇත්තේ ඒවායින් 20% ක් පමණි. ශ්‍රී ලංකා රජය අවලංගු කල නිම වෙමින් පැවති ගුවන් යානා චීනයේ Sichuan ගුවන් සමාගමට නැවත විකිණීමට එයාර්බස් සමාගමට අවශ්‍ය වූයේ සති 3ක් පමණි. එතරම් ඉල්ලුමක් සහිත මෙම යානා අවලංගු කිරීමම අවශ්‍ය නම් එයද මෙතරම් විශාල පාඩුවක් දරා ගෙන මේ ක්‍රමයට සිදු කිරීමේ අභිරහස දන්නේද යහපාලන රජයම පමණි.
 
ඒ අනුව මෙම යානා කල්බදු අවලංගු කල පසු පාඩු ලැබීම මෙසේය.

2016 - රු. බිලියන 2.6 ක පාඩුවක් (කල්බදු අවලංගු කිරීම)
2017 - රු. බිලියන 14.4 ක පාඩුවක් (කල්බදු අවලංගු කිරීම)
2018 සිට 2029 දක්වා - රු. බිලියන 19.2 (1.6 x 12) පාඩුවක් (ණය ගෙවීම්)
මෙම යානා කල්බදු අවලංගු නොකලා නම් ලාභ/පාඩු ලැබීම මෙසේය.

2016 - රු. බිලියන 0.2 ක පාඩුවක් (කාර්ය මණ්ඩල පුහුණුව)
2017 - රු. බිලියන 2.6 ක පාඩුවක් (මෙවලම් හා උපකරණ)
2018 සිට 2029 දක්වා - රු. බිලියන 52.8 (4.4 x 12) ලාභයක් (Incremental EBITDA)

0

මුලික විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ, මෙම යානා නියමිත පරිදි ශ්‍රීලංකන් යානා පොකුරට එක් කලේ නම් එම යානා ඉදිරි දොලොස් වසරක ලීසින් කාලය තුල සමාගමට එක් කරන අපේක්ෂිත ලාභය (Incremental EBITDA) වසරකට රුපියල් බිලියන 4.4 බැගින් සම්පූරණ රුපියල් බිලියන 50.3 කි (නමුත් යහපාලන රජය කියන අලාභය රුපියල් බිලියන 70.1 කි).

රුපියල් බිලියන 35 (ලීසිං අවලංගු කිරීමේ පිරිවැය (පළමු අදියර) සහ ලීසිං අවලංගු කිරීමට අළුතෙන් ගත් ණය ගෙවීම් (දෙවන අදියර))
 
0

ඇත්ත වශයෙන්ම ඉහළ අස්වැන්නක් සහිත යුරෝපීය මාර්ගවල A350-900 ගුවන් යානා භාවිතා කර මීටත් වඩා ලාභයක් ලැබීමේ ඉහළ අවස්ථාවක් ශ්‍රීලංකන් ගුවන් සමාගමට තිබුනි. ලෝකයේ ලොකුම බාහිර සංචාරක වෙළෙඳපොළ වන ජර්මනිය ඇතුළු ප්‍රධාන යුරෝපීය මාර්ග අවහිර කිරීම හේතුවෙන් රු. 2017 වසරේදී ගුවන් සමාගමට ගුවන් ගමන් සඳහා අතිශය ජනප්‍රිය මාර්ග අහිමි වීය. මෙම වටිනා මාර්ගයන් අවසන් කිරීම වත්කම් විනාශ කරන කෲරතර අභ්‍යාසයකි. දිවයිනේ සංචාරක කර්මාන්තය හා හෝටල් කර්මාන්තය සඳහා මෙම තීරණය මගින් කල බලපෑම හා හානිය අතිමහත්ය.

දූෂිත සුළු පිරිසක් විසින් දේශපාලනිකව උසි ගන්වන ලද මෙම සාහසික විනාශකාරී තීන්ඳු නොවන්නට ජාතික ගුවන් සේවයට මේ වන විට මෙම නවීන මොණරුන් සමඟ තවත් ආඩම්බර වීමට භාග්‍යය ලැබී තිබුනි. නමුත් ඒ සියල්ල අහිමි 'ශ්‍රීලංකන්' ඛේදජනක අවසානයක් කරා ගමන් ගනිමින් තිබේ.

0
 
sx1

Active member
  • Dec 1, 2007
    242
    51
    28
    Get your facts right before you talk.
    dont just copy paste things someone's blabbered.
    Srilankan has been in debt for as long as one can remember begining with the Mahinda regime.
    also one has to calculate the real lost by including the millions of dollars they took as commission.
    if they returned that im sure the airline can cash out 2 planes then and there.
    to add another fact. SriLankan is one of the most costly Airlines to travel in the region but claims to be running at a lost. someone's not doing the math right!! lol.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    :yes::yes::yes:
     
    ඉතින් මෙතන තියන විග්‍රහයේ අවුල් තැන් පෙන්වන්න කෝ..........

    දෙවනි කාරණය, ණය ගැන කතා කරලාවත් ඒක ප්‍රතික්ෂේප කිරීමක් වත් නැ.

    ඔයා කියන්නේ වාර්තා වල තියන අලාභය නෙමෙයි....කොමිසන් එක්ක අලාභය බලන්න ඕන කියලද? මේ තර්කය නම් මට තේරෙන්නේ නැ....දැන් අපි කියමු මොකක් හෝ සම්බන්ධයෙන් කොමිස් එකක් ගත්තා කියලා...එතකොට ඒ පාඩුව කොහොමත් ඔතනට ගිහින් නේ...
     
    This man is a paid writer from Nishantha Wicremasinghe.

    Two of the cancelled planes were ideling for almost one year.

    මේ මනුස්සයා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. මෑන් ඉන්වෙස්ට්මන්ට් බෑන්කර් කෙනෙක්. එයාට අපහාස නොකර කියන දේ බොරු කියලා ඔප්පු කලොත් නරකද? අපහාස වලින් ආණ්ඩු පෙරළුවට රටක් කරන්න බැ. යහපාලනය මුහුණ දීලා තියන යතාර්ථය ඒකයි.

    ...මොන ප්ලේන් දෙකම අයිඩ්ල් වෙලා තිබ්බේ? ලංකාවට ගෙන්න ගත්තේවත් නැති ප්ලේන් කොහොමද අයිඩ්ල් වෙන්නේ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ මනුස්සයා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. මෑන් ඉන්වෙස්ට්මන්ට් බෑන්කර් කෙනෙක්. එයාට අපහාස නොකර කියන දේ බොරු කියලා ඔප්පු කලොත් නරකද? අපහාස වලින් ආණ්ඩු පෙරළුවට රටක් කරන්න බැ. යහපාලනය මුහුණ දීලා තියන යතාර්ථය ඒකයි.

    ...මොන ප්ලේන් දෙකම අයිඩ්ල් වෙලා තිබ්බේ? ලංකාවට ගෙන්න ගත්තේවත් නැති ප්ලේන් කොහොමද අයිඩ්ල් වෙන්නේ?

    Now you know how they ordered?:D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    tenor.gif

    නැට්ටෙ හිටං ගොම ගෑවෙන සීන් එකක්...
    දැක්කෙ නෑ වගේ.... සිං ගාලා මාරුවෙන්න ඕන....
     
    Similar threads