ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

attachment.php


ගෙවත්තක් (garden) නිවසක් ලස්සන වීමට නම් අවට වට පිටාවත් සුන්දර විය යුතුයි. ගහක් කොලයක් නැති, පාට පාට මල් වර්ග නැති මිදුලක කොපමණ සුන්දර නිවසක් (home)ඉදි වුවත් එහි සැබෑ සුන්දරත්වය අත් විඳිය නොහැක. නිවසක සැබෑම සුන්දරත්වය මතු වන්නේ ගෙවත්තෙන් නිවසට ගැලපෙන පරිදි සුන්දරව සකස් කලොත් පමණි. ඒ වගේම ගෙවත්තක වගා කල යුතු මල් වර්ග(flowers), වැල් වර්ග සහ ගස් වර්ග තීරණය කල යුත්තේ නිවසේ හැඩය, උස, බිත්ති වලට යොදා ඇති වර්ණ අනුවය. මේ කරුණු කාරනා එක් තැන කර ගනිමින් ඔබේ ගෙවත්තට ගැලපෙන මල් වර්ග, ගස් වර්ග, සහ වැල් වර්ග පිලිබඳ ඔබව දැනුවත් කිරීමටයි අපි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ..


ගෙවත්තේ (garden) ඇති ගස් සේරම කපන්න එපා

නිවසක් සැදීමට තෝරා ගන්න ඉඩමේ පොල්, කොස්, පුවක්, අඹ සහ රඹුටන් ආදී ගස් තිබෙන්නට පුළුවන. සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරන විට බොහෝ දෙනෙකු කරන්නේ ඉඩමේ තිබෙන ගස් සියල්ල කපා නිවස ඉදි කිරීමට ආරම්භ කිරීමයි. මෙසේ නිවසේ තිබෙන ගස් සියල්ල කපා ඉවත් කලොත් එවැනි එක් ගසක් හෝ වවා ගැනීමට වසර ගණනාවක් ගත වේ. මේ නිසා නිසා ඉඩම සකස් කිරීමට ප්‍රථම වාස්තු විද්යාඥයෙකු වෙත යොමු වීමෙන් මේ අඩුපාඩුව සකස් කර ගැනීමේ අවස්ථාව ඔබට උදා වේ.

ගෙවත්තේ (garden) ඇති සුදුසු ගස් තෝරා ගන්න

ගහක් තනි කොළ පැහැ වීමට අවශ්‍ය නැහැ. ඔබ තෝරා ගන්නා ගසෙහි දළු, ගෙඩි සහ කොළ වර්ණ තුනක් නම් එයින් නිවසට ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයකි. බිලිං ගස මිට කදිම නිදසුනකි. එහි දළු දම් පැහැතිය. ගෙඩි ලා කොළ සහ කොළ තද කොළ පාටය. ඇහැළ ගස ද නිවසට ගෙන දෙන්නේ අපුරු සුන්දරත්වයකි. මෙවැනි වර්ණවත් ගස් ගෙවත්තේ ඉඩ ප්‍රමාණය අනුව එක් කර ගැනීමේ අවස්ථාව ඔබට හිමි වේ. විශේෂයෙන්ම තැඹිලි, කහ සහ සුදු ආලේප කර ඇති නිවෙසකට මෙවැනි කහ වර්ණ මල් ගස් වඩාත් උචිතය.


තාප්පයට මල් වැලක්

අද බොහෝ දෙනෙකු නිවස සදිමෙන් පසුව ඉඩම වටා තාප්පයක් බැඳීමට පෙළඹේ. මේ තාප්පය කොන්ක්‍රීට් තාප්පයක් වෙනවාට වඩා එමගිනුත් ස්වභාවික සුන්දරත්වය නිවසට එක් කර ග න්නට හැකි නම් කොතරම් වටිනවා ද? මේ විදිහට සොබා දහම සමඟ ගැවසෙන්නට කැමති ඔබට දැල් වලින් සැකසු ආවරණයකට මල් සහිත වැල් වර්ග යවමින් පිරිපුන් ආවරණයක් සකස් කර ගැනීමට අවස්තාව උදා වේ. මේ සඳහා තැම්භෝජියා නමැති මල් වර්ගය වඩාත් උචිතය. මේවා ඉතා ඉකමනින් වර්ධනය වන අතර මල් පැල අලෙවිසැල් වලින් ලබා ගත හැකිය. මේවා වර්ණ කිහිපයකින් ලබා ගත හැකිය.

විශාල ඉඩමකට කොළ ලොකු ගස්

ඉඩම විශාල නම් මිදුලේ කුඩා පැළෑටි වර්ග වගා කිරීමෙන් හෝ මල් පෝච්චි තැබීමෙන් පෙනුමක් ලඟා කර ගත නොහැක. ඉඩමේ ඉදිරිපස බහුලව තිබේ නම් උක් වර්ග, පුවක් වර්ග සහ ෆාර්ම් වර්ග වගා කල හැකිය.

උස බිත්ති ඇති නිවෙසකට සුදුසු ගස්

නිවෙස කුඩා නම්, උස බිත්ති තිබේ නම් එවැනි නිවෙසකට සුදුසු මොන වගේ ගස් ද ? මෙවැනි ගැටළු ඔබටත් තිබෙන්නට පුළුවන. මෙවැනි අවස්තාවක පුංචි ඉඩ ප්‍රමාණයක් තිබේ යැයි සිතා කුඩා ගස් වර්ග, මල් පෝච්චි තැබීමෙන් නිවසට සුන්දරත්වය ලඟා කර ගත නොහැකිය. බිත්ති වල භාගයක් උසට යන්නට හෝ උස ගස් දෙක තුනක් ( 2 – 3 ) වවා ගන්නට හැකි නම් ගෙවත්ත සමඟ නිවසට පෙනුමක් එක කර ගත හැකිය. ඉඩ පාඩු අඩු නිසා අතු නොබෙදෙන ගස් වවනවා නම් වඩාත් සුදුසුයි. ෆාම් ගස්, පුවක් ගස්, ලෙන්තැරි, කිතුල් ගස් වැනි ගස් වර්ග වාඩාත් උචිත වේ.

නවින පන්නයේ නිවසකට

ලොකු ජනෙල් යෙදු අවකාශ බහුල නවීන පන්නයේ නිවෙසකට වෙනස්ම ආකාරයේ ගස් වර්ග යොදා ගත හැකිය. පතොක් වර්ග, බිං පොල් සහ නුග වර්ග ද වඩාත් උචිතය. මෙමගින් වෙනත් රටක පෙනුමක් නිවසට ලඟා කර ගැනීමේ අවස්තාව ද උදා වේ.

attachment.php




Source http://thewoman.lk/garden-turnes-house-beautifull-plac
 

Attachments

  • garden thewoman.lk.jpg
    garden thewoman.lk.jpg
    81.7 KB · Views: 103
  • garden thewoman.lk 2.jpg
    garden thewoman.lk 2.jpg
    15.9 KB · Views: 134